අගෝස්තු 06 සිට රැකියා වලට යන සියලුම වික්ටෝරියානුවාසීන් අනිවාර්යෙන් රැගෙන යා යුතු විශේෂ සේවක අවසර පත්‍රය මෙන්න (SBS සිංහල/ වාර්තා)

VIC worker permit

Source: AAP/ Department of Justice and Community Service

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති 4 වන මට්ටමේ කොරෝනා නීති වලට අනුව අද (05/08) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ව්‍යාපාර හා සේවා ස්ථාන පමණක් ක්‍රියාත්මක වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


එයට අනුව හෙට (06/08) සිට එම ව්‍යාපාර හා සේවා ස්ථාන වෙත ගමන් කරන සියලුම වික්ටෝරියානු සේවකයින් "Worker Permit" එකක් හෙවත් සේවක අවසර පත්‍රයක් ලබාගත යුතුවේ.
People walking along the Princes Bridge in Melbourne,
Source: AAP

වික්ටෝරියානු සේවක අවසර පත්‍රය

4 වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සමයේ වුවද බොහෝ පිරිසකට තම රැකියා වලට යාමට සිදුව තිබේ.

ඒ අනුව ඔවුන්ට තම රැකියා ස්ථාන වලට යාමට සහ නැවත නිවෙස් වලට පැමිණීමට අවසර ලබාදෙන වික්ටෝරියානු සේවක අවසර පත්‍රයක් අවශ්‍යය.

එම වික්ටෝරියානු සේවක අවසර පත්‍රයේ සේවා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ ප්‍රධානියා මෙන්ම සේවකයාද අත්සන් කළ යුතුය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


පොලිස් නිලධාරීන් සහ හෙදියන් වැනි ඇතැම් සේවකයින්ට තම නිල හැඳුනුම් පත වික්ටෝරියානු සේවක අවසර පත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

නමුත් එසේ නොවන සෙසු පුද්ගලයින් හට අදාළ වික්ටෝරියානු සේවක අවසර පත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය.

Department of Justice and Community Service හෙවත් නීතිය හා ප්‍රජා සේවා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් මෙම අවසර පත්‍රය ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට හැකිය.
worker permit
VIC worker permit Source: Department of Justice and Community Service

සේවක අවසර පත්‍රය අවශ්‍ය කා හටද?

අද (05/08) මධ්‍යම රාත්‍රියෙන් පසුව තම සේවා ස්ථාන හා ව්‍යාපාරික ස්ථාන වෙත වාර්තා කිරීමට සිදුවන සියලුම සේවකයින්ට මෙම සේවක අවසර පත්‍රය අවශ්‍ය වේ.

මෙය සකසා දීම අදාළ ව්‍යාපාරයේ හෝ සේවා ස්ථානයේ හෝ ප්‍රධානියාගේ වගකීමකි.

යම් සේවකයෙකු හට නිවසේ සිට රාජකාරී කිරීමට නොහැකිනම්, ඔහු හෝ ඇය සිව්වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සමයේදී පවා සේවා ස්ථානයට හෝ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සේවය කළ යුතු නම් මෙම සේවක අවසර පත්‍රය සකසා දිය යුතුය.

එක් එක් සේවකයාට වෙන් වෙන්වූ සේවක අවසර පත්‍ර නිකුත් කළ යුතුය.

මෙය උල්ලංඝනය කරන පුද්ගලයින්ට $19,826 ක් දක්වා දඩයක්ද ව්‍යාපාර සඳහා $99,132 දක්වා දඩයක්ද පනවනු ලබයි.

එසේ නැතිනම් එක් පුද්ගලයෙකුට $1,652 ක සහ ව්‍යාපාරයකට $9,913 ක on the spot දඩයක් නිකුත් කළ හැකිය.
Victoria Police will check motorists leaving the metropolitan Melbourne area.
Source: AAP

මෙම බලපත්‍රය සඳහා අවශ්‍ය වන්නේ මොනවාද?

මෙම සේවක අවසර පත්‍රය නිකුත් කිරීමට ව්‍යාපාරයකට හෝ සේවා ස්ථානයකට පහත සඳහන් අවශ්‍යතා සපුරාලිය යුතුය.

  • ව්‍යාපාරයේ හෝ සේවා ස්ථානයේ නම, ABN, ලිපිනය
  • සේවකයාගේ නම සහ උපන් දිනය
  • සේවකයා සේවය කරන ස්ථානය හා ඔහුගේ/ඇයගේ සාමාන්‍ය සේවා මුර වේලාවන්
  • ව්‍යාපාරය හෝ සේවා ස්ථානය 4වන මට්ටමේ කොරෝනා නීති පනවා ඇති සමයේ ක්‍රියාත්මක වීමට හිමිකම් ඇති සහතිකයක්.
  • අදාළ සියලු නීතිමය බැඳීම් සපුරාලිය යුතුය.
  • සේවා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ  COVID-19 ආරක්‍ෂිත සැලසුමක් තිබිය යුතුය.
  • සේවක අවසර පත්‍රය නිකුත් කිරීමට පුද්ගලයෙකුට හෝ පිරිසකට බලය පැවරීම.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අගෝස්තු 06 සිට රැකියා වලට යන සියලුම වික්ටෝරියානුවාසීන් අනිවාර්යෙන් රැගෙන යා යුතු විශේෂ සේවක අවසර පත්‍රය මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala