මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති 4වන මට්ටමේ කොරෝනා නීති හේතුවෙන් බොහෝ ව්‍යාපාර සහ සේවා ස්ථාන හෙට සිට සැප්තැම්බර් 13 තෙක් වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නියෝග කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ සමගම මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ ක්‍රියාත්මක පෙර පාසල් හා child care මධ්‍යස්ථාන ද වසා දැමීමට සිදුවේ.
නමුත් ඇතැම් දෙමාපියන්ගේ ළමුන් සඳහා childcare මධ්‍යස්ථාන විවෘතව පවතින බව අද (05/08) වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

4 වන මට්ටමේ lockdown සමයේදී ත් childcare පහසුකමට හිමිකම් කියන්නේ කවුද?
4 වන මට්ටමේ lockdown නීති පනවන ලද සති හයේ පෙර පාසල් හා childcare මධ්‍යස්ථාන ද වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පළමුව නියෝග කළද මේ වන විට එම තීරණය යම්තාක් දුරකට සංශෝධනය කර ඇත.
බහුතරයක් දෙමාපියන්ට තම දරුවන්ව එම කාලය ඇතුළත childcare මධ්‍යස්ථාන වෙත එවීමට නොහැකිවේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කෙසේවෙතත්, අවදානමට ලක්විය හැකි දරුවන් සහ 4 වන මට්ටමේ lockdown නීති පනවන ලද සති හයේ රැකියා කිරීමට අවසර ලත් දෙමාපියන්ගේ දරුවන් සඳහා childcare මධ්‍යස්ථාන විවෘතව පවතී.
මෙල්බර්න් වැසියන්ගේ එදිනෙදා සිදු කරන ගමන් බිමන් අවම මට්ටමකට ගෙන ඒම සඳහා මෙලෙස child care මධ්‍යස්ථාන වසා දැමීමට අදහස් කළ බවත් ඒ හරහා බහුතරයක් දෙමාපියන් හට අපහසුතා වලට මුහුණ දීමට සිදුවන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (05/08) පැවසුවේය.

Childcare අවසර පත්‍රයක් ලබා ගත යුතුයි
4 වන මට්ටමේ lockdown නීති පනවන ලද සති හයේ childcare මධ්‍යස්ථාන වෙත තම ළමුන් එවීමට සුදුසුකම් ඇති දෙමාපියන් Childcare Permit එකක් හෙවත් Childcare අවසර පත්‍රයක් සම්පූර්ණ කළ යුතු වේ.
"මෙම 4 වන මට්ටමේ lockdown නීති පනවන ලද සති හයේ ඔබ නිවසේ සිට හෝ සේවා ස්ථානයේ සිට හෝ රැකියා කරන දෙමාපියෙකු නම් ඔබේ දරුවන්ව නිවසේ බලාගැනීමට කිසිවෙකුත් නොමැතිනම් ඔබට මෙම අවසර පත්‍රය ලබාගත හැකිය" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගන්න.

Childcare මධ්‍යස්ථාන සඳහා මුල්‍ය ප්‍රතිපාදන
මෙම කාලයේදී බොහෝ දෙමාපියන්ගේ ළමුන් childcare මධ්‍යස්ථාන වෙත නොඑවන නිසා childcare මධ්‍යස්ථාන වල පැවැත්ම පිළිබඳ විශාල අර්බුදයක් මතුව ඇත.
විශේෂයෙන්ම ඒවා පවත්වාගෙන යාමට දැරිය යුතු වියදම් ආවරණය කරගැනීම මෙන්ම ඒවායේ සේවකයින්ගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇතිව තිබේ.
අනෙක්පසින්, මෙම තත්ත්වය මත තමාගේ ළමයාව childcare මධ්‍යස්ථාන වෙත නොයවා සිටීමත් සමග (මුදල් නොගෙවා) අදාළ childcare මධ්‍යස්ථනයේ තම දරුවාට හිමි ස්ථානය අහිමිවේදෝ යයි බියක් දෙමාපියන් අතර ඇතිවී තිබේ.
එයට අද පෙරවරුවේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පිළිතුරු ලබා දුන්නේය.
පවතින 4වන මට්ටමේ කොරෝනා නීති නිසා තම දරුවන්ව childcare මධ්‍යස්ථාන වෙත නොයවා නිවසේ තබාගැනීමට සිදුවන දෙමාපියන් හට දින 30 ක කාලයක් ගාස්තු ගෙවීමකින් තොරව තම දරුවාගේ ස්ථානය සුරක්ෂිත කරගැනීමට අවස්ථාව මධ්‍යම රජය විසින් ලබා දී ඇත.
එම පාඩුව පියවා ගැනීමට childcare මධ්‍යස්ථාන වෙත මධ්‍යම රජයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවද සඳහන්.


