වික්ටෝරියානු ප්‍රාන්තයට පැනවූ 'state of disaster' තත්ත්වය නිසා ප්‍රාන්ත රජයට හා පොලීසියට ලැබෙන අලුත් බලතල මෙන්න (SBS සිංහල/ වාර්තා)

Protective Service Officers patrol Swanston street before a citywide curfew is introduced in Melbourne, Sunday, 2 August, 2020.

Protective Service Officers patrol Swanston street before a citywide curfew is introduced in Melbourne, Sunday, 2 August, 2020. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයට ඊයේ (02/08) සවස 6 සිට මාසයක කාලයක් දක්වා බලාත්මක වන පරිදි 'state of disaster' හෙවත් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය දැනට පවතින "state of emergency" හෙවත් හදිසි තත්ත්වයට අමතරව ක්‍රියාත්මක වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


'state of disaster' හෙවත් ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජයට සහ පොලීසියට ලැබෙන නව බල තල පිළිබඳ මෙම ලිපියෙන් තොරතරු ඉදිරිපත් කෙරේ.
Victorian Premier Daniel Andrews has delivered the state's daily coronavirus update.
Victorian Premier Daniel Andrews Source: AAP

State of emergency සහ State of disaster තත්ත්ව අතර වෙනස කුමක්ද?

State of emergency

2020 මාර්තු 16 සිට අගෝස්තු මස 16 තෙක් වික්ටෝරියානු ප්‍රාන්තයේ state of emergency තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

මේ වන විට මහජන සෞඛ්‍යයට බරපතල අවදානමක් පැවතීම හේතුවෙන් 2008 මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පනත යටතේ state of emergency තත්ත්වය ප්‍රකාශ කර ඇත.

එම පනත මගින් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාට පුළුල් පරාසයක බලයක් හිමි කර දෙයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


පුද්ගලයින්ව නිරෝධායනයට යොමු කිරීම, විශාල ප්‍රමාණයෙන් ජනයා ඒක රාශී වීම වැළක්වීම සහ ප්‍රාන්ත වැසියන්ගේ අනෙකුත් හැසිරීම් සහ ක්‍රියාකාරකම් මත සීමා පැනවීම වැනි තීරණ ගැනීමට මේ හරහා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාට බලය හිමිවේ.

මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සාධාරණව වෙනත් මග පෙන්වීමක් ලබා දීමට පවා මෙම පනත පුළුල් බලයක් ලබා දෙයි.



State of disaster

මහජන සෞඛ්‍ය ගැටලුවලින් ඔබ්බට ගිය සිදුවීම් පිළිබඳ State of disaster තත්ත්වය යටතේ ක්‍රියාත්මක විය හැකිය.

ස්වාභාවික විපත්, පිපිරීම්, ත්‍රස්තවාදය හෝ ආක්‍රමණ වැනි හදිසි අවස්ථා සමඟ කටයුතු කිරීමට මේ හරහා බලය ලැබෙන නමුත් “බෝවන රෝගයක් පැතිර යන විට හෝ වසංගතයක්” සමඟ කටයුතු කිරීමට ද මෙය යොදා ගත හැකිය.

පසුගිය ග්‍රීෂ්ම කාලයේදී ඇතිවූ ලැව් ගිනි තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මෙය 2020 ජනවාරි මාසයේදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙය වේ.

එය ලැව් ගිනි අවදානම් කලාප වලට පමණක් පළමුව දින 7 කට ප්‍රකාශ කළ නමුත් පසුව එය කෙටි කාලයක් බල පැවැත්විණි.
නමුත් මෙවර State of disaster තත්ත්වය සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයටම බල පැවැත්වෙන ලෙස මාසයක උපරිම කාලයකට බල පැවැත්වේ.

මෙය දීර්ග කරනවානම් ඒ පිළිබඳ මේ මස අවසානයේ තීරණය කර යළි ප්‍රකාශ කිරීමට හැකිය.

පොලිස් හා හදිසි සේවා අමාත්‍යවරයාගේ සහ හදිසි කළමනාකරණ කොමසාරිස්ගේ උපදෙස් සලකා බැලීමෙන් අනතුරුව 1986 හදිසි කළමනාකරණ පනත මගින් වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයාට මෙවැනි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අවසර දී ඇත.
20200802001483127518-original.jpg

State of disaster තත්ත්වයක දී හිමිවන බලතල මොනවාද?

State of disaster තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම හරහා සියලු රජයේ ආයතනවල කටයුතු මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරීමේ වගකීම හා බලය පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට පැවරේ.

ආපදාවට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය පරිදි සම්පත් පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හට වෙන් කළ හැකිය.

ආපදාවට මුහුණ දීම සඳහා විශේෂ අන්දමින් ක්‍රියා කිරීමට හෝ ක්‍රියා කිරීමෙන් වැළකී සිටින ලෙසට හෝ පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට රාජ්‍ය ආයතනවලට උපදෙස් දිය හැකිය.

මෙහිදී පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට හිමිවන අතිශය ප්‍රබලම බලතලවලින් එකක් වන්නේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ නීති අණපනත් කඩ කිරීමාට් හෝ නොසලකා හැරීමට ලැබෙන බලය වේ.

ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට හෝ විසුරුවා හැරීමට විධායක බලතල ප්‍රාන්ත රජයන්ට නොමැති බව සියවස් ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජධානියේ පිළිගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි ආපදා තත්ත්වයකදී පාර්ලිමේන්තුවේ පනතක සමස්ත හෝ ඕනෑම කොටසක ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට බලය හිමිවේ.

මෙම බලය මත දැඩි සීමාවන් ද පනවා ඇත.

රජයේ ආයතනයක යුතුකම් හෝ වගකීම් නියම කරන පනතක විධි විධානවලට අනුකූලව රජයේ ආයතනයක් විසින් ආපදාවට ප්‍රතිචාර දැක්වීම වළක්වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් පමණක් පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මෙම බලය ක්‍රියාත්මක කළ හැකිය.

පොලිස් ඇමතිවරයාට පවරා ඇති අනෙකුත් අදාළ බලතල අතරට ආපදා ප්‍රදේශය (මුළු ප්‍රන්තයම) හෝ එහි යම් කොටසක් තුළට ගමන් කිරීම පාලනය කිරීමේ බලය සහ එම ප්‍රදේශ වලට ඇතුළුවීම හෝ පිටවීම පාලනය කිරීම ඇතුළත් වේ.

State of disaster තත්ත්වයක් ප්‍රකාශ කර ඇතිවිට ඇඳිරි නීතිය පැනවීමට හා බලාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට පැහැදිලි බලයක් ලැබේ.

කොරෝනා කටයුතු පරීක්ෂා කිරීමේදී මේ වන තෙක් පොලීසිය සමග සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු සිටිය යුතුය යන කොන්දේසිය State of disaster තත්ත්වය ප්‍රකාශ කිරීමත් සමග අවශ්‍ය නොවන අතර ඒ සියලු කටයුතු සඳහා වික්ටෝරියානු පොලීසියට බලය හිමිවේ.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Anne Twomey, Madhura Seneviratne
Source: The Conversation

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service