2021 ජූලි මාසයට පෙර සිය ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට අපහසු බව Qantas ගුවන් සේවය අද (20/08) ප්‍රකාශ කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ලබන වසරේ මුල සිට සියලු ඔස්ට්‍රේලියානුවන් හට කොරෝනා එන්නත නොමිලයේ ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියා කළ ද මේ තත්ත්වය වෙනස් නොවනු ඇතැයි Qantas ගුවන් සේවය පැවසීය.

කොරෝනා වසංගතයත් සමග මතුවූ ගුවන් සේවා අර්බුදය
කොරෝනා වසංගතය හේතුවෙන් Qantas ගුවන් සේවයට ඩොලර් බිලියන 4 ක අදායමක් අහිමිවී තිබේ.
2019/20 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 124 ක බදුවලට පෙර ලාභයක් Qantas ගුවන් සමාගම විසින් වාර්තා කළ නමුත් එය 90.6% ක ලාභය අහිමිවීමකි.
ඊට පෙර මුල්‍ය වර්ෂයේ බදුවලට පෙර ලාභය ඩොලර් බිලියන 1.33 ක් බවද සඳහන්.
2019/20 මුල්‍ය වර්ෂයේ දෙවැනි භාගය සිය ගුවන් සේවයට අතිශය දුෂ්කර කාලයක් වූ බවත් වසර 100 ක ඉතිහාසය තුළ එවැනි දුෂ්කර අර්බුදයකට මුහුණ දී නොමැති බවත් Qantas ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Alan Joyce පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
නමුත් Qantas සහ එහි Jetstar අනුබද්ධිත සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව සහ දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පනවා ඇති නීති ලිහිල් කිරීමෙන් පසුව මේ තත්ත්වය වඩා සුබදායී වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.
2019/20 මුල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ බදුවලට පෙර ඩොලර් මිලියන 771 ක ලාභයක් Qantas සමාගම ඉපයූ බවද ප්‍රධාන විධායක නිලධාරී Alan Joyce පැවසුවේය.

ශුද්ධ අලාභය
Qantas ගුවන් සමාගමේ ව්‍යවස්ථාපිත ශුද්ධ අලාභය ඩොලර් බිලියන 1.96 කි.
ගුවන් යානා ඉවත් කිරීම් ද ඇතුළුව බදු ගෙවීමට පෙර පදනම මත අත්වූ පාඩුව ඩොලර් බිලියන 2.7 කි.
Qantas ගුවන් සේවයේ A380 ගුවන් යානා එක්සත් ජනපදයේ දිගු කාලීනව ගබඩා කර ඇති අතර එහි 747 මාදිලියේ ගුවන් යානා නියමිත කාලයට මාස හයකට පෙර විශ්‍රාම ගන්වා ඇත.
මෙම ආර්ථික අර්බුදයත් සමග Qantas සමාගමේ සේවක සංඛ්‍යාවද කප්පාදු කිරීමකට ලක්වී ඇති අතර එළඹෙන සැප්තැම්බර් අග වන විට Qantas සමාගමේ 4,000 ක් පමණ සේවකයින්ට සිය රැකියා අහිමිවනු ඇත.
වර්තමානයේ පනවා ඇති සීමාවන් ලිහිල් කළ විට ඉහළ ඉල්ලුමක් ඇති බව මෑතදී සිදුකළ අලෙවි ක්‍රියාකාරකම් වලින් පෙන්නුම් කරන බවද Qantas සමාගම පවසයි.
මේ අතර 2021 ජූලි මාසයට පෙර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද Qantas සමාගම පැවසීය.

වික්ටෝරියා - දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමාවේ පදිංචිකරුවන්ට දැඩි නීති රීති
වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවේ පදිංචිකරුවන්ට හෙට (21/08) සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළුවීම සම්බන්ධයෙන් දැඩි නීති රීති වලට මුහුණ දීමට සිදුවන අතර ජාත්‍යන්තර සංචාරකයින් ට ලබන වසරේ මැද භාගය වන තෙක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වනු ඇත.
මේ අතර කොරෝනා නීති හමුවේ ප්‍රාන්ත සීමාවන් වසා දැමුවද ප්‍රාන්ත සීමා වල පදිංචි වැසියන්ට සෞඛ්‍ය පහසුකම් හා කෘෂිකාර්මික හා සත්ත්ව පාලන කටයුතු සඳහා ප්‍රාන්ත තරණය කිරීමට අවසර ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සියලු ප්‍රාන්ත හා ටෙරිටරි බලධාරීන්ට අවධාරණය කරයි.
ප්‍රජාවන් ගේ දෛනික ජීවිතයට සිදුවන හානිය අවම කිරීමට ප්‍රාන්ත සීමා වලට පනවා ඇති නීති වඩාත් නම්‍යශීලී විය යුතු බවද ඔහු සිහිපත් කළේය.

