Taxi වල ගමන් කරන පුද්ගලයින් කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් ආරක්ෂා වන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා)

How taxi passengers can be COVID-safe?

Are rideshare and taxi drivers essential workers and eligible for the Pfizer jab? Source: AAP/Joel Carrett

කුලී රථ වල ගමන් ගන්නා මගීන් COVID ආරක්‍ෂිත දැයි මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා ගැටළුවක් මතුව තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුව දින 8 ක් පුරාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුලී රථ රියදුරෙක් කුලී රථ ධාවනය කිරීමේ සිදුවීමක් වාර්තා වීමෙන් පසුව මෙම අර්බුදය හටගෙන ඇත.
NSW taxi
NSW will remove cap on taxi licences Source: Pixabay

නිව් සවුත් වේල්ස් සිදුවීම

කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුව දින 8 ක් පුරාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුලී රථ රියදුරෙකු Moorebank, Bankstown, Chipping Norton, Liverpool, Lidcombe, Warwick Farm, සහ Milperra නැමති බටහිර සිඩ්නි උප නගර වල සිය කුලී රථය ධාවනය කළ බවට තොරතුරු ලැබී තිබේ.

මේ අතර එම කුලී රථයේ ගමන් ගත් සියලු මගීන් කොරෝනා ආසාදිතයෙකු සමග සමීපව ගැවසුණු පුද්ගලයින් ලෙස සලකා ඇති අතර ඔවුන් සම්බන්ධ කරගැනීමට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය උත්සාහ දරමින් සිටියි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

නමුත් එම කුලී රථයේ ගමන් ගත් මගීන් 9 දෙනෙකු ගේ විස්තර ලබාගැනීමට ඔවුහු තවමත් අපොහොසත් වී ඇත.

මේ අතර සැප්තැම්බර් 7 සිට 18 දක්වා කාලය තුළදී එම ප්‍රදේශ වල Silver Service කුලී රථ සේවයේ sedan මාදිලියේ කුලී රථයකින් ගමන් ගත් පුද්ගලයින් සිටී නම් කොරෝනා රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දන්වා සිටිති.
La ‘app’ de Singapur para frenar coronavirus que Australia quiere adoptar
Source: Getty Images

කුලී රථ ආරක්ෂිතද?

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ඉහත සිදුවීම හේතුවෙන් කුලී රථ ආරක්ෂිතද? යන ගැටළුව මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා පැතිරී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන් සඳහා කුලී රථ ක්‍රියාකරුවන් අත්‍යවශ්‍ය සේවාවක් අඛණ්ඩව සපයන බවත් රියදුරන් සහ මගීන් ආරක්ෂා කර ගැනීම සඳහා කුලී කර්මාන්තය හැකි සෑම දෙයක්ම කරන බවත් නිව් සවුත් වේල්ස් කුලී රථ කවුන්සිලය පැවසූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කුලී රථ රියදුරන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා නොමිලේ වාහන සනීපාරක්ෂක මධ්‍යස්ථාන වෙත පිවිසිය හැකි බව ද එම කවුන්සිලය පවසයි.

එම සනීපාරක්ෂක මධ්‍යස්ථාන වලදී අදාළ කුලී රථ වල දොර හැඬල, ආසන පටි (seat belts) සහ මුදල් ලබාගන්නා කාඩ් යන්ත්‍ර විෂබීජහරණය කිරීමට දිනපතා හැකියාව ලැබේ.

කෙසේවෙතත්, කුලී රථ වලට සාපේක්ෂව වඩා හොඳ ප්‍රවාහන විකල්ප ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ සායනික වසංගත රෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Fiona Stanaway පවසයි.

"මේ වන විට දුම්රිය වල කිසිවෙකු නොමැති නිසා ඔබට කුලී රථයක යාමට වඩා වැඩි ඉඩක්, පරතරයක් දුම්රියේ තිබෙනවා. ඒ නිසා ඇත්තෙන්ම ඔබ දුම්රියේ දී ආරක්ෂිතයි" යනුවෙන් ඇය පැහැදිලි කළාය.

ඔබ කොරෝනා ආසාදිතයෙකු හට සමීප වන තරමට හා එම පුද්ගලයා සමග ගැවසෙන කාලය වැඩි වන තරමට කොරෝනා වයිරසයට ඔබ නිරාවරණය වීමේ අවදානම වැඩි වන බව ඇය පෙන්වා දුන්නාය.
Taxi
Source: Pixabay

කුලී රථයේ අසුන් ගත යුත්තේ කොතැනද?

කුලී රථවල ගමන් කිරීමේදී පිටුපස අසුනේ අසුන් ගන්නා ලෙසත් මුව ආවරණයක් පළඳින ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant නිර්දේශ කරයි.

නමුත් රියදුරුට සෘජුවම පිටුපසින් අසුන් නොගත යුතු බවද ඇය අවධාරණය කරයි.

මේ අතර කුලී රථ ගමන් සඳහා ගෙවීම් කිරීමේදී මගීන් contactless payment ක්‍රමය අනුගමනය කළ යුතු බවත් තමාගේ ගමන් මළු සහ අනෙක් ද්‍රව්‍ය තමන් විසින්ම මෙහෙයවා ගත යුතු බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant නිර්දේශ කරයි.

කුලී රථයේ වීදුරුවක් විවර කිරීම හරහා මනා වාතාශ්‍රයක් රථය තුළට ලබා ගැනීම සහ පිටව යාමට ඉඩ සැලසීම, යහපත් සනීපාරක්ෂක පිළිවෙත් පිළිපැදීම ඇතුළු ක්‍රම අනුගමනය කිරීමද බුද්ධිමත් ක්‍රියා බව ඇය පවසයි.

ගෙවීම් ලබාගන්නා කාඩ් යන්ත්‍රය පිටුපස ආසනය ආශ්‍රිතව තැබීමෙන් කුලී රථ රියදුරන්ට contactless payment හෙවත් ස්පර්ශ රහිත ගෙවීම් ක්‍රමයක් මගීන්ට ලබා දිය හැකි බව ඇය පවසයි.

මේ අතර දිගු ගමනක් සඳහා කුලී රථ භාවිත කිරීම මග හැරීමට හැකි නම් හෝ විවිධ ප්‍රවාහන මාදිලි කිහිපයක් එවැනි දිගු ගමනකට භාවිතා කිරීම හෝ සුදුසු බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ සායනික වසංගත රෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Fiona Stanaway පවසයි.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Taxi වල ගමන් කරන පුද්ගලයින් කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් ආරක්ෂා වන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala