වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා අනුපාතය (testing rates) පහත බැස තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවී ඇති අවස්ථාවක මෙලෙස කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා අනුපාතය පහත බැසීම කෙතරම් සුදුසුද සහ ඉන් ඇතිවන බලපෑම පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

කොරෝනා පරීක්ෂාවන් සිදුකරගන්නා අනුපාතය පහළට
කොරෝනා පරීක්ෂාවන් සිදු කරගැනීමට කැමැත්තෙන් ඉදිරියට පැමිණි පිරිස සතියකදී 17% කින් පහත බැස ඇති බව වාර්තා වේ.
එමඟින් කොරෝනා පරීක්ෂණ 30,000 කට ආසන්න සංඛ්‍යාවක් අඩු වී තිබේ.
මේ හරහා ප්‍රජාව තුළ කොරෝනා රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයින් ගේ සංඛ්‍යාවේ අඩු බවක් දැක්විය හැකිය
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඊට අමතරව කොරෝනා වයිරසය කෙතරම් පුළුල් ලෙස සමාජයේ පැතිරී ඇතිද යන්න පිළිබඳ නිවැරදි චිත්‍රයක් අප සතුව නොමැති බව මෙම සංඛ්‍යාත්මකව අඩු කොරෝනා පරීක්ෂණ වලින් අදහස් වන බව ද ඇතැම් පිරිස් සිතයි.
දිගින් දිගටම කොරෝනා පරීක්ෂාවන් කරගන්නා ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ හරහා ලැබෙන දත්ත මගින් ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පැතිරීම පිළිබඳ "සම්පූර්ණ පින්තූරයක්" ලබා ගැනීමට සහ 4 වන අදියර සීමාවන් ලිහිල් කිරීමට අවකාශ ලැබෙන බව ඔහු පැහැදිලි කරයි.
"කොරෝනා පරීක්ෂාව කරගන්න, එක් දිනක් හෝ දෙදිනක් එය ප්‍රමාද නොකරන්න, ඔබේ රෝග ලක්ෂණ බරපතල වන තෙක් නොසිටින්න, එම කාලය තුළ ඔබට ඉතා බරපතල ලෙස වයිරසය ආසාදනය විය හැකියි" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩිදුරටත් පැහැදිලි කළේය.

කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීම පහත වැටීමට හේතුව කුමක්ද?
පසුගිය අඟහරුවාදා (18/08) 16,000 ට මදක් අධික කොරෝනා පරීක්ෂණ ප්‍රමාණයක් වික්ටෝරියානු ප්‍රාන්තයේ සිදු කළ බව ABC පුවත් සේවය වාර්තා කරයි.
එය දිනකදී කෙරෙන සාමාන්‍ය පරීක්ෂාවන් සමග සසඳන කල 20,000 ක පමණ අඩුවීමකි.
කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීම පහත වැටීම තර්කානුකූල නමුත් මෙතරම් අඩු නොවිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
කොරෝනා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් කොරෝනා පරීක්ෂාවන් සිදු කරගැනීමේ ප්‍රධාන උදවිය බවද ප්‍රාන්ත අගමැතිවරයා පැහැදිලි කළේය.
ඒ අනුව පරීක්ෂණ ප්‍රමාණය පහත වැටීමෙන් සමාජය තුළ රෝග ලක්ෂණ පෙන්වන, වයිරසය ආසාදනය වූ පිරිස් අඩුවුවා යයි තාර්කිකව සිතිය හැකි වුවත් මේ තත්ත්වය මත එසේ සිදු කළ නොහැකි බව ද ඔහු පැවසුවේය.
4 වන මට්ටමේ lockdown නීති සමග පුද්ගලයෙන් පුද්ගලයාට වයිරසය සම්ප්‍රේෂණය වීම අඩු විය යුතු අතර එනිසා මෙලෙස පරීක්ෂාවන් සිදු කරගැනීමට පැමිණෙන පිරිස් අඩු විය හැකි බව Doherty ආයතනයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ Jodie McVernon, ABC පුවත් සේවයට පැවසුවාය.
elective surgeries හෙවත් තෝරාගැනීමේ සැත්කම් සඳහා මුහුණ දෙන සියලුම පිරිස් කොරෝනා පරීක්ෂාව සිදුකරගත යුතු බවට නිර්දේශ කර තිබූ නමුත් පසුගිය ජූලි මස අග බාගයේ සිට බොහෝ තෝරාගැනීමේ සැත්කම් කොරෝනා වසංගතය නිසා අත්හිටුවීමට තීරණය කෙරුණි.
මෙයද කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීම පහත වැටීමට එක් හේතුවක් විය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් සඳහා නිර්ණායක දිගු නොකෙරේ
කොරෝනා පරීක්ෂණ නිර්ණායක දැනටමත් ඉතා පුළුල් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා සහ ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පැවසීය.
නාසයෙන් සොටු දියර ගැලීම හා උගුර කැසීම වැනි රෝග ලක්ෂණ ද මේ වන විට එම නිර්ණායක සඳහා ඇතුළත් කර ඇත.
රෝග ලක්ෂණ නැති පුද්ගලයින්ට තමන්ට සන්සුන් මනසක් ඇති කරගැනීම සඳහා කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීමට අවශ්‍ය විය හැකි නමුත් මේ මොහොතේ ඉලක්කය වී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් බව මහාචාර්ය Brett Sutton පැවසීය.
ඔබට රෝග ලක්ෂණ නොමැතිව ඔබ පරීක්ෂාව සිදු කරගතහොත් ඔබේ ප්‍රතිඵල වයිරසය ඇති බවට ධානාත්මක ලෙස පැමිණීමේ සම්භාවිතාව 5,000 ට එකක් බවද ඔහු පෙන්වා දුන්නේය.

