ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සැප්තැම්බර් මාසයේ සිට ඇරඹෙයි (SBS සිංහල/ වාර්තා)

international students

Source: Getty Images/PeopleImages

ලබන මාසයේ දී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට ජාත්‍යන්තර සිසුන් සිය ගණනක් පැමිණීමට නියමිතය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

කොරෝනා වසංගතය අතරේ ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනක් (pilot program) ලෙස මෙය ක්‍රියාත්මක වේ.
international students
Source: AAP

ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහන

මෙම නියමු වැඩසටහන යටතේ ජාත්‍යන්තර සිසුන් 300 ක් පමණ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham ඊයේ (16/08) පැවසුවේය.

මෙහි සාර්ථකත්වය නිරීක්ෂණය කර කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාව පුරා සෑම ප්‍රාන්තයකටම හා ටෙරිටරියකටම  ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට සූදානම් වන බව ද ඔහු පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඒ අනුව අග්නිදිග ආසියානු කලාපයේ ජාත්‍යන්තර සිසුන් සැප්තැම්බර් මාසයේ මුලදී සිංගප්පූරුව හරහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතය.

එහිදී ඔවුන් අධීක්ෂණය යටතේ දින 14 ක් අනිවාර්යෙන් නම් කළ හෝටල් වල නිරෝධායනය විය යුතුය.

ඒ සඳහා වන වියදම දැරීමට එම ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල කැමැත්ත පළ කර තිබේ.
International students
Source: Getty Images/Klaus Vedfelt

මේ සඳහා ඇඩිලේඩ් තෝරාගත්තේ ඇයි?

කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ ප්‍රාන්තයක් ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය හැඳින්වේ.

එමෙන්ම විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ව සුරක්ෂිතව නිරෝධායනය කිරීමටද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ට එම පුද්ගලයින්ව නිරාවරණය නොවීමටද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට කටයුතු කළ බවත් ඒ අන්දමින්ම ජාත්‍යන්තර සිසුන් ගේ නිරෝධායන කටයුතුද සාර්ථකව සිදු කිරීමට ඔවුන්ට හැකිවේ යයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පැවසුවේය.

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් විශාල සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවෙන් පිටව ගිය බැවින් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් ගේ අයදුම්පත් 30% කින් පමණ අඩුවී ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ 2019/20 මුල්‍ය වර්ෂයේ දත්ත අනාවරණය කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත රටවල සිට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා යොමු කරන ලද ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම ඔස්ට්‍රේලියාව යළි අරඹා තිබේ.

ජාත්‍යන්තර සිසුන්ට වීසා සහන

කොරෝනා නිසා අගතියට පත්ව සිටින ජාත්‍යන්තර සිසුන්ට වීසා සහන කිහිපයක් ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාසයේදී පියවර ගත්තේය.

එම සහන පහත පරිදි වේ.

01. කොරෝනා වසංගතය හේතුවෙන් තම ඔරිජිනල් ශිෂ්‍ය වීසා එක යටතේ තම අධ්‍යන කටයුතු අවසන් කිරීමට නොහැකිවන/ නොහැකිවූ ජාත්‍යන්තර සිසුන්ට තවත් ශිෂ්‍ය වීසා එකකට නොමිලේ අයදුම් කිරීමට හැකියාව ලැබේ.

02. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය සනාථ කරන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ වල ප්‍රතිඵල සැපයීමට අවශ්‍ය සිසුන් හට අමතර කාලයක් ලබා දීම.

03. මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමග අධ්‍යන කටයුතු සිදු කරන සිසුන්ට එම කාලය ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලැබූ බවට සලකා post-study work වීසා (Sub Class 485) එකට අයදුම් කිරීමට සුදුසුකම් ලබා දීම.

04. කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී සිටින සිසුන් හට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටම තම පාඨ මාලාව අවසන් කිරීමන් පසු පිරිනමන post-study work වීසා (Sub Class 485) එකට අයදුම් කිරීමට අවස්ථාව ලබා දීම.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සැප්තැම්බර් මාසයේ සිට ඇරඹෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala