ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison අනතුරු අඟවා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන්ම වියපත් පුද්ගලයින්ට එම අවදානම බහුලව පවතින බවද ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ
අද (13/08) පෙරවරුවේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 8 ක් වාර්තා වීමත් සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 360 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 360 න් 275 ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වීම බරපතල කරුණකි.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා මරණ වලින් 160 කට අධික සංඛ්‍යාවක් aged care මධ්‍යස්ථාන වල වාසය කළ වියපත් පුද්ගලයින් බවද වාර්තා වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඊයේ (12/08) දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 21 ක් වාර්තා වූ අතර එයින් බොහෝ දෙනා වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් බව සඳහන්.
"මෙම දුෂ්කර කාලය තුළ නොකඩවා ගමන් කරන විට, වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරනවා" යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, Facebook වීඩියෝවක් යොමු කරමින් පැවසීය.
"ඔවුන් අපේ ප්‍රජාවේ වැඩිහිටියන්. හැකි සෑම විටම ඔවුන්ගේ සෞඛ්‍ය අප රැක බලාගත යුතුයි. ඔවුන්ට ගෞරවයෙන් සලකන බවට සහතික විය යුතුයි" යනුවෙන් ද අගමැති මොරිසන් පැහැදිලි කළේය.
කොරෝනා වසංගතය වියපත් පුද්ගලයින්ට බලපාන අයුරු
කොරෝනා වසංගතය වියපත් පුද්ගලයින්ට බලපාන අයුරු පිළිබඳ aged care රාජකීය කොමිසම මේ සතියේදී විමර්ශනය කළේය.
ඒ අනුව කොරෝනා වයිරසය නිසා මරණයට පත් පිරිසෙන් 68% කට අධික සංඛ්‍යාවක් aged care මධ්‍යස්ථාන වල විසූ වියපත් පුද්ගලයින් බව හෙළිවී තිබේ.
එය ලෝකයේ වැඩිහිටි පුද්ගලයින් අතර ඉහළම COVID-19 මරණ අනුපාතය වේ.
Aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් ව දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකනු ලබන අතර ඔවුන්ව ආරක්ෂා කිරීමට ක්‍රියා නොකිරීම නිසා සිය ගණනක් අකාලයේ මිය යන බව වයෝවෘද්ධ පුද්ගලයින් පිළිබඳ විශේෂඥ මහාචාර්ය Joseph Ibrahim ඊයේ (12/08) aged care රාජකීය කොමිසමට පැවසුවේය.

කොරෝනා වයිරස් එන්නතක්
කොරෝනා වයිරස් එන්නතක් නිකුත් වනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීහු වැඩි වශෙයන් විශ්වාස කරති.
"කොරෝනා වයිරස් එන්නතක් පිළිබඳ අපි සෑම දිනකම වඩ වඩාත් සුබවාදීව සිතනවා. COVID-19 වයිරසය සඳහා එලදායි එන්නත් සහ ප්‍රතිකාර සොයා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාව ගමන් කරන වේගය පිළිබඳ මම නිරන්තරයෙන් මවිත වෙනවා." යනුවෙන් ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය නිලධාරී Nick Coatsworth පැවසුවේය.
කොරෝනා වයිරස් එන්නතක් අනුමත කළ පළමු රට බවට රුසියාව මේ සතියේ දී පත්විය.
පුද්ගලයින් සුළු ප්‍රමාණයක් යොදාගෙන පමණක් එම එන්නත අධ්‍යයනය කර ඇති නමුත් එය වඩාත් ඵලදායී හා ආරක්‍ෂිත දැයි සනාථ කිරීමට දහස් ගණනක ගේ දායකත්වය ලබාගත යුතුය.
මිනිසුන් ලවා මෙවැනි එන්නත් අත්හදා බැලීම් 25 ක් සමඟ ලොව පුරා එන්නත් 150 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිපදවමින් පරීක්ෂා කරනු ලැබේ.

