ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී පුවත් ඉදිරිපත් කරන්නන් සහ මාධ්‍ය ආයතන ඉහල පුටුවල සිටින බොහෝ අය සුදු ජාතිකයින් : නවතම වාර්තාවක් හෙළි කරයි (SBS සිංහල වාර්තා)

Meda

Source: Flickr

ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු පිළිබඳ සිදු කල වැදගත් අධ්‍යයනයකින් මේ බව හෙලිව තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියානු පුවත් ඉදිරිපත් කරන්නන්, විචාරකයින් සහ වාර්තාකරුවන් ගෙන් 76% දෙනා Anglo-Celtic හෙවත් බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත සම්භවයක් පවතින පුද්ගලයින් වේ.

6% පමණ දෙනා පමණක් ආදිවාසී හෝ යුරෝපීය සම්භවයක් නොපවතින පුද්ගලයින් වන අතර, අනෙකුත් 18%ක් පමණ දෙනා Anglo-Celtic නොවන යුරෝපීය පසුබිමක් පවතින පුද්ගලයින් බවද හෙළිව තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 

සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මාධ්‍යවේදීන් 300 දෙනෙකු පමණ යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණයෙන් සොයාගෙන ඇත්තේ ඔවුන්ගෙන් 76% පමණ ප්‍රතිශතයකට විවිධ පසුබිම් තිබීම හේතුවෙන් සිය වෘත්තීය දියුණුවට බාධාවක් පවතින බවයි.

ඔස්ට්‍රේලියාව තුල ලාබ නොලබන ආයතනයක් වන Media Diversity Australia ආයතනය මගින් මෙම සමීක්ෂණය සිදුකොට ඇති අතර ඔවුන් පවසන්නේ මෙය ඕස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රවෘත්ති සේවාවෙහි පවතින සංස්කෘතික විවිධත්වය පිළිබඳව ගැඹුරින් සිදුකල පළමු සමීක්ෂණය බවයි. එමෙන්ම විවිධ සංස්කෘතික පසුබිම් සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය වැඩි වශයෙන් සිදුකළහොත් මෙම ක්ෂේස්ත්‍රයට ඇදහිය නොහැකි දිගු ගමනක් යාමේ හැකියාව පවතින බවද Media Diversity Australia ආයතනය සිය වාර්තාවේ සඳහන් කොට තිබේ.

ඔස්ට්‍රේලියාව තුල බොහෝ රූපවාහිනී ආයතන ආදිවාසී කාලීන තොරතුරු පිළිබඳව වැඩි තැකීමක් සිදු නොකරන අතර එය වැඩි වගකීම් සහිත බැරෑරුම් කටයුත්තක් ලෙස සලකන බව, දැනට ඕස්ට්‍රේලියාවේ පවතින එකම ආදිවාසී රුපවාහිනී නාලිකාව වන SBS මාධ්‍ය ආයතනයෙහි NITV රුපවාහිනී නාලිකාවෙහි ප්‍රවෘත්ති අංශයේ හිටපු මාධ්‍යවේදිනියක වන සහ දැනට නිදහස් මාධ්‍යවේදිනියක වශයෙන් කටයුතු කරන Hayman-Reber පවසා තිබේ. එසේම ඕස්ට්‍රේලියාවේ සෑම  මාධ්‍ය ආයතනයකම ප්‍රවෘති අංශයේ  එක් මාධ්‍යවේදියෙකු වත් ආදිවාසී පසුබිමකින් පැවත එන පුද්ගලයෙකු වියයුතු බවටත් ඇය වැඩිදුරටත් පවසා සිටී . 

ABC සහ SBS මාධ්‍ය ආයතන තුල සංස්කෘතික විවිධත්වය මැනීමට සහ වාර්තා කිරීමට ප්‍රතිපත්ති පැවතියද සෙසු වාණිජ මාධ්‍ය ජාලයන් එසේ සිදු නොකරන බව ඇය සඳහන් කොට තිබේ.

Media
Source: Flickr

Media Diversity Australia ආයතනය මගින් McKinsey නම් උපදේශන සමාගමක් සිදුකල සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් සිය වාර්තාවේ සඳහන් කොට ඇත්තේ, සංස්කෘතික විවිධත්වය ඉහල නැංවීම සංවිධානයක ඉහල මට්ට්ටමින්ම ආරම්භ වියයුතු බවයි.

එමෙන්ම එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ මාධ්‍ය ආයතන හා සසඳන කල ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන සංස්කෘතික විවිධත්වය නියෝජනය සහ ගැටලුවට ප්‍රතිචාර දැක්වීම යන කරුණු ද්විත්වයේදීම පසුගාමී බවක් දක්වන බවද එම වාර්තාවේ සඳහන්.

එක්සත් රාජධානියේ රූපවාහිනී කර්මාන්තය තුල විවිධත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති Creative Diversity Network හි ප්‍රධානී Deborah Williams පසුගිය වසරේදී ABC පුවත් සේවය වෙත පවසා ඇත්තේ මීට වසර 20කට පෙර එක්සත් රාජධානියේ මාධ්‍ය ආයතන පැවති තත්වයේ මේ වන විට ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන පවතින බවයි.

ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ ඉතා ඉහල ප්‍රතිශතයක් සුදු ජාතික පිරිමි පුද්ගලයින්

ABC, Seven සහ Nine මාධ්‍ය ආයතනයන්හි පුවරු වල අධික ලෙස Anglo-Celtic සම්භවයක් පවතින පුද්ගලයින්ගේ රූප ඇතුලත් වන අතර ABC මාධ්‍ය ආයතනයේ පුවරුවල 67%ක් කාන්තාවන්ගේ රූප ඇතුලත් වේ.

නමුත් SBS මාධ්‍ය ආයතනයේ පුවරු වල පවතින රූප තුල සංස්කෘතිකමය සහ ස්ත්‍රී සහ පුරුෂමය වශයෙන් සමානාත්මතාවයක් දක්නට ලැබෙන බව එම වාර්තාව අනාවරණය කොට තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


Hayman-Reber අවධාරණය කර සිටින්නේ ධනාත්මක සහ සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂා සහිත සේවා ස්ථානයක් ගොඩනැගීම සඳහා ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන තුල ආදිවාසී සම්භවයක් සහිත පුද්ගලයින් සහ විශේෂයෙන්ම ආදිවාසී සම්භවයක් සහිත කාන්තාවන් ඉහල කළමනාකාරීත්වයේ සහ ඉහල මට්ටමේ කතෘ තනතුරු වලට අනුයුක්ත කලයුතු බවයි.

වත්මන් ඕස්ට්‍රේලියානු සමස්ත මාධ්‍ය ක්ෂේස්ත්‍රය තුල එවැනි ඉහල තනතුරක, ආදිවාසී සම්භවයක් සහිත එක් අයකු පමණක් සිටීම අතිශය කනගාටුවට කරුණක් වන බවද ඇය සඳහන් කොට තිබේ.

 


Share

3 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now