වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්වයං නිරෝධායනය විය යුතු 800 ක් නිවෙස් වල නැති බව හෙළිවෙයි, නීති උල්ලංඝනය කරන්නන්ට $4,957 ක් දඩ (SBS සිංහල/ වාර්තා)

Victorian Premier Daniel Andrews has delivered the state's daily coronavirus update.

Victorian Premier Daniel Andrews Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්වයං නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හට $4,957 ක දඩයක් නියම කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මේ බව අද (04/08) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය

ස්වයං නිරෝධායනය විය යුතු 800 කට අධික සංඛ්‍යාවක් නිවෙස් වල නැහැ

වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්වයං නිරෝධායනය විය යුතු 800 කට අධික සංඛ්‍යාවක් නිවෙස් පරීක්ෂා කිරීමේදී නිවෙස් වල නොසිටි බව අද (04/08) හෙළිදරව් කෙරිණි.

මේ හේතුවෙන් ස්වයං නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හට $4,957 ක දඩයක් නියම කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

වික්ටෝරියානු ප්‍රාන්තයේ on-the-spot දඩ අතරින් විශාලතම දඩය මෙය වන බවද ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය බලධාරීන් විසින් අද පෙරවරුවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්වයං නිරෝධායනය විය යුතු පුද්ගලයින් 3000 කට අධික පිරිසකගේ නිවෙස් වලට ගොස් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී 800 කට අධික ප්‍රමාණයක් නිවෙස් වල රැදී නොසිටි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ස්වයං නිරෝධායනය වීමට උපදෙස් දුන් පුද්ගලයින් හට ව්‍යායාම් කිරීම සඳහා හෝ තම නිවෙස් වලින් බැහැර වීමට නොහැකිය.

මෙම වරද නැවත නැවතත් සිදු කර ස්වයං නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හට අධිකරණය හරහා $20,000 ක දඩයකට යටත් වීමට සිදුවේ.

ස්වයං නිරෝධායනය විය යුතු නමුත් නිවෙස් වල නොසිටි පිරිස් පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බවද වාර්තා වේ.

ඇඳිරි නීතිය සමයේ ත් දඩ නිකුත් කෙරේ

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට අගෝස්තු 02 වන දින සිට රාත්‍රී 8 සිට පසුදා අළුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවේ.

ඊයේ රාත්‍රියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ වේලාවේ ද බොහෝ පිරිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ග වල ගමන් ගත් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් කටයුතු පිළිබඳ ඇමතිනී Lisa Neville පැවසුවාය.

ඊයේ රාත්‍රියේ එක් පුද්ගලයෙකු ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කරන විට පොලිසියට හසු වී ඇති අතර තමන්ට නිවසේ රැදී සිටීමට කම්මැලි නිසා පිටතට පැමිණි බව පවසා ඇත.

තවත් පුද්ගලයෙකු රාත්‍රී 8 න් පසුව මෝටර් රථයක් මිලට ගැනීමට ගොස් සිටි අතරේ හසුවී තිබේ.

කොරෝනා නීති උල්ලංඝනය කිරීම නිසා ඊයේ දිනයේදී මෙල්බර්න් කලාපයේ පුද්ගලයින් 160 කට අධික පිරිසකට දඩ නිකුත් කර තිබේ.

එයින් දඩ 60 ක් මුව ආවරණ පැළඳීමේ නීති උල්ලංඝනය කිරීම නිසා නිකුත් කර ඇත.

මුව ආවරණ පැළඳීමේ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිකුත් කරන දඩය ඩොලර් 200 කි.

සෑම දිනකම පොලිස් නිලධාරීන් 1,500 ක් පමණ වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග වල පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බව වික්ටෝරියානු පොලීසියේ ප්‍රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසීය.

Sinhalese
Source: SBS Sinhala

Share

3 min read

Published

Updated

By Maani Truu, Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now