Lockdown කාලයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ food delivery රැකියා සඳහා අයදුම්පත්‍ර දහස් ගණනක් (SBS සිංහල/ වාර්තා)

Lockdown restrictions hit Victorian women's and youth jobs, while applications for food delivery jobs rising

Source: Pixabay

මෙල්බර්න් නුවරට මේ වන විට පනවා ඇති 4 වන මට්ටමේ කොරෝනා නීති හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 11% දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas මේ බව රාජ්‍ය ගිණුම් හා ඇස්තමේන්තු කමිටුව හමුවේ කියා සිටියේය.
Victorian Treasurer Tim Pallas speaks to the media during a press conference at Parliament House in Melbourne, Saturday, March 28, 2020. (AAP Image/Erik Anderson) NO ARCHIVING
Victorian Treasurer Tim Pallas Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය

වික්ටෝරියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 9% දක්වා ඉහළ යනු ඇතැයි පසුගිය මාසයේදී පුරෝකතනය කළ නමුදු සැප්තැම්බර් මාසය වන විට එය 11% දක්වා ඉහළ යනු ඇතැයි ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

මාර්තු මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 5.2% ක්ව පැවතුණු අතර 11% යනු එම අගය මෙන් දෙගුණයකි.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති 4 වන මට්ටමේ lockdown නීති හේතුවෙන් මෙලෙස බරපතල ලෙස විරැකියා අනුපාතය ඉහළ යාමක් සිදුවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas පැවසීය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


1990 ගණන්වල අත්දකින ලද ආර්ථික අවපාතයෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තය මුහුණ දුන් දරුණුතම විරැකියා අනුපාතය ද මෙය බව ඔහු පෙන්වා දුන්නේය.

එළඹෙන දෙසැම්බර් කාර්තුවේදී 2 වන මට්ටමේ කොරෝනා නීති වලට යාමට හැකිවනු ඇතැයි ප්‍රාන්ත රජය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
AUSTRALIA CORONAVIRUS COVID-19
Source: Supplied

කාන්තා සහ තරුණ සේවකයින් ට කොරෝනා වයිරසයෙන් දැඩි පහරක්

කොරෝනා වයිරසයෙන් දැඩි ලෙස ආර්ථික පහරක් වැදී ඇත්තේ කාන්තාවන්ට සහ තරුණ සේවකයින් ට බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas පැවසීය.

මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ගේ රැකියා නියුක්තිය 5.7% කින් පහත බැස ඇති අතර පිරිමි පුද්ගලයින්ගේ රැකියා නියුක්තිය 4.2% කින් පහත බැස තිබේ.

එමෙන්ම අදාළ කාල සීමාව තුළ වයස අවුරුදු 30 ට අඩු පිරිස් වල සේවා නියුක්තිය 11.3% කින් අඩුවී ඇති බවත් අවුරුදු 30 ට වැඩි පිරිස් වල සේවා නියුක්තිය2.3% කින් පමණක් පහත වැටී ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම මට්ටමේ විරැකියා අනුපාතයත් සමඟ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගත වන බවද ඔහු සඳහන් කළේය.
Uber eats rider
Source: Getty Images

ආහාර බෙදා හැරීමේ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතිවී ඇති මෙම විරැකියා අර්බුදයත් සමග food delivery හෙවත් ආහාර බෙදා හැරීමේ රැකියා සඳහා විශාල පිරිසක් ඉල්ලුම් කරමින් පසුවන බව වාර්තා වේ.

මෙලෙස විශාල අමතර පිරිසක් අලුතින් ආහාර බෙදා හැරීමේ රැකියා ක්ෂේත්‍රයට පිවිසීමත් සමග එම රැකියා කරමින් පසුවූ පුද්ගලයින් ගේ ආදායම හරි අඩකින් පමණ අඩුවී ඇති බවද සඳහන්.

ඒ අනුව මේ වන විට ආහාර බෙදා හැරීමේ රැකියා වල නියුතු බොහෝ දෙනා හට දිනකට ඩොලර් 100 ක් හෝ උපයා ගැනීම ඉතා අපහසු වී ඇත.

මාර්තු මාසයේ කොරෝනා නීති හඳුන්වා දීමත් සමග ආහාර බෙදා හැරීමේ ජාලයක් වන EASI සමගම වෙත යොමු කරන අයදුම්පත් ප්‍රමාණය 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම හා ප්‍රධානතම ආහාර බෙදා හැරීමේ ජාලයක් වන Uber Eats සඳහා අලුතින් මෝටර් රථ මගින් ආහාර බෙදාහරින්නන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

ආහාර බෙදා හැරීමේ රැකියා සඳහා ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විට Uber Eats බෙදාහරින්නන් ලෙස අයදුම් කළ හැක්කේ මෝටර් සයිකල් හෝ පා පැදි හිමි යට පමණි.

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service