නොකඩවා ලැබුණු ඉල්ලීම් වල සහ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසයෙන් අගතියට පත් පුද්ගලයින් හට pandemic leave disaster payment හෙවත් වසංගත නිවාඩු ආපදා ගෙවීමක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison විසින් ඊයේ (03/08) මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කරන ලදී.

වසංගත නිවාඩු ආපදා ගෙවීම
කොරෝනා වයිරසය හේතුවෙන් ස්වයං නිරෝධායනය වීමට සිදුවූ නමුත් අසනීප නිවාඩු නොමැති වික්ටෝරියානු වාසීන් හට අදාළ දින 14 සඳහා $1,500 ක දීමනාවක් මෙහිදී ලබා දෙයි.
මෙම “වසංගත නිවාඩු ආපදා ගෙවීම” පදනම් වන්නේ වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් සකස් කරන ලද ආකෘතිය පදනම් කරගෙන බව ද අගමැති මොරිසන් පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එක් වරකට වඩා හෝ ස්වයං නිරෝධායනය වීමට සිදු වූ විට අසනීප නිවාඩු නොමැති නම් ඒ සෑම අවස්ථාවකදීම මෙම දීමනාවට හිමිකම් කීමට හැකි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ඊයේ පැවසුවේය.
කොරෝනා වසංගතය හමුවේ "ආපදා තත්ත්වයක්" ප්‍රකාශයට පත් කර ඇති ප්‍රාන්ත සඳහා පමණක් මෙම දීමනාව ලබා දෙයි.
මේ මොහොතේ සමස්ත ඔස්ට්‍රේලියාවම වික්ටෝරියානු ප්‍රාන්තය තනි නොකරන බවද අග්‍රාමත්‍ය මොරිසන් පැවසුවේය.
තාවකාලික වීසා හිමියන්ට වෙනුවෙන්ම නිර්මාණය වූවක්
මෙම වසංගත නිවාඩු ආපදා ගෙවීම ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රේලියාවේ කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් ඉලක්ක කර ගෙන නිර්මාණය කළ බව ද අගමැති මොරිසන් පැවසුවේය.
විශේෂයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් නොවන හෝ පුද්ගලයින්ට කොරෝනා වසංගතය සම්බන්ධව මධ්‍යම රජය විසින් ලබාදෙන කිසිදු සුබ සාධන දීමනා සඳහා හිමිකම් කීමට නොහැකිය.
එම තාත්තය හමුවේ ස්වයං නිරෝධායනය වීමට සිදුවූ නමුත් අසනීප නිවාඩු නොමැති අසනීප නිවාඩු අවසන් වී ඇති තාවකාලික වීසා හිමියන්ට මෙම ගෙවීමෙන් විශාල සහනයක් ලැබෙනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.

වෘත්තීය සමිති වල ඉල්ලීම ඵල දරයි
මීට පෙර, වෘත්තීය සමිති සහ ව්‍යාපාර එක්ව වැටුප් සහිත පුළුල් ජාතික වසංගත නිවාඩු ක්‍රමයක් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට පීඩනයක් ගෙන දීම සඳහා ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය සහ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලය දුර්ලභ සන්ධානයක් ඇති කරගත්තේය.
වැටුප් සහිත වසංගත නිවාඩු ක්‍රමයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ස්ථාපනය කළ යුතු බවට ඔවුහු ලිඛිත ඉල්ලීමක් නීතිපති Christian Porter වෙත යොමු කළහ.
විශ්වීය ක්‍රමයක් නොමැතිව කොරෝනා වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය වැඩි වීමක් සිදු විය හැකි බවත් ආර්ථිකය බිඳ වැටිය හැකි බවත් කර්මාන්ත කටයුතු පිළිබඳ කම්කරු පක්ෂ නියෝජිත Tony Burke පැවසීය.
සෑම දිනකම මොරිසන් රජය විසින් වැටුප් සහිත වසංගත නිවාඩු ප්‍රමාද කිරීම හරහා ඔස්ට්‍රේලියානු ජීවිත හා ජීවනෝපායන් අවදානමට ලක් කරන බව ඔහු පෙන්වා දුන්නේය.


