Accounting සහ IT කෝටාවන් කප්පාදු කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ඔස්ට්‍රේලියාවේ 2020/21 නවතම “Occupation ceiling list ” එක මෙන්න (SBS සිංහල/වාර්තා)

2020/21 “Occupation ceiling list”

Budget expectations for Migration Program 2020-21 Source: Flickr

ඔස්ට්‍රේලියාවේ Skilled Migration හෙවත් නිපුණතා සංක්‍රමණයට අදාළ 2020/21 වසර සඳහා බලපැවැත්වෙන නවතම Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


 

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම් හෝ ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරනවානම් අනිවාර්යෙන්ම මෙම රැකියා සීමා ලැයිස්තුව පිළිබඳ දැන සිටිය යුතුය.
2020/21 “Occupation ceiling list” of Australia
Source: Department of Home Affairs

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව”

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න  “රැකියා සීමා ලැයිස්තුව” මගින් ප්‍රකාශයට පත් කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

සාමන්‍යයෙන් මෙම Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” සෑම නව මුල්‍ය වසරකම ආරම්භයේ එනම් ජූලි මාසයේදී නිකුත් කෙරේ.

නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය නිකුත් කිරීම තරමක් ප්‍රමාද විය.
2020/21 “Occupation ceiling list” of Australia
Source: SBS

2020/21 රැකියා සීමා ලැයිස්තුවේ කැපී පෙනෙන වෙනස්කම්

2019/20 රැකියා සීමා ලැයිස්තුවේ Accountants (Occupation ID - 2211) හට 2,746 ක කෝටාවක් තිබූ නමුත් මෙවර එය 1,000 ක් දක්වා කප්පාදු කර තිබේ.

ඊට අමතරව 2019/20 රැකියා සීමා ලැයිස්තුවේ Software and Applications Programmers (Occupation ID - 2613) හට 8,748 ක් ව තිබූ කෝටාව මෙවර 8,405 දක්වා පහළ දමා ඇත.

එමෙන්ම පසුගිය වසරේ 2,887 ක්ව තිබූ Database and Systems Administrators and ICT Security Specialists (Occupation ID - 2621) කෝටාව මෙවර 2,667 දක්වා ද 2,553 ක්ව තිබූ Computer Network Professionals (Occupation ID - 2631) කෝටාව මෙවර 2,245 දක්වා ද පහළ දමා ඇත.

ගණකාධිකාරීවරුන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සහ ඉංජිනේරු අංශයේ රැකියා වැනි ඉහළ ඉල්ලුමක් සහිත ජනප්‍රිය රැකියාවන් සඳහා මෙවරත් pro rata ක්‍රමයට ආරාධනා පත්‍ර නිකුත් කෙරේ.

එමෙන්ම මෙවර ලයිස්තුවේ වැඩිම කෝටාවන් වෙන් කර ඇත්තේ පහත සඳහන් වෘත්තීන් සඳහාය.

  • Registered Nurses (Occupation ID - 2544) - 17,859 කෝටාවක්
  • Secondary School Teachers (Occupation ID - 2414) - 8,716 කෝටාවක්
  • Software and Applications Programmers (Occupation ID - 2613) - 8,405 කෝටාවක්
  • Electricians (Occupation ID - 3411) - 8,021 කෝටාවක්
  • Construction Managers (Occupation ID - 1331) - 7,145 කෝටාවක්
2020/21 “Occupation ceiling list” of Australia
Source: Getty Images

2020/21 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව”

2020/21 “Occupation ceiling list”
Source: Department of Home Affairs
2020/21 “Occupation ceiling list”
Source: Department of Home Affairs
2020/21 “Occupation ceiling list”
Source: Department of Home Affairs
2020/21 “Occupation ceiling list”
Source: Department of Home Affairs
2020/21 “Occupation ceiling list”
Source: Department of Home Affairs
2020/21 “Occupation ceiling list”
Source: Department of Home Affairs

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Accounting සහ IT කෝටාවන් කප්පාදු කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ඔස්ට්‍රේලියාවේ 2020/21 නවතම “Occupation ceiling list ” එක මෙන්න (SBS සිංහල/වාර්තා) | SBS Sinhala