කොරෝනා අතරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කලාප දෙකකට කුරුළු උණ, කළුකුම් පක්ෂීන් දහස් ගණනක් මැරීමට සූදානම් (SBS සිංහල/ වාර්තා)

Bird flu spreads in two regions of Victoria

Source: Pixabay

කුරුළු උණ රෝගයක් නිසා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කලාප දෙකක දහස් ගණනක් කළුකුම් පක්ෂීන් මරා දැමීමට සැරසෙන බව වාර්තා වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කුරුළු උණ ආශ්‍රිතව ඇති ඉන්ෆ්ලුවෙන්සා වයිරසයක් (H5N2) එම සතුන්ට වැළදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් වේ.
Bird flu spreads in two regions of Victoria
Source: Pixabay

වික්ටෝරියානු ප්‍රාන්තයේ කලාප දෙකකට කුරුළු උණ

මෙලෙස කුරුළු උණ අවදානම ඇති ප්‍රදේශ කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ABC පුවත් වෙබ් අඩවියට අනුව එක් ප්‍රදේශයක් වන්නේ Lethbridge ය. එය වයඹ දිග Geelong හි පිහිටා තිබේ.

නැගෙනහිර වික්ටෝරියා කලාපයේ පිහිටි Bairnsdale අනෙක් ප්‍රදේශය වේ.

Lethbridge  යනු පසුගිය දින 10 තුළ කුරුළු උණ රෝගය පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කරන ස්ථානයකි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙම කුරුළු උණ රෝගය වැළඳුනු කළුකුම් පක්ෂීන් බොහොම මෑතකදී Lethbridge සිට Bairnsdale දක්වා ප්‍රවාහනය කර ඇති බව Agriculture Victoria හි ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී Graeme Cooke, ABC පුවත් සේවයට පැවසීය.

"මෙම වයිරසයේ ප්‍රභවය බොහෝ විට කැලෑ පක්ෂීන් (wild birds) වෙනවා. ඔවුන් හරහා මෙය පැතිරීම සිදුවනවා" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙලෙස ආසාදනයක් සිදුවූ විට එම ආසාදිත දේපල නම් නොකිරීම රජයේ ප්‍රතිපත්තියක් බවද  Agriculture Victoria හි ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී Graeme Cooke පැවසීය.

නමුත් Bairnsdale හි ඇත්තේ කළුකුම් පක්ෂීන් සිටින එක් ගොවිපොළක් පමණක් බව වාර්තා වේ.
Bird flu spreads in two regions of Victoria
Source: Pixabay

මහජනයාට අවදානමක් නැහැ

මෙම H5N2 වයිරසය පහළ ව්‍යාධිජනක වයිරසයක් බවත් එනිසා ඉහළ ව්‍යාධිජනක වයිරස වලට වඩා අඩු සායනික ලක්ෂණ ඇති කරන බවත් Agriculture Victoria ආයතනය පවසයි.

මෙම පහළ සහ ඉහළ ව්‍යාධිජනක වයිරස ආසාදනය වන්නේ කුකුලන්, තාරාවන්, පාත්තයන්, කළුකුම් පක්ෂීන්, Guineafowls, වටුවන්, වලිකුකුළන් සහ පැස්බරා යන පක්ෂීන්ට බව සඳහන්.

ජලජ පක්ෂීන් සහ මුහුදු පක්ෂීන් ඇතුළු කැලෑ පක්ෂීන් හරහා මෙම වයිරස පැතිරෙන බවද වාර්තා වේ.

මෙම සිදුවීමත් සමග ආහාර සුරක්ෂිතතා ගැටළු හඳුනාගෙන නොමැති බව ද වෛද්‍ය Cooke පැවසුවේය.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස පිසින ලද කුකුළු මස් සහ ගොවිපොළ වලින් බිත්තර ආහාරයට ගැනීම ආරක්ෂිත බවත් ඔහු පෙන්වා දුන්නේය.

රෝගී පක්ෂීන් සමඟ සෘජු හා සමීප සම්බන්ධතා පැවැත්වුවහොත් මිස මෙම වයිරස කිසිවක් මහජනයාට අවදානමක් ඇති නොකරන බව රජය පැවසූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Bairnsdale සමීපයේ කිලෝ මීටර් 2ක පමණ වූ ප්‍රදේශයකට සීමා පනවා ඇත.

නම් කරන ලද ප්‍රදේශය තුළ සහ ඉන් පිටත කුරුල්ලන්, උපකරණ සහ වෙනත් නිෂ්පාදන ගෙනයාමට වැඩිදුර දැනුම් දීමක් සිදු වන තුරු අවසර පත්‍රයක් අවශ්‍ය වේ.

Lethbridge ප්‍රදේශය සමීපයේ පිහිටි Golden Plains Shire කලාපයේ ඇති free-range බිත්තර ගොවිපොළ වල් මෙම වයිරසයෙන් සුරක්ෂිත බවද වාර්තා වේ.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service