වික්ටෝරියානු ප්‍රාන්තයේ දෛනිකව වාර්තා වන කොරෝනා අසාදිතයින් ගේ සංඛ්‍යාව ක්‍රමිකව අඩුවෙමින් පවතින ආකාරයක් දක්නට ලැබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ සමගම මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති දැඩි කොරෝනා නීති ඉවත් කිරීම පිළිබඳව නැවතත් කතා බහක් ඇතිවී තිබේ.

දෛනිකව වාර්තා වන කොරෝනා අසාදිතයින් ගේ සංඛ්‍යාව පහළට
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 331 ක් සමග තවත් කොරෝනා මරණ 19 ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ඊයේ (10/08) පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 322 ක් සමග කොරෝනා මරණ 19 ක් වාර්තා විය.
ඊයේ සහ අද දින වල වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික COVID-19 ආසාදිතයින් පහත වැටීමට පටන් ගෙන තිබීම පිළිබඳ වසංගත රෝග විශේෂඥයෝ සුබවාදීව දකිති.
නමුත් මේ වන විට ප්‍රාන්තයට පනවා ඇති දැඩි කොරෝනා නීති හා සීමාවන් ලිහිල් කිරීමට පෙර ප්‍රාන්ත ළඟා විය යුතු "මැජික් අංකයක්" නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
"මෙය අවසන් වන්නේ කවදාදැයි දැන ගැනීමට සෑම කෙනෙකුටම අවශ්‍යයි, නමුත් ඉක්මන් තීන්දු නොගැනීමට අප මෙහිදී ප්‍රවේශම් විය යුතුයි." යනුවෙන් ඔහු ඊයේ (10/08) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එනිසා කොරෝනා නීති හා සීමාවන් ඉවත් කිරීමට දෛනික ආසාදිතයින් ප්‍රමාණය කොපමණ සංඛ්‍යාවකට පහත බැසිය යුතුදැයි නොම්මරයක් ලබා දීමට තමාට නොහැකි බවද ඔහු පැහැදිලි කළේය.

දෛනික කොරෝනා ආසාදිතයින් 100 ට අඩු විය යුතුය
වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 ට වඩා අඩු වුවහොත් පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීම පිළිබඳ සලකා බැලීමට හැකි බව වසංගත රෝග විශේෂඥ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන Mary-Louise McLaws, ABC පුවත් සේවයට පැවසුවාය.
නමුත් දෛනික ආසාදිතයින් 10 ට අඩු මට්ටමකට පැමිණෙන තෙක් මුව ආවරණ පැළඳීම අනිවාර්යෙන්ම කළ යුතු බව අද ඇය පැවසුවාය.
"මේ මොහොතේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ වර්ධනය මන්දගාමී වී ඇති අතර දෛනිකව වාර්තා වන සංඛ්‍යාව පහත වැටීමට පටන් ගෙන ඇත. නමුත් අවම වශයෙන් සති පහක් හෝ ගතවන තෙක් 100 ට අඩු සංඛ්‍යාවකට දෛනික ආසාදිතයින් පහත බසිනු යයි අපේක්ෂා කළ නොහැකියි." යනුවෙන්ද ඇය වැඩිදුර පැහැදිලි කළාය.

ආසාදිතයින් ගේ දෛනික අගය අවම වශයෙන් දින පහක් ස්ථාවර විය යුතුය
වික්ටෝරියානු ප්‍රාන්තයේ ආසාදිතයින් ගේ දෛනික අගය අවම වශයෙන් දින පහක් ස්ථාවර විය යුතු බව වසංගත රෝග විශේෂඥයෝ පවසති.
සති දෙකක කාලයක් තුළ දෛනික ආසාදිතයින් ගේ ප්‍රමාණය 100 ට වඩා අඩු සංඛ්‍යාවකට ගෙන ඒම වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉලක්කය වී ඇති බව බෝවන රෝග විශේෂඥ සංජය සේනානායක පැවසීය.
දෛනිකව අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම ඉතා සතුටට කරුණක් බවත් එම අඩු අගයන් අවම වශයෙන් දින පහක් හෝ ස්ථාවර තිබිය යුතු බවත් ඔහු පැවසීය.
නමුත් වයිරසය ආසාදනය වූ ආකාරය තවමත් හඳුනා නොගත් සිද්ධීන් මෙහිදී ප්‍රධාන බාධාවක් වන බවද ඔහු පැහැදිලි කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට වැනි ආසාදිතයින් 2,863 ක් සිටින බව වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ සති හයක් පුරාවට පනවා ඇති 4 වන මට්ටමේ lockdown නීති අවසන් වන විට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 10 ට අඩු සංඛ්‍යාවක් ගනී යයි බොහෝ දෙනා අපේක්ෂා කරන බව Walter and Eliza Hall නම් ඔස්ට්‍රේලියානු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ Marc Pellegrini පැවසීය.


