ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 116 ක් සහ කොරෝනා මරණ 15 ක් වාර්තා විය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර මේ වන විට ක්‍රියාත්මක කෙරෙන state of emergency තත්ත්වය තවත් මාස 12 ක් දීර්ග කිරීමට හැකියාව ඇතිදැයි සොයා බැලීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පියවර ගෙන තිබේ.

state of emergency තවත් මාස 12 ක් දීර්ග කිරීමේ උත්සාහයක්
කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු 16 වන දින වික්ටෝරියානු ප්‍රාන්තයට state of emergency තත්ත්වයක් ප්‍රකාශ කෙරුණි.
එය කිහිප වරක් දීර්ග කෙරුණු අතර එළඹෙන සැප්තැම්බර් 13 වන දිනෙන් අවසන් වීමට නියමිතය.
නමුත් සැප්තැම්බර් 13 වන දිනෙන් පසුවත් state of emergency තත්ත්වය වික්ටෝරියානු ප්‍රාන්තයට අවශ්‍ය බව මේ වන විට මානව පැහැදිලිය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එනිසා එය දීර්ග කිරීමට අවස්ථාව සලසන නීතිමය පහසුකම් මේ වන විට සොයමින් සිටින බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (24/08) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
"පවතින තත්ත්වය මනාව පාලනය කරගැනීමට state of emergency තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව සැමටම අවබෝධ වන කරුණක් වන බැවින් මෙහි මාස හයේ උපරිම සීමාව මාස 18 ක් තෙක් දීර්ග කිරීමට හිමිකම් ලබදෙන ලෙස 2008 මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පනත සංශෝධනය කිරීමට සියලුම පක්ෂ සමග ඉට්ව්හා ඉක්මණින් සාකච්ඡා කරනවා" යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

විපක්ෂය විරුද්ධ වෙයි
වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිගේ සූදානමට වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Michael O'Brien සිය විරෝධය පළ කර තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් ගේ ජීවිත පාලනය කිරීමට අසීමාන්තික බලයක් කිසිදු ප්‍රාන්ත අගමැතිවරයෙකු හට හෝ දේශපාලකයෙකු හට හෝ ලබා නොදිය යුතු බවට ඔහු තර්ක කරයි.
යම් හෙයකින් state of emergency තත්ත්වය දීර්ග කිරීමට අවැසි නම් එය මාස 12 ට අඩු කාලයක් දක්වා දීර්ග කිරීම සුදුසු වන නමුත් එසේ කිරීමට පෙර අදාළ පසුබිම මනාව පරීක්ෂා කළ යුතු බවත් එය ඉතා සමබර විය යුතු බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Michael O'Brien පවසයි.

state of emergency තත්ත්වය
මහජන සෞඛ්‍යයට බරපතල අවදානමක් පැවතීම හේතුවෙන් 2008 මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පනත යටතේ state of emergency තත්ත්වය ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත රජයකට හිමිකම් ලැබේ.
එය සති හතරක කාලයකට එකවර පැනවිය හැකි අතර උපරිම දීර්ග කළ හැකි වාර ගණන මාස හයකින් අවසන් වේ.
මෙම state of emergency තත්ත්වය හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා වන Brett Sutton හට පුළුල් පරාසයක බලයක් හිමි කර දෙයි.
ඒ මගින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, පුද්ගල දුරස්ථභාවය රැකීම, නිරෝධායන කටයුතු අනිවාර්ය කිරීම වැනි විවිධ නීති හා සීමාවන් පැනවීමට ඔහුට බලය ලැබේ.

අගෝස්තු 24 වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා තත්ත්වය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 116 ක් සහ කොරෝනා මරණ 15 ක් වාර්තා විය.
ජූලි 5 වන දායින් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය සටහන් වේ.
වාර්තා වූ මරණ 15 ම aged care මධ්‍යස්ථාන වල විසූ වයස අවුරුදු 80 පමණ වූ ගැහැණු හා පිරිමි පුද්ගලයින් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.
අද දිනය වන විට ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 430 කි.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 3,731 ක් සිටින අතර ආසාදිතයින් 629 ක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටී.
රෝගීන් 31 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බවද වික්ටෝරියානු සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාවන් මිලියන 2.1 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයිද වාර්තා වේ.

