ලෙබනනයේ බීරූට් අගනුවර පසුගිය අඟහරුවාදා (04/08) සිදු වූ දැවැන්ත පිපිරීමට හේතු වී ඇත්තේ ගබඩාවක අනාරක්ෂිත ලෙස ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් තොගයක් නිසා බව වාර්තාවේ.
වසර හයක් තිස්සේ ගොඩ ගසා තිබූ එම තොගයේ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් තිබූ බවද ලෙබනන් හි ජනාධිපති Michel Aoun මේ සම්බන්ධ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම පිපිරුමෙන් මේ වන විට වාර්තා වන ජිවිත හානි සංඛ්‍යාව 135 කි. එසේම දහසකට අධික සංඛ්‍යාවක් සිදුවීමෙන් තුවාල ලබා ඇතැයිද සඳහන්.
මෙම පිපිරුමත් සමග ඔස්ට්‍රේලියාවේ ගබඩාකර කර ඇති ඇමෝනියම් නයිට්‍රේට් තොග පිළිබඳවද මේ වන විට කතා බහක් මතුව තිබේ.

ඔස්ට්‍රේලියාවේ ගබඩාකර කර ඇති ඇමෝනියම් නයිට්‍රේට් තොග
ඔස්ට්‍රේලියාවේ ඇමෝනියම් නයිට්‍රේට් තොග ප්‍රධාන වශයෙන් ගබඩා කර ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ය.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ස්ථාන 170 ක පමණ ඇමෝනියම් නයිට්‍රේට් තොග ගබඩා කර ඇතැයි දකුණු ඔස්ට්‍රේලියාවේ SafeWork SA ආයතනය පැවසූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
නමුත් එම ගබඩා ස්ථාන ආරක්‍ෂිත බවත් එම භූමි කලාප නිරතුරුවම අධීක්ෂණය කරන බවත් ඔවුන් පවසා ඇත.
එනිසා එම ඇමෝනියම් නයිට්‍රේට් තොග වලින් ජනතාවට සහ දේපල වලට ඇති අවදානම ද ඉතා අඩු බව ඔවුන් පෙන්වා දෙයි.
මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද ඇමෝනියම් නයිට්‍රේට් තොග ගබඩා කර තිබේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ඇමෝනියම් නයිට්‍රේට් තොග ආරක්ෂිතද?
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගබඩා කර ඇති මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොග වල ආරක්ෂාව පිළිබඳ 2013 වසරේදී සාකච්ඡාවට බඳුන්විය.
2013 දී ඇමෙරිකාවේ ටෙක්සාස් හි තවත් මාරාන්තික පිපිරීමකින් පසු පෝර්ට් ඇඩිලේඩ් හි පොහොර කම්හලක් පිහිටා ඇති ස්ථානය පිළිබඳ ඇතිවූ අවධානයත් සමග එම කතා බහ මතු විය.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ඇමෝනියම් නයිට්‍රේට් තොග ගබඩා 170 ක පමණ ප්‍රමාණය බලපත්‍ර ලබාගෙන නියමාකාරයෙන් ආරක්ෂිතව පවත්වාගෙන යන බව ද දකුණු ඔස්ට්‍රේලියාවේ SafeWork SA ආයතනය පවසයි.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පමණක් ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 270 ක් පමණ ඇති බවත් කිලෝ ග්‍රෑම් බාගයක් වැනි සුළු ප්‍රමාණ වශයෙන් අනෙක් ප්‍රාන්ත වල ඇති බවත් ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ලෙබනනයේ බීරූට් අගනුවර ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් තිබූ බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බීරූට් අගනුවර තිබූ ප්‍රමාණයට වඩා සිව් ගුණයක ඇමෝනියම් නයිට්‍රේට්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බීරූට් අගනුවර තිබූ ප්‍රමාණයට වඩා සිව් ගුණයක ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කර ඇති බව ද වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Newcastle ප්‍රදේශයේ මෙම තොග ගබඩා කර ඇත.
Newcastle නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් 3 ක පමණ දුරකින් අදාළ කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර එහි සිට මිනිසුන් වාසය කරන North Stockton ප්‍රදේශයට මීටර් 800 ක් පමණ ඉතා කෙටි දුරක් ඇති බව සඳහන්.
ඇමෝනියම් නයිට්‍රේට් වැනි රසායනික ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර ගබඩා කිරීමට එම ස්ථානය ඉතාමත් නුසුදුසු ස්ථානයක් බවත් ඒ පිළිබඳ වසර ගණනාවක සිට පැමිණිලි ලැබෙමින් පවතින බවත් රසායනික ඉංජිනේරුවරයෙකු වන Keith Craig පැවසීය.

මොනවද මේ ඇමෝනියම් නයිට්‍රේට්?
ඇමෝනියම් නයිට්‍රේට් යනු අතිශයින් ජලයේ දියවන සුදු පැහැති ස්ඵටික ලෙස පවතින ඝන ද්‍රව්‍යයකි.
ඇමෝනියා වායුව නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ඇමෝනියම් නයිට්‍රේට් නිපදවන බව සඳහන්.
මෙය පසට නයිට්‍රජන් හොඳින් සපයන පොහොරක් ලෙසත් කාර්මික කටයුතු වලදී ස්ඵෝටකයක් ලෙසත් භාවිතයට ගැනේ.
ඒ අනුව පතල් හෑරීමේදී සහ සිවිල් ඉංජිනේරු කටයුතු වලදී පිපිරීම් සිදු කිරීමට මෙය බහුලව යොදා ගැනෙයි.
මීට අමතරව ඇතැම් ත්‍රස්තවාදී පිපිරීම් සඳහාද මෙය භාවිතයට ගෙන තිබෙන බව සඳහන්.


