පර්යේෂණ සාර්ථක වුවහොත් ලබන වසරේ මුල සිට සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම කොරෝනා එන්නත නොමිලේ ලබාදෙන බවට අගමැති මොරිසන් ප්‍රකාශයක් (SBS සිංහල/ වාර්තා)

Prime Minister Scott Morrison tours the Astra Zeneca laboratories in Macquarie Park, Sydney, Wednesday, 19 August, 2020.

Prime Minister Scott Morrison tours the Astra Zeneca laboratories in Macquarie Park, Sydney, Wednesday, 19 August, 2020. Source: AAP

කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ පර්යේෂණ සාර්ථක වුවහොත් ලබන වසරේ මුල සිට සෑම ඔස්ට්‍රේලියානුවෙකු හටම එය නොමිලයේ ලබාගත හැකි බවට අද (19/08) ප්‍රකාශ කෙරුණි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison විසින් මේ බව අද නිවේදනය කළේය.
Sydney man Edward O'Neill is one of the first to be injected with a potential coronavirus vaccine at Oxford University.
ادوارد اونیل، ساکن اصلی سیدنی یکی از نخستین کسانی بود که واکسین احتمالی دانشگاه آکسفورد را تزریق کرد. Source: SBS

කොරෝනා එන්නත නොමිලේ

කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය සාර්ථක වුවහොත් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට එය ලබා ගැනීම අනිවාර්ය කරන බවත් එය නොමිලයේ ලබා දෙන බවත් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrisonඅද (19/08) පැවසුවේය.

කොරෝනා වයිරසයට එරෙහිව Oxford විශ්ව විද්‍යාලය විසින් නිපදවමින් සිටින ඖෂධය ආරක්‍ෂිත සහ කාර්යක්‍ෂම එකක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

එසේ වුවහොත් ලබන වසරේ සිට එම එන්නත ජනතාවට ලබා දීමට කටයුතු කිරීමටද ඔහු අපේක්ෂා කරයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඊටත් පෙර අපට එය ලබාගත හැකි වුවොත් පෙරාතුවම එය ජනතාවට ලබා දෙන බව අද පැවති Seven රූපවාහිනියේ Sunrise වැඩසටහනේදී අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

එය ඔබට පහසුවෙන් ලබාගත හැකි නිසා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමටද අපේක්ෂා කරන බව අගමැතිවරයා පැවසුවේය.

අපේක්ෂිත එන්නත් අනුපාතය

Oxford විශ්ව විද්‍යාලය සිදුකරමින් යන මෙම එන්නත නිපදවීමේ ක්‍රියාවලියට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් වන AstraZeneca ද සම්බන්ධ වී සිටියි.

කොරෝනා එන්නත ඔස්ට්‍රේලියානුවන්ගෙන් 95% ක්ම ලබාගැනීමේ ඉලක්කය ඔස්ට්‍රේලියාව සතුවන බව ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පැවසුවේය.

මෙහිදී අනවශ්‍ය ඉක්මන්වීම් හෝ කෙටි මාර්ගයන් ඔස්සේ ගමන් නොකරන බවත් රට පුරා මෙම එන්නත් අනුපාතය 95% මට්ටමට පැමිණිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී මෙම ඉලක්කය සාමාන්‍ය ඉලක්කයක් බවද ඔහු පැවසීය.

මේ අතර මෙම ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කිරීමට උත්සහ දරන ප්‍රති- එන්නත් කරුවන් (anti-vaxxers) පිළිබඳවද තමන් සැලකිලිමත් වන බව අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

ඔබ මෙය ලබා ගත යුත්තේ ඔබ වෙනුවෙන්, ඔබේ පවුලේ උදවිය වෙනුවෙන් සහ ඔබේ සහෝදර ඔස්ට්‍රේලියානු ජනතාව වෙනුවෙන් බව අගමැතිවරයා පැහැදිලි කළේය.

අදාළ ගිවිසුම යටතේ මෙම එන්නත නිපදවා බෙදාහැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබේ.

මෙම එන්නත් ක්‍රමෝපාය බිලියන ගණනක් වටිනා යැයි අපේක්ෂා කෙරේ.

2021 මුල් භාගය දක්වා දිවෙන Oxford විශ්ව විද්‍යාලයේ අත්හදා බැලීම් එක්සත් රාජධානියේ, බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ සිදු වෙමින් පවතින අතර ඇමෙරිකා එක්සත් ජනපදයේදී ද නුදුරේදීම ආරම්භ වීමට නියමිතය.

කොරෝනා එන්නත් නිදවීම

පූර්ව සායනික හා සායනික අත්හදා බැලීම් වලදී එන්නත් අපේක්ෂකයින් 167 දෙනෙකු පිළිබඳව ඔස්ට්‍රේලියානු වෛද්‍ය උපදේශකයින් දැනුවත්ය.

එයට මිනිසුන් යොදාගෙන සිදුකළ සායනික අත්හදා බැලීම් 29 ක් ද ඇතුළත් වේ.

මෙම විශේෂිත එන්නත මෙතෙක් ඔප්පු කර නොමැති තාක්‍ෂණයක් වන නමුත් ආරම්භක ප්‍රතිපල ඉතා ධනාත්මක බව ඔස්ට්‍රේලියාවේ වැඩබලන  ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.

මේ අතර ඔස්ට්‍රේලියාව එක් එන්නතක් මත පමණක් බලාපොරොත්තු තබා නොගන්නා බවට සහතික වීම සඳහා ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මහාචාර්ය Brendan Murphy ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් විසින් සියලු විකල්පයන් පරීක්ෂා කරමින් සිටී.

එන්නත් සංවර්ධනය හා බෙදා හැරීම වේගවත් කිරීම සඳහා ගෝලීය සම්පත් එක්රැස් කිරීම අරමුණු කරගත් Gavi-led COVAX සමඟ ද  ඔස්ට්‍රේලියාව සාකච්ඡා කරමින් සිටී.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service