Click for Vic නමින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ (23/08) දිනයේදී නවතම ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ප්‍රාන්තයේ නිෂ්පාදන මිලට ගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ව උනන්දු කරවීම මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.

Click for Vic
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති සති 6 ක සිව්වන මට්ටමේ lockdown නීතිත් සමග බොහෝ ව්‍යාපාර වසා දැමීමට සිදුවී තිබේ.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට මේ වන විට 3වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක කෙරේ.
මේ හේතුවෙන් එම ප්‍රාදේශීය කලාප වල ඇති ව්‍යාපාර වලටද දැඩි ආර්ථික බලපෑම් එල්ල වෙමින් පවතී.
මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ව්‍යාපාර යළි විවෘත කිරීමට නොහැකිවනු ඇතැයි බියක්ද හටගෙන තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ශක්තියක් වීමට Click for Vic නමින් නවතම ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ (23/08) දියත් කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඩොලර් මිලියන 1.5 ක පිරිවැයකින් යුත් මෙම ව්‍යාපෘතිය හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය අඩිතාලම සපයයි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ නිෂ්පාදනය කරනු ලබන එළවලු, පලතුරු, මස්, ඇල්කොහොල් ඇතුළු නිෂ්පාදන මෙන්ම සංගීතය ද මිලදී ගන්නා ලෙස රූපවාහිනී, ගුවන් විදුලි, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ව දැනුවත් කෙරේ.

Click for Vic වෙබ් අඩවිය
මෙලෙස Click for Vic හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ නිෂ්පාදන මිලට ගැනීම සඳහා වෙනමම වෙබ් අඩවියක් ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
එය visitvictoria වෙබ් අඩවිය හා අනුබද්ධව ක්‍රියාත්මක වේ.
www.visitvictoria.com/clickforvic යන වෙබ් ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමට ඔබට හැකිය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයින් ද මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ බේරාගැනීමට සියලුදෙනාම එක්වී කටයුතු කරමු යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මෙම ව්‍යාපෘතිය දියත් කිරීම්දී පැවසීය.

මෙයට සම්බන්ධ කවුරුන්ද?
මෙම ව්‍යාපෘතියත් සමග ප්‍රමුඛ පෙළේ සේවා කිහිපයක්ම සම්බන්ධ වී කටයුතු කරයි.
මෙල්බර්න් ප්‍රමුඛ පෙළේ අවන්හල් සමග සම්බන්ධවී ඔවුන්ගේ ආහාර පාන බෙදාහැරීම් කටයුතු සිදු කරන Providoor සේවාව මෙන්ම පුළුල් පරාසයක hospitality ව්‍යාපාර සමග සම්බන්ධ වී සිටින Co-Lab Pantry මෙම ව්‍යාපෘතියත් සමග සම්බන්ධවී කටයුතු කරයි.
එමෙන්ම නැවුම් එළවළු, පළතුරු, මස්, බිත්තර, ඇල්කොහොල් වැනි නිෂ්පාදන අලෙවි කරනු ලබන Victorian Country Market ද මේ සඳහා එකතුවී ඇත.
Providoor සේවාව මෙම වසර මුලදී සූපවේදී Shane Delia අතින් දියත් කෙරුණි.
සූපවේදී Shane Delia යනු SBS Food රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය සූපවේදී වැඩසටහන් කිහිපයක්ම කරනු ලබන සූපවේදියෙකි.

