ටස්මේනියා ප්‍රාන්ත සීමාවන් දෙසැම්බර් තෙක් වසා දැමීමට තීරණය කෙරුණු අතරේ සිඩ්නි නගර සභා සීමාව කොරෝනා මර්මස්ථානයක් ලෙස නම් කෙරේ (SBS සිංහල/ වාර්තා)

A woman wearing a face mask as a preventative measure against coronavirus COVID-19 walks in front of the Sydney Harbour Bridge in Sydney.

A woman wearing a face mask as a preventative measure against coronavirus COVID-19 walks in front of the Sydney Harbour Bridge in Sydney. Source: AAP

2020 දෙසැම්බර් 01 වන දින තෙක් ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමාවන් වසා දමන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein අද (18/08) මේ බව නිවේදනය කළේය.
Tasmania borders reopen today for all states except New South Wales and Victoria
Tasmania borders reopen today for all states except New South Wales and Victoria Source: AAP

ටස්මේනියා ප්‍රාන්ත සීමාවන් වසා දැමීම තවදුරටත්

ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීම දෙසැම්බර් මාසය තෙක් කල් දමන බව ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තෙක් සහ අනෙකුත් ප්‍රාන්ත වල ද කොරෝනා තත්ත්වය යහපත් අතට පත්වන තෙක් මෙලෙස සිය ප්‍රාන්ත සීමාවන් වසා දැමීමට තීරණය කළ බව ඔහු පැවසුවේය.

ටස්මේනියා ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය සේවය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත පාලන මධ්‍යස්ථානය යන ආයතන වල උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීම සම්බන්ධ නීති ලිහිල් කිරීම පිළිබඳ අවබෝධ කර ගැනීමට සහ සූදානම් වීමට මේ හරහා ටස්මේනියා ප්‍රජාවට සහ ව්‍යාපාරවලට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාන්ත රජය විශ්වාස කරයි.

එමෙන්ම ඊට සුදුසු සැලසුම් සකස් කිරීමට සහ අවදානම් අවම කිරීමේ ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමට ද මෙම කාලය ප්‍රයෝජනවත් වනු ඇතැයි ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

මේ අතර මෙම වසරේදී ටස්මේනියා ප්‍රාන්තයේ කිසිදු AFL තරගයක් නොපැවැත්වෙන බවත් ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසීය.

මෙවර නත්තලට ටස්මේනියා ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීමට බලාපොරොත්තුවක් ඇති නමුත් ඒ සඳහා පවතින තත්ත්වය සතිපතා සමලෝචනය කළ යුතු බව ද ඔහු පැවසීය.
Tasmanian Premier Peter Gutwein
Tasmanian Premier Peter Gutwein Source: AAP

අත්‍යවශ්‍ය සංචාරකයින් සැපිරිය යුතු අවශ්‍යතා ද වෙනස් කෙරේ

මෙම කාලයේදී නිරෝධායනය නොවී ටස්මේනියා ප්‍රාන්තයට ඇතැම් අත්‍යවශ්‍ය සංචාරකයින්ට ඇතුළුවීමට අවසර ඇත.

නමුත් එම අත්‍යවශ්‍ය සංචාරකයින් විසින් සැපිරිය යුතු අවශ්‍යතා ද වෙනස් කෙරෙන බව වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය ඇගයීමේ කටයුත්තට දැන් The Department of State Growth ද සම්බන්ධ වී සිටියි.

මීට පෙර එම කටයුත්ත සිදුකරනු ලැබුවේ DPIPWE [Department of Primary Industries, Parks, Water and Environment] සහ ප්‍රාන්ත පාලන කණ්ඩායම විසිනි.

ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට සංචාරය කිරීමට වවුචර්

ප්‍රාන්ත සීමාවන් වසා දැමීම නිසා ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවන හෙයින් ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට තම ප්‍රාන්තය තුළ ම සංචාරය කිරීම උනන්දු කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

"Make yourself at home" නමින් හැඳින්වෙන මෙම වැඩසටහන හරහා ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට ප්‍රාන්තය තුළ සංචාරය කිරීමට වවුචර් ලබා දෙනු ලැබේ.

මේ සඳහා ඩොලර් මිලියන 7.5 ක් වෙන් කිරීමට ටස්මේනියා ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

තමන්ගේ නගර සභා සීමාවෙන් ඔබ්බට ගොස්  ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරය කරන ප්‍රාන්ත වැසියන්ට මෙම වවුචර සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී ලබා දීමට කටයුතු යොදා තිබේ.

එම වවුචර මගින් සතියේ දිනවල හෝටල් හෝ නිවාඩු නිකේතන වල නවාතැන් ගැනීමට හෝ සතියේ ඕනෑම දවසක සංචාරක ස්ථානයක් නැරඹීමට හෝ අවසර ලැබේ.

සිඩ්නි නගර සභා සීමාව කොරෝනා මර්මස්ථානයක් ලෙස නම් කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු පමණක් වාර්තා විය.

ඉන් ආසාදිතයින් දෙදෙනෙකු නිරිතදිග සිඩ්නි කලාපයෙන් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයා විදෙස්ගතව සිට සිඩ්නි නුවරට පැමිණ හෝටල් නිරෝධායනයේ සිටි අයකු බව සඳහන්.

මින් එක් ආසාදිතයෙකු හට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ තවමත් සොයා ගෙන නොමැත.

මේ අතර සිඩ්නි නගර සභා සීමාව කොරෝනා මර්මස්තානයක් ලෙස NSW Health විසින් අද (18/08) නම් කළේය.

සිඩ්නි CBD සහ Circular Quay ඇතුළත් මෙම කලාපයේ 240,000 ක් පමණ ජනතාවක් වාසය කරයි.

පසුගිය සති දෙකක කාලය තුළ එම කලාපයට ගිය නාසය බුරුල් ගතියක් හෝ උගුර කසන ගතියක් හෝ වැනිරෝග ලක්ෂණ මද වශයෙන් ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන් සිටී නම් ඔවුන්ට හැකි ඉක්මණින් කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙස බලධාරීන් දන්වා සිටී.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service