2019/20 සහ 2020/21 මුල්‍ය වසර සඳහා මිලියන ගණනක් ඔස්ට්‍රේලියානුවාසීන් තම Superannuation ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් ව්‍යාජ හා අසත්‍ය තොරතුරු මත එලෙස Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබාගත් පුද්ගලයින් හසු කරගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබා ගැනීම
කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්වූ පුද්ගලයින් හට ඩොලර් 10,000 දක්වා උපරිමයකට යටත්ව තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසර ලබා දුන්නේය.
2019/20 මුල්‍ය වසර ඩොලර් 10,000 දක්වාත් 2020/21 වසර සඳහා තවත් ඩොලර් 10,000 දක්වාත් තම Superannuation ගිණුම් වලින් මේ අනුව මුදල් ලබාගැනීමට අවසර ලැබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කෙසේවෙතත්, තාවකාලික වීසා ලාභීන්ට 2020/21 වසර සඳහා තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබාගැනීමට අවසර ලබා දී නොමැත.
ඒ සඳහා අවසර ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණි.
කොරෝනා වසංගතය නිසා තමාගේ රැකියාව හෝ ආදායම් මාර්ගය අහිමිවූ, තාවකාලිකව අහිමිවූ හෝ 20% කින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් සේවා පැය ගණන අඩුවූ පුද්ගලයින් මෙලෙස මුදල් ලබාගැනීමට සුදුසුකම් ලබයි.

ATO එකෙන් Super මුදල් ලබාගත් පුද්ගලයින්ව විගණනය කිරීමට නියමු ව්‍යාපෘතියක්
තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබාගත් පුද්ගලයින් නියමකාකර සුදුස්සන්ද නැතහොත් ව්‍යාජ හා අසත්‍ය තොරතුරු පවසා වංචනිකව මුදල් ලබාගත් උදවියද යන්න පරීක්ෂා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) මෑතකදී නව නියමු වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නියමු ව්‍යාපෘතිය හරහා තෝරාගත් ඔස්ට්‍රේලියානුවාසීන් සංඛ්‍යාවක් විගණනය කරමින් සිටින බවද වාර්තා වේ.
මෙම නියමු ව්‍යාපෘතිය මගින් විශාල පිරිසක් නීති උල්ලංඝනය කර ඇති බව සොයා ගතහොත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් මෙම විගණනය වඩා විශාල පරිමාණයකින් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ප්‍රවීණ බදු උපදේශක Mark Chapman පවසයි.
ඒ හරහා බොහෝ පිරිසකට දඩ නියම කිරීමටද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

දැන් ක්‍රමය වෙනස්
කොරෝනා වසංගතය හේතුවෙන් Online ක්‍රමය හරහා සරළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දීමෙන් Superannuation ගිණුම් වලින් මුදල් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඉඩ සලසා ඇත.
එහිදී සාක්ෂි ලෙස සනාථ කිරීමට කිසිදු ලියවිල්ලක් ඇමිණීමට අවශ්‍ය නොවේ.
නමුත් නොදැනුවත්ව හෝ වෙනත් ආකාරයකින් හෝ සුදුසුකම් නොලබන පුද්ගලයින් Superannuation ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවට දැන් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය නැවත සොයා බැලීමට පටන් ගෙන තිබේ.
මේ සඳහා අයදුම්පත් යොමු කරන අවස්ථාවේ දී එය පරික්ෂා නොකිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැන සිටි අතර, මූල්‍ය අර්බුදයක් වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් මිනිසුන්ගේ ගිණුම්වලට මුදල් ලබා දීම එයට හේතුව වී තිබුණි.
නමුත් ඉක්මනින් ක්‍රියා කිරීම සහ පසුව පරීක්ෂා කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ප්‍රසිද්ධියක් උසුලන බවත් එනිසා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නුසුදුසු පුද්ගලයින් Superannuation ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවට හෙළි වුවහොත් ඔවුන් හට දඩ ගෙවීමට සිදුවනු ඇති බව ප්‍රවීණ බදු උපදේශක Mark Chapman පවසයි.

දඩය කීයද?
සුදුසුකම් ලත් පුද්ගලයෙක් තම super මුදල් ලබාගතහොත් එම මුදල් වලට බදු අය කිරීමක් සිදු නොකෙරේ.
නමුත් යම් පුද්ගලයෙකු සුදුසුකම් නොලබා අතපසුවීමකින් super මුදල් ලබාගෙන තිබුණහොත් එම නැවත ලබාගත් super මුදල් සඳහා බදු පැනවීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පියවර ගනී.
එලෙසම තමන් නුසුදුසු බව දැන දැනම super මුදල් නැවත ලබාගත් බවට සනාථ වුවහොත් එලෙස නැවත ලබාගත් super මුදල් වලට බදු ගෙවීමට අමතරව එම පුද්ගලයින්ට $12,600 ක උපරිම දඩයකට ද යටත් වීමට සිදුවේ.
2019/20 හා 2020/21 මුල්‍ය වසර දෙක සඳහාම එම වැරැද්ද සිදු කර ඇතිනම් එම දඩය දෙගුණ වන බවද වාර්තා වේ.


