Breaking

4 වන මට්ටමේ කොරෝනා නීති නිසා මෙල්බර්න් කලාපයේ වසා දමන සහ විවෘතව තබන ව්‍යාපාර හා සේවා ස්ථාන මෙන්න (SBS සිංහල/ වාර්තා)

Victoria will probably have to stay under stage 2 coronavirus restrictions until vaccine is found

Victoria will probably have to stay under stage 2 coronavirus restrictions until vaccine is found Source: AAP

මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති හේතුවෙන් මෙල්බර්න් කලාපයේ සියලුම සියලුම සිල්ලර ව්‍යාපාර පාහේ අගෝස්තු 05 වන දා බදාදා රාත්‍රියේ සිට වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නියෝග කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (03/08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
Victorian Premier Daniel Andrews speaks to the media during a press conference in Melbourne, Friday, July 31, 2020. (AAP Image/Daniel Pockett) NO ARCHIVING
Victorian Premier Daniel Andrews speaks to the media Source: AAP

මෙල්බර්න් ව්‍යාපාර සහ සේවා ස්ථාන සඳහා පැනවූ නව නීති

මෙල්බර්න් ව්‍යාපාර සහ සේවා ස්ථාන ප්‍රධාන ඛාණ්ඩ 3 කට බෙදා ඒවා හට විවිධ මට්ටම් වල කොරෝනා නීති හා සීමාවන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (03/08) පස්වරුවේ නිවේදනය කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


පළමු ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන

පළමු ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන වසා නොදමන බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසුවේය.

කොරෝනා වසංගතය පවතින සමයේ ජන ජීවිතයට සහ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය යනුවෙන් හඳුනාගෙන ඇති මෙම පළමු පළමු ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන පහත පරිදි වේ.

  • සුපිරි වෙළෙඳ සැල් (supermarkets)
  • සිල්ලර බඩු වෙළෙඳ සැල් (grocery stores)
  • මත්පැන් වෙළෙඳ සැල් (bottle shops)
  • ෆාමසි
  • ඉන්ධන පිරවුම් හල් (petrol stations)
  • බැංකු
  • news agencies
  • තැපැල් කාර්යාල
  • සෞඛ්‍ය සේවා හා වෛද්‍ය සේවා සපයන මධ්‍යස්ථාන
People shop at Queen Victoria Market hours before a citywide curfew is introduced in Melbourne.
File: People shoping at the Queen Victoria Market, which was established in the late 1860s Source: AAP

දෙවැනි ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන

දෙවැනි ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන අගෝස්තු 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට සිව්වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සති හයක කාලය තුළ වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නියෝග කර ඇත.
දෙවැනි ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන සඳහා පහත පරිදි ඒවා අයත් වේ.

  • ඇඳුම්, පාවහන් වැනි සිල්ලර වෙළෙඳ සැල් (retail outlets)
  • නිෂ්පාදන ව්‍යාපාර (manufacturing businesses)
  • පරිපාලන සේවා (administration sector)
නමුත් මෙම ඛාණ්ඩයේ ව්‍යාපාර වලට තම භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ click and collect ක්‍රමයට අලෙවි කළ හැකි බවත් නැතිනම් බෙදා හැරීම් මගින් ක්‍රියාත්මක කිරීමට හැකි බවත් ප්‍රාන්ත රජය පවසයි.

තුන්වන ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන

තුන්වන ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන විවෘත කළ හැකි වුවද ඒවායේ කටයුතු සහ සේවක ධාරිතාව අගෝස්තු 07 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ යුතුය.
පහත ඒවා තුන්වන ඛාණ්ඩයේ ව්‍යාපාර හා සේවා ස්ථාන ලෙස නම් කර තිබේ.

  • ඉදිකිරීම් (construction)
  • මස් සැකසුම් හා බෙදාහැරීම් (meatworks)
වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම මස් සැකසුම් හා බෙදාහැරීම් මධ්‍යස්ථාන වල (meatworks) සේවය කරන සේවකයින් පුද්ගලික ආරක්‍ෂිත ඇඳුම් කට්ටල වලින් (PPE) වලින් සැරසී සේවය කළ යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (03/08) පස්වරුවේ නිවේදනය කළේය.
Abattoir
China has suspended imports from a Queensland abattoir Source: Getty Images

වසා දැමීමට නියම කළ ව්‍යාපාර සඳහා $5,000 ක්

සිව්වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති කාලයේ වසා දැමීමට නියෝග කළ සියලුම ව්‍යාපාර සඳහා $5,000 ක දීමනාවක් ලබා දීමාට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

අවන්හල්, ආපන ශාලා, රූප ලාවන්‍යාගාර, කාය වර්ධන මධ්‍යස්ථාන වැනි ව්‍යාපාර වලට මෙම දීමනාවට හිමිකම් කිව හැකි බවත් මෙම දීමනාව ඉක්මණින් ගෙවීමට හැකි බවත් ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

මෙම සෞඛ්‍ය අර්බුදය විසඳන තෙක්, කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය පහත බස්වන තෙක් ප්‍රාන්තයේ ආර්ථිකය යළි විවෘත කිරීමට අපහසු බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඇතැම් ව්‍යාපාර වසා දැමීමට නියෝග කළද උමතුවෙන් මෙන් භාණ්ඩ මිලට ගැනීම (panic-buying) නොකරන ලෙස ප්‍රාන්ත අගමැතිවරයා සියලුම වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටියේය.

සුපිරි වෙළෙඳ සැල්, සිල්ලර බඩු වෙළෙඳ සැල්, මත්පැන් වෙළෙඳ සැල්, ෆාමසි වැනි ව්‍යාපාර නොකඩවා විවෘත කර ඇති බැවින් සියලුම ජනතාවට අවශ්‍ය භාණ්ඩ, හිඟයකින් තොරව ලබා දීමට හැකියාව ඇති බැවින් උමතුවෙන් මෙන් භාණ්ඩ මිලට ගැනීම අනවශ්‍ය බව ඔහු පැහැදිලි කළේය.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Caroline Riches, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
4 වන මට්ටමේ කොරෝනා නීති නිසා මෙල්බර්න් කලාපයේ වසා දමන සහ විවෘතව තබන ව්‍යාපාර හා සේවා ස්ථාන මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala