වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා දෙවැනි රැල්ලට පාර කැපූ හෝටල් නිරෝධායන වැඩසටහනේ අඩුපාඩු පිළිබඳ ප්‍රාන්ත රජය හා මධ්‍යම රජය අතර පරස්පර විරෝධී ප්‍රකාශ (SBS සිංහල/ වාර්තා)

Who is exempt from hotel quarantine after entering Australia?

Who is exempt from hotel quarantine after entering Australia? Source: AAP

COVID-19 වසංගතයට වික්ටෝරියා ප්‍රාන්ත රජය දක්වන ප්‍රතිචාරය පිළිබඳව වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා අද (11/08) පාර්ලිමේන්තු විමර්ශනයකට මුහුණ දුන්නේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ට අමතරව ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos සහ සෞඛ්‍ය බලධාරීන් ද මෙම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
Victorian Premier Daniel Andrews has delivered the state's daily coronavirus update.
Victorian Premier Daniel Andrews Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ සහාය ලබා දීමට මුලදී ඉදිරිපත්වූ බව තමා විශ්වාස නොකරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද පැවති පාර්ලිමේන්තු විමර්ශනයේදී පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමට ප්‍රධානතම හේතුව බවට පත් වූයේ ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහනේ දුර්වල මෙහෙයවීම බවට පසුගිය සමයේ විශාල වශයෙන් චෝදනා එල්ල වන්නට විය.

ඒ සමගම රැකියා කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හෝටල් නිරෝධායන කටයුතු අධීක්ෂණය කරන ලද රහසිගත අභ්‍යන්තර දෙපාර්තමේන්තු වීඩියෝවක් බාහිරට නිකුත් වීමෙන් අනතුරුව රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Martin Pakulaහට ඉල්ලා අස්වන බවට ඉල්ලීමක් නොකළ බවද ප්‍රාන්ත අගමැති Andrews පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන අධීක්ෂණය කිරීමට පුද්ගලික අංශයේ ආරක්ෂක සමාගම් වලට බාර නොදී ඔස්ට්‍රේලියානු යුද හමුදාවට බාර නොදුන්නේ ඇයිදැයි Nationals පක්ෂයේ මන්ත්‍රී Danny O'Brien එම විමර්ශනයේදී ප්‍රාන්ත අගමැතිවරයාගෙන් ඇසුවේය.

"මම විශ්වාස කරන්නේ නැහැ ඔස්ට්‍රේලියානු යුද හමුදාව සහයෝගය ලබා දීමට ඉදිරිපත් වුණා කියලා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ත් එය ලබා දී ඇත්තේ සීමිත තත්ත්වයක් යටතේ පමණයි. එහිදී ආරක්ෂාව සැපයීම නොව ගුවන් තොටුපලේ සිට හෝටල් වෙත ප්‍රවාහනය සැපයීම පමණයි ඔවුන් සිදු කර ඇත්තේ" යනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊට පිළිතුරු දුන්නේය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වලට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණ කොරෝනා වසංගතය පාලනය කිරීමේ මෙහෙයුමට සහය වන ලෙස වික්ටෝරියානු හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Andrew Crisp ඉල්ලීමක් කළේය.
Qantas is facing a huge financial hole as international flights dry up during the coronavirus pandemic.
Qantas is facing a huge financial hole as international flights dry up during the coronavirus pandemic. Source: AAP

ආරක්ෂක අංශ වල ඉල්ලීම වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කළා

කොරෝනා වසංගතය මැඩලීමේ මෙහෙයුමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය ලබාගත හැකි බවට මාර්තු 27 වන දින අගමැති මොරිසන් විසින් සියලුම ප්‍රාන්ත වලට දැනුම් දුන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමතිනී Linda Reynolds අද පැවති සෙනට් විමර්ශන කමිටුව හමුවේ පැවසුවාය.

එම ප්‍රකාශයත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ගේ ප්‍රකාශය ඇය ප්‍රතික්ෂේප කළාය.

හෝටල් නිරෝධායන වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා නොකරන බව අගමැතිවරයාගේ ඉල්ලීම සිදුකළ දිනට පසුදින දැනුම් දුන් බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය.

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල හෝටල් නිරෝධායන වැඩසටහන් සඳහා සහය දැක්වීමට මාර්තු 28 වන දින ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ එකඟ වූ බවත් අප්‍රේල් 12 වන දින වික්ටෝරියානු බලධාරීන් විසින් තම ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන කළමනාකරණය කිරීමේ හැකියාව තමන් සතුව ඇති බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන්ට නැවත සහතික කළ බවත් ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමතිනී Linda Reynolds පැවසුවාය

වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන සම්බන්ධව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා සාවද්‍ය ප්‍රකාශ කරන බවට වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Michael O'Brien පැවසුවේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහය ලබා නොගැනීමට තීරණය කළේ ප්‍රාන්ත රජය බවද ඔහු පැවසීය.
ADF personnel and Victorian police officers are seen patrolling Fitzroy Gardens in Melbourne, Saturday, July 25, 2020.
ADF personnel and Victorian police officers are seen patrolling Fitzroy Gardens in Melbourne, Saturday, July 25, 2020. Source: AAP

මහජන නිවාස සංකීර්ණ වලට පැනවූ දැඩි lockdown නීති ගැනත් ප්‍රශ්න කෙරේ

Flemington සහ North Melbourne ප්‍රදේශ වල පිහිටි මහජන නිවාස සංකීර්ණ 9 කට දැඩි lockdown නීති පනවා එම නිවැසියන්ට ඉන් පිටතට යාමට පවා අවසර ලබා නොදුන් දිනවල ඔවුන්ට ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අඩුවක් පැවති බවට ග්‍රීන්ස් පක්ෂ මන්ත්‍රී Sam Hibbins අද ප්‍රශ්න කළේය.

අදාළ මහජන නිවාස සංකීර්ණ පිළිබඳව තීරණය කිරීමේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජයට වෙනත් විකල්පයක් නොතිබූ බවත් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ උපෙදස් මත ඒවා lockdown කිරීමේ තීරණය ගැනීමට සිදුවූ බවත් ප්‍රාන්ත අගමැති Andrews ඊට පිළිතුරු ලෙස පැවසීය.

එම තීන්දුව ප්‍රශස්ත එකක් විය නොහැකි බව ද ඔහු පිළිගත්තේය.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service