මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට 4 වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති අතර සැප්තැම්බර් 13 තෙක් සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදා අළුයම 5 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම කාලය තුළ රැකියා ස්ථාන, ව්‍යාපාර සහ විවිධ සේවාවන් වල කටයුතු වසා දමා හෝ සීමා කර හෝ තිබෙන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වේ.
මෙම 4 වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති කාලයේ මෙල්බර්න් වැසියන්ට තම දෛනික කටයුතු කරගත යුතු ආකාරය පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

භාණ්ඩ මිලට ගැනීම
ඔබේ නිවසේ සිට කිලෝ මීටර් 5 ක් ඇතුළත පිහිටි සුපිරි වෙළෙඳ සැලට, එළවළු හෝ පළතුරු වෙළෙඳ සැලට, අනෙකුත් සිල්ලර බඩු වෙළෙඳ සැලට ඔබට යාමට අවසර ඇත.
නමුත් එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් භාණ්ඩ මිලට ගැනීම සඳහා නිවසින් පිටවිය යුතුය.
ඉල්ලුමට අනුව භාණ්ඩ සැපයුම ඇති නිසා උන්මත්තකව (panic buy) භාණ්ඩ මිලට නොගත යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
මෙම කාලය තුළ මත්පැන් හල්ද විවෘතව පවතී.

තවමත් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිල දී ගෙන ඒවා නිවසට ගෙන්වා ගත හැකිද?
ඔව්, ඔබට ප්‍රධාන වෙළඳ සැල් වලින් online ක්‍රමයට භාණ්ඩ මිල දී ගෙන ඒවා නිවසට ගෙන්වා ගත හැකිය.
තැපැල් කාර්යාල සහ භාණ්ඩ ප්‍රවාහනය හා බෙදාහරින සේවාවන් තවමත් ක්‍රියාත්මක වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
Hardware සාප්පුවකට හෝ උද්‍යාන සම්බන්ධ වෙළෙඳ සැලකට යා හැකිද?
Stage 4 lockdown කාලය තුළ ඔබට Hardware සාප්පුවකට හෝ උද්‍යාන සම්බන්ධ වෙළෙඳ සැලකට යා නොහැකිය.
ඒවාට යා හැක්කේ අදාළ වෘත්තිකයින්ට පමණි.
නමුත් online ක්‍රමයට ඇණවුම් කර අදාළ භාණ්ඩ ලබාගත හැකිය.

කොණ්ඩය කපා ගැනීමට අවශ්‍ය නම්?
මෙම සති 6 තුළ කොණ්ඩය කපන ස්ථාන හා කොණ්ඩා මෝස්‌තර දමන ස්ථාන වසා දමා තිබේ.
පිරිසිදු කිරීමේ හා තණකොළ කපන සේවා ක්‍රියාත්මක ද?
පිරිසිදු කරන්නන් (cleaners) ඔබේ නිවසට ගෙන්වා ගැනීම මෙම කාලය තුළ තහනම් වන අතර තණකොළ කපන්නන් ද ඔබේ මිදුලට ගෙන්වා ගැනීමට ඔබට අවසර නැත.
ව්‍යායාම් සඳහා යා හැකිද?
පැයක උපරිම කාලයක් දක්වා ඔබේ නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුරක් ඇතුලත ඔබට ව්‍යායාම් සඳහා නිවසින් බැහැරවිය හැකිය.
ව්‍යායාම් සඳහා ඔබට මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු වැනි තවත් එක් පුද්ගලයෙකු පමණක් එක් කරගත හැකිය.

වෛද්‍යවරයා මුණ ගැසීමට යා හැකිද?
ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකු හට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛද්‍යවරයා වෙත හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත හෝ යාමට අවසර ලැබේ.
එමෙන්ම රෝගියෙකු හෝ වියපත් පුද්ගලයෙකු රැකබලාගැනීමට ද ඔබට නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.
හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය
ඔබේ නිවසේ යම් කිසි හදිසි පිළිසකර කිරීමක් වැනි කටයුත්තකදී ඔබට ඊට අදාළ වෘත්තිකයෙකුට අමතා එම සේවය ලබාගත හැකි අතර හදිසි අවස්ථාවකදී ඔබට නිවසින් පිටවීමට අවසර ලැබේ.
එමෙන්ම පශු වෛද්‍යවරයා වෙත ඔබේ සුරතල් සත්ත්වයා රැගෙන යාමටද ඔබට අවසර ඇත.

ඔබේ සහකරු හෝ සහකාරිය දැකීමට යා හැකිද?
කිලෝ මීටර් 5 ක දුරකට වඩා වැඩි දුරක සිටියත් ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය දැකීම සඳහා නිවසින් පිටව යාමට අවසර ලැබේ.
කොරෝනා නීති උල්ලංඝනය කළොත්?
මුව ආවරණයක් නොමැතිව නිවසින් බැහැරව ගියහොත් ඔබට $200 ක දඩයකට යටත් වීමට සිදුවේ.
ස්වයං නිරෝධායනය වීමට තිබියදී නිවසින් බැහැරව ගියහොත් $4,957 ක on-the-spot දඩයකට යටත් වීමට සිදුවේ.
යම් හෙයෙකින් ඔබේ වැරැද්ද අධිකරණය දක්වා ගියහොත් $20,000 ක් දක්වා වූ දඩයකට ඔබට යටත් වීමට සිදුවේ.


