කිලෝ මීටර් 5 සීමාව තුළ වුවත් රිය ධාවනය කරමින් ව්‍යායාම් කරන ස්ථාන වෙත ගමන් කළ නොහැකි බවට පොලීසියෙන් මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

Police warn against driving to exercise spots within their five-kilometer restriction zones

Source: Pixabay

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට 4 වන මට්ටමේ lockdown නීති පනවා ඇති නිසා කිලෝ මීටර් 5 ක සීමාව තුළ වුවද රිය ධාවනය කරමින් ව්‍යායාම් කරන ස්ථාන වෙත ගමන් කළ නොහැකි බව වික්ටෝරියානු පොලීසිය යළි අවධාරණය කරයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


බොහෝ මෙල්බර්න් වැසියන් තම ව්‍යායාම් කරන ස්ථාන වෙත රිය ධාවනය කරමින් යන බවට තොරතුරු ලැබීමත් සමග වික්ටෝරියානු පොලීසිය ඒ පිළිබඳ අනතුරු අඟවා තිබේ.
exercise
Source: Pixabay

4 වන මට්ටමේ lockdown නීති යටතේ ව්‍යායාම් කිරීම

4 වන මට්ටමේ lockdown නීති පැනවුවද උද්‍යාන, මුහුදු වෙරළ වැනි තමන්ගේ ප්‍රියතම ව්‍යායාම් කරන ස්ථාන වෙත මෙල්බර්න් වැසියන් රිය ධාවනය කරමින් යන බවට දැකගත හැකිය.

4 වන මට්ටමේ lockdown නීති යටතේ එසේ සිදු කිරීමට අවසර නොමැති බව Port Phillip කලාපයේ පොලීසිය තම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව දැනුවත් කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


4 වන මට්ටමේ lockdown නීති යටතේ ව්‍යායාම් කරන ස්ථාන කිලෝ මීටර් 5 ක සීමාවේ ඇත්නම් ඒවාට රිය ධාවනය කරමින් යා හැකි බවට අනවබෝධයක් ජනතාව තුළ ඇතිවී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවට අනුව ව්‍යායාම් කිරීම සඳහා වාහනයකින් යාම තහනම් වේ.

මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට $1652 ක දඩයක් ලබා දෙන බවද පොලීසිය පවසයි.
exercise
Source: Pixabay

ගතවූ පැය 24 තුළ දඩ පැනවීම්

ගතවූ පැය 24 තුළ කොරෝනා නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් දඩ 174 ක් නිකුත් කර ඇති බව වික්ටෝරියානු පොලීසිය පවසයි.

එයින් පුද්ගලයින් 31 දෙනෙකු මුව ආවරණ පැළඳිමේ නීතිය උල්ලංඝනය කර ඇති අතර තවත් 55 දෙනෙකු ඇඳිරි නීතිය කඩ කළ බව සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තය පුරා නිවාස, ව්‍යාපාරික ස්ථාන හා පොදු ස්ථාන වල පුද්ගලයින් 4758 ක් පරීක්ෂා කිරීමට පොලීසිය හා ඔස්ට්‍රේලියානු යුද හමුදාව පියවර ගෙන තිබුණි.
Stage 4 restrictions in Melbourne.
Source: AAP

සීමා කරන ලද ක්‍රියාකාරකම්

4 වන මට්ටමේ lockdown නීති යටතේ ව්‍යායාම් කිරීමට ඔබට නිවසින් පිටතට යාමට අවසර ලැබෙන නමුත් එයට යම් සීමාවන් ඇති බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒවා නම්;

  • ඔබ වාසය කරන ස්ථානයේ සිට ව්‍යායාම් කිරීම සඳහා කිලෝ මීටර් 5 සීමාවෙන් ඔබ්බට නොයා යුතුය.
  • ඔබට ඔබ සමග වාසය කරන අයෙකු සමග හෝ නිවසින් පිට සිටින මිතුරෙකු හෝ පවුලේ හිතවතෙකු සමග හෝ ව්‍යායාම් කිරීමට අවසර ලැබේ. (නමුත් නිවසේ සිට කිලෝ මීටර් 5 සීමාවෙන් ඔබ්බට නොයා යුතුය, සැමවිටම මීටර් 1.5 ක පරතරයක් තබා ගත යුතුය, සිප වැළඳ ගැනීම් හෝ අතට අත දීම් නොකළ යුතුය)
  • දිනකට එක් වරක් පමණක් ව්‍යායාම් කළ යුතු අතර එය පැයකට සීමා කළ යුතුය.
  • ඔබ කුඩා දරුවෙකු රැකබලා ගන්නා දෙමාපියෙකු හෝ භාරකරුවෙකු නම් හෝ යමෙකු තනිවම දමා ඒමට නොහැකි නම් හෝ, ඔවුන්ට ඔබ සමඟ පැමිණිය හැකිය.
  • කාය වර්ධන මධ්‍යස්ථාන, පිහිණුම් තටාක වැනි ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දමා තිබේ.
  • ප්‍රජා ක්‍රීඩා පුහුණුවීම් සහ තරග පැවැත්විය නොහැකිය.
  • බාහිර ක්‍රීඩා පහසුකම් මධ්‍යස්ථාන ද වසා දමා ඇත.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කිලෝ මීටර් 5 සීමාව තුළ වුවත් රිය ධාවනය කරමින් ව්‍යායාම් කරන ස්ථාන වෙත ගමන් කළ නොහැකි බවට පොලීසියෙන් මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala