මෙල්බර්න් First-home buyers ලා ගේ නිවසක් මිලට ගැනීමේ සිහිනය තවත් ප්‍රමාද වන ලකුණු (SBS සිංහල/ වාර්තා)

first-home buyers

Source: Pixabay

මෙල්බර්න් කලාපයේ පළමු වරට නිවසක් මිලට ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට (First-home buyers) පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු මුදල ඉතිරි කරගැනීම සඳහා වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 

 


 

මේ වන විට පවතින කොරෝනා වසංගතය හමුවේ වුවද First-home buyers ලාට මෙලෙස තැන්පතු මුදල ඉතිරි කරගැනීම සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම සුවිශේෂී කරුණක් බව එම වාර්තාව පවසයි.
Time to save a deposit, entry-level houses
Time to save a deposit, entry-level houses Source: Domain

මෙල්බර්න් First-home buyers

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ සැලකිය යුතු ලෙස කඩා වැටී ඇති අතර නිවාස මිලට ගැනීම් සහ ඉදිකිරීම් සඳහා වන තරගකාරීත්වය සාපේක්ෂව මන්දගාමී වී තිබේ.

එම තත්ත්වය හමුවේ වුවද මෙල්බර්න් කලාපයේ First-home buyers පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු මුදල ඉතිරි කරගැනීම සඳහා වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ සිදුකරන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Domain ආයතනය සිදු කළ නවතම පර්යේෂණයකින් එළිදැක්වූ First-Home Buyer වාර්තාව ඒ බව අනාවරණය කර ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මෙල්බර්න් කලාපයේ පළමු වරට නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට එම නිවසේ 20% ක තැන්පතුවක් සඳහා වසර හයක් ඉතිරි කළ යුතු බව අදාළ වාර්තාව හෙළි කරයි.

එමෙන්ම මෙල්බර්න් කලාපයේ First-home buyers ලාට unit එකක් මිලට ගැනීම පිණිස 20% ක තැන්පතුවක් සඳහා වසර හතරකුත් මාස තුනක් ඉතිරි කළ යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

නිවසක් මිලට ගැනීමේදී එම කාලය පසුගිය වසරට සාපේක්ෂව මාස 2 කින්ද unit එකක් මිලට ගැනීමේදී  මාසයකින්ද වැඩි වී තිබේ.
Time to save a deposit, entry-level units
Time to save a deposit, entry-level units Source: Domain

නිවසක් මිලට ගැනීම සඳහා මූලික තැන්පතුව

වයස අවුරුදු 25 ත් 34 ත් අතරේ පසුවන යුවළකට සෑම මසකම ඔවුන්ගේ පශ්චාත් බදු ආදායමෙන් සියයට 20 ක් ඉතිරි කර ගත හැකි බවත් එය සාමාන්‍ය online ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කර ඇති බවත් මෙම පර්යේෂණය උපකල්පනය කර තිබේ.

දේපල මිලදී ගැනීමේ ගනුදෙනු පිරිවැය එයින් බැහැර කර ඇති බවද එම වාර්තාව පවසයි.

නිවාස හා unit මිලට ගැනීමේදී එහි වටිනාකමින් 20% ක ප්‍රතිශතයක් තැන්පතුවක් ලෙස අවශ්‍ය වේ.

ඒ අනුව මෙල්බර්න් කලාපයේ $600,000 ක නිවසක් මිලට ගැනීම සඳහා $120,000 තැන්පතුවක් අවශ්‍ය වේ.

$424,500 ක් පමණ වන unit එකක් මිලට ගැනීම සඳහා $84,900 තැන්පතුවක් අවශ්‍ය වේ.

මෙල්බර්න් කලාපයෙන් පිටත තදාසන්න ප්‍රදේශවල නිවසක් මිලදී ගැනීම සඳහා වන තැන්පතුව ඉතිරි කරගැනීමට යන කාලය නගරයට සමීප නිවසක් මිලට ගැනීම සඳහා තැන්පතුව ඉතිරි කරගැනීමට යන කාලයට වඩා අඩු බවද මෙම වාර්තාව පවසයි.

එමෙන්ම මෙල්බර්න් කලාපයෙන් පිටත තදාසන්න ප්‍රදේශවල නිවාස මිලදී ගැනීම First-home buyers ලා අතර බොහෝ ජනප්‍රිය වේ.

මෙල්බර්න් කලාපයෙන් පිටත තදාසන්න ප්‍රදේශවල නිවාසයක් මිලදී ගැනීම සඳහා 20% ක තනප්තුවක් ඉතිරි කරගැනීමට සාමාන්‍ය වැටුපක් ලබන First-home buyer කෙනෙකුට වසර 4.5 ක් පමණ ගතවන බව සඳහන්.

Melton සහ Bacchus Marsh යන ප්‍රදේශ ඒ අතර වඩා ප්‍රසිද්ධ වේ.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service