වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල රිය පදවන විට ජංගම දුරකතන භාවිතා කළොත් දඩ නිකුත් කරන විශේෂ කැමරා දැන් ක්‍රියාත්මකයි (SBS සිංහල/ වාර්තා)

speed camera

Mobile detection cameras with huge fines are now in place in Victoria and Queensland Source: AAP

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල අද (29/07) සිට Mobile phone detection cameras හෙවත් රිය පදවන විට රියදුරන් ජංගම දුරකතන භාවිතා කරනවාද යන්න හඳුනාගැනීමේ කැමරා ක්‍රියාත්මක වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


ඒ අනුව මාර්ග වල රිය ධාවනය කරන අතරේ ජංගම දුරකතන භාවිත කරමින් ඇමතුම් ගන්නා හෝ කෙටි පණිවිඩ යවනා පුද්ගලයින් ඒවා මගින් හසු කරගනිමින් විශාල දඩ මුදල් නිකුත් කිරීමට ප්‍රාන්ත රජයන් සූදානම් වෙයි.
Red-light-style cameras will be used to detect texting drivers in NSW. Source
Source: Getty Image

ජංගම දුරකථන හඳුනාගැනීමේ කැමරා

මෙම වර්ගයේ කැමරා දැනටමත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ භාවිත කරමින් පසුවෙයි.

අවධානය වෙනතකට යොමු කර සිටින රියදුරන් නිසා සිදුවන අනතුරු අවම කරගැනීම මේවායේ මූලික ඉලක්කය වේ.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල මෙම වර්ගයේ කැමරා දෙක බැගින් මුලදී ක්‍රියාත්මක කෙරෙන නමුත් පසුව එම ප්‍රාන්ත පුරා මෙම කැමරා ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.

මේ සඳහා අත්හදා බැලීම් අද (29/07) සිට සිදු කෙරෙන බව VicRoads ආයතනය පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙම කැමරා වල තාක්‍ෂණය නිවැරදිව ක්‍රියාත්මක වන බවට තහවුරු කරගැනීමට මෙන්ම මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ඒවා වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග වල භාවිත කිරීමට සුදුසු බවට සහතික කිරීම මෙම අත්හදා බැලීම මඟින් සිදු කෙරේ.

මෙහිදී high-definition කැමරා භාවිතා කරමින් වාහනවල ඉදිරිපස ආසන කැමරාව පසුකර යන විට ග්‍රහණය කර ගනී.

ඊට පසු කෘතිම බුද්ධිය භාවිතා කරමින් අදාළ ඡායාරූප ස්වයංක්‍රීයව සමාලෝචනය කිරීමකට ලක් කෙරෙන අතර එහිදී රියදුරා ඔහුගේ හෝ ඇයගේ දුරකතනය භාවිත කරමින් සිටී දැයි හඳුනා ගැනේ.

එලෙස ස්වයංක්‍රීය පද්ධතිය වැරදිසහගත රියදුරෙකු සලකුණු කරන්නේ නම්, දඩයක් නිකුත් කිරීමට පෙර එම ඡායාරූපය මිනිසෙකු විසින් සමාලෝචනය කරනු ලැබේ.
A mobile speed camera is seen on the M1 Motorway south of Brisbane, Monday, January 15, 2018. (AAP Image/Dave Hunt) NO ARCHIVING
Source: AAP Image/Dave Hunt

වික්ටෝරියානු හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල දඩ මුදල්

රිය ධාවනය කරන අතරේ ජංගම දුරකතන භාවිතා කරන රියදුරන් මෙම කැමරා වලට හසුවූ විට වික්ටෝරියානු ප්‍රාන්තයේ නම් $496 ක සහ demerit points 4  ක දඩයකට යටත් විය යුතුය.

නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ එම දඩය $1000 ක් සහ demerit points 4 ක් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙම වර්ගයේ කැමරා මූලිකවම හඳුන්වා දුන් සමයේ විශේෂ සහන කාලයක් නම් කෙරුණු අතර එම කාලයේ කැමරා වලට හසුවන රියදුරන් හට අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කෙරිණි.

නමුත් එම කැමරා සියල්ල පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීම ඇරඹු පසු විශාල දඩ මුදල් නිකුත් කිරීම ඇරඹිණි.

මේ ආකාරයේ ලොව ප්‍රථම කැමරා වර්ගය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක කළ අතර පළමු මාසයේ දී පමණක් ඩොලර් මිලියන 7 ක දඩ මුදල් ලබාගැනීමට ඒ හරහා හැකිවිය.

රිය ධාවනය කරන අතරේ ජංගම දුරකතන භාවිතා කරන රියදුරන් මාරක රිය අනතුරු වලට මුහුණ දීම සිව් ගුණයකින් ඉහළ බව සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

දුරකතන ඇමතුම් ගැනීමට වඩා කෙටි පණිවිඩ යැවීම, ඊමේල් යැවීම සහ අන්තර්ජාලයේ යම් යම් දේ සෙවීම නිසා එම අවදානම තවත් 10 ගුණයකින් පමණ වැඩිවන බවද එම දත්ත පෙන්වයි.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service