දක්ෂිනාංශික අන්තවාදීන්ගේ තර්ජන ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන ලෙස ඉහළ නැග ඇති බව අනාවරණය වී ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Australian Security Intelligence Organisation (ASIO) හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය විසින් මෙය හෙළිදරව් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ දක්ෂිනාංශික අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා
ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ ත‍්‍රස්ත මර්දන සිද්ධීන්ගෙන් 30% ත් 40% ත් අතර සංඛ්‍යාවක් දක්ෂිනාංශික අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා බව ASIO ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Heather Cook තහවුරු කළාය.
එම ප්‍රමාණය ASIO ආයතනයේ කාර්යබාරයෙන් තුනෙන් එකකට වඩා වැඩි බවත් ඇය පැහැදිලි කළාය.
2016 ට පෙර එම ප්‍රමාණය 10% සිට 15% දක්වා ප්‍රමාණයක තිබූ බවද සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කොරෝනා වසංගතය, ත‍්‍රස්තවාදයේ තර්ජනය උග‍්‍ර කරනු ඇතැයි යන බිය මධ්‍යයේ ASIO ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය දක්ෂිනාංශික අන්තවාදීන්ගේ සාමාජිකයින් බඳවා ගැනීමේ පිළිවෙත් IS සංවිධානය සමග සසඳා බලා ඇත.
"IS සංවිධානය සිය ප්‍රචාරක කටයුතු සහ තරුණ හා අවදානම් සහිත පුද්ගලයින් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය හැසිරවීමේ හැකියාව භාවිතා කළ අයුරින්ම මෙය එකිනෙකට වෙනස් නොවේ. මම හිතන්නේ ඒ හා සමාන වැඩපිළිවෙලක් මෙම දක්ෂිනාංශික අන්තවාදී පරිසරයේ ඇතැම් අය යොදාගෙන ඇති බව අපට පෙනෙනවා" යනුවෙන් ASIO ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Heather Cook ප්‍රකාශ කළාය.
ත්‍රස්තවාදයට එරෙහි ඔස්ට්‍රේලියාවේ නීති සම්පාදනය පිළිබඳ පැවැත්වෙන පාර්ලිමේන්තු විමර්ශනය හමුවේ අද (22/09) ඇය මේ බව හෙළි කළාය.
"කොරෝනා වසංගතයේ සමහර තත්වයන් රැඩිකල්වැකරණය වැඩි වීමට හේතු වී තිබෙනවා. තනි පුද්ගලයින් සැලකිය යුතු කාලයක් හුදකලාව සිටීම හෝ නිවසේ සිට රාජකාරී කිරීම හෝ පාසල් නොයාම වැනි දේ ඒ අතරින් විශේෂයි. එමෙන්ම අන් කෙදිනටත් වඩා අන්තර්ජාලය ඔස්සේ වැඩි කාලයක් මේ සමයේ පුද්ගලයින් ගත කිරීම ද ප්‍රධාන හේතුවක් ලෙස දැකිය හැකියි" යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

අන්ත දක්ෂිනාංශික ජාල අලුත් දෙයක් නොවේ
අන්ත දක්ෂිනාංශික ජාල ඔස්ට්‍රේලියාවට අලුත් දෙයක් නොවන බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ASIO ආයතනය, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුවට දන්වා තිබේ.
නමුත් වර්තමාන සාමාජිකයින් තම අතීත සාමාජිකයින්ට වඩා ඉතා හොඳ සංවිධානාත්මක හා නවීන ක්‍රම භාවිත කරන බවද ඔවුහු එහිදී දන්වා ඇත.
විදෙස් රටවල දී සටන් කිරීමේ අරමුණින් මේ වසර මුලදී ඔස්ට්‍රේලියාවෙන් විදෙස් ගතවීමට උත්සහ දැරීමේදී නවත්වාගත් එක් ඔස්ට්‍රේලියානු දක්ෂිනාංශික අන්තවාදියෙකු පිළිබඳ තොරතුරුද එහිදී ඔවුන් අදාළ කමිටුවට ඉදිරිපත් කළේය.
2012 පටන් ඔස්ට්‍රේලියානුවන් 230 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ සටන් කිරීමට ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන්ගෙන් 120 ක් මියගොස් ඇතැයි විශ්වාස කරන බවත් එම තොරතුරු වල අඩංගු විය.
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම බරපතල ත්‍රස්ත තර්ජනය පවතින්නේ විදේශීය කණ්ඩායම් විසින් මෙහෙයවන සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
Neo-Nazis හෙවත් නව-නාසීන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට අතිශය බරපතල තර්ජනයක් බවට පත්වෙමින් සිටින බවට ASIO ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess මේ වසර මුලදී අනතුරු ඇඟවීය.
නමුත් ඒ කොපමණ ප්‍රමාණයක තර්ජනයක්ද යන්න පිළිබඳ තොරතුරු ඔහු හෙළි කළේ නැත.
කෙසේ වෙතත්, වයස අවුරුදු 13 ට අඩු ළමයින් ඉලක්ක කරමින් අන්තවාදී සංවිධාන ඔවුන්ව බඳවා ගන්නා බවත් විමර්ශන කටයුතු සිදු කෙරෙන ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර පුරා දෙගුණයක් වී ඇති බවත් ඔහු පැවසීය.


