විදේශයන්හි සිරව සිටින ඔස්ට්‍රේලියානුවන් යළි ගෙන්වා ගැනීමේදී සතිපතා පනවා ඇති උපරිම ගුවන් මගීන් සංඛ්‍යාවේ සීමාව (Arrival Cap) ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කළ යෝජනාවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත සහය දක්වා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අද (18/09) පෙරවරුවේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණි.

විදේශයන්හි සිරව සිටින ඔස්ට්‍රේලියානුවන් යළි ගෙන්වා ගැනීම
මේ වන විට සතියකදී උපරිම වශයෙන් විදේශයන්හි සිටින ඔස්ට්‍රේලියානුවන් 4000 කට පමණක් යළි ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
නමුත් එයට තවත් 1,500 ක පිරිසක් එකතු කිරීමට අද (18/09) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රාන්ත හා ටෙරිටරි බලධාරීහු එකඟ වූහ.
ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලත් ගුවන් මගීන්ගේ සංඛ්‍යා මෙලෙස සීමා කිරීමට වී ඇත්තේ ඒ ඒ ප්‍රාන්ත වල නිරෝධායන වැඩසටහනේ ධාරිතාව අනුවය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව විදේශයන්හි සිරව සිටින ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා තම නිරෝධායන වැඩසටහන් වල ධාරිතාව ඉහළ දැමීමට ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරු අද කැමැත්ත පළ කළෝය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ වන විට සතියකට ගුවන් මගීන් 2,500 ක් පමණ බාරගනු ලබන අතර සැප්තැම්බර් 27 වන දින සිට එම අගයට තවත් 500 ක් එකතු කරනු ඇත.
එමෙන්ම ක්වීන්ස්ලන්ත හා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ද දැනට බාරගන්නා ප්‍රමාණයට අමතරව සතියකට ගුවන් මගීන් 200 බැගින් බාරගැනීමට කැමති වී තිබේ.
මේ අතර තවත් අමතර 300 ක පිරිසක් බැගින් ඔක්තෝබර් 4 සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද ඔක්තෝබර් 11 සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ද බාරගැනීමට කැමැත්ත පළ කර ඇත.

අතරමංවී සිටින ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීම අපට අවශ්‍යයි
කොරෝනා වසංගතය නිසා මේ වන විට විදෙස් රටවල අතරමංවී සිටින ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීම අපට අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවසීය.
දැනට විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානුවන් 24,000 කට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට බලා සිටින බව වාර්තා වේ.
එම ප්‍රමාදයට ප්‍රධානතම හේතු වන්නේ මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලත් ගුවන් මගීන්ගේ සතිපතා සීමාව කුඩා වීම සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු ඉහළ නැගීම බව සඳහන්.
ඉහත සඳහන් කළ පුද්ගලයින්ගෙන් 4,000 ක් පමණ අවදානමට ලක්ව ඇති බව ස්වදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව සලකයි.
තම ප්‍රාන්ත වල හෝටල් නිරෝධායන ධාරිතාව ඉහළ නංවන්නේ කෙසේදැයි ප්‍රාන්ත හා ටෙරිටරි ප්‍රධානීන් තවමත් තහවුරු කර නොමැත.
නමුත් වාණිජ ගුවන් ගමන් ගෙන ඒමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ කටයුතු කිරීමට අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි එකඟ වී ඇති බව අගමැති Scott Morrison පැවසීය.
හෝටල් නිරෝධායන වැඩසටහන අත්හිටුවීමෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තය තමවත් කිසිදු ජාත්‍යන්තර ගුවන් යානයක් ගොඩබෑමට ඉඩ ලබා නොදේ.
ACT, Northern Territory හා ටස්මේනියාව යන ප්‍රාන්ත වලට දැනට වානිජ ජාත්‍යන්තර ගුවන් සේවාවන් නොමැත.

ඔස්ට්‍රේලියා - නවසීලන්ත ගුවන් ගමන්
ඔස්ට්‍රේලියානුවන් හෝ නවසීලන්ත වැසියන් Tasman කලාපය හරහා රට තුළට ඇතුළු වීම සඳහා නිරෝධායන අවශ්‍යතා ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පැහැදිලි කළේය.
නවසීලන්තයේ සිට පැමිණෙන පිරිස් දින 14 ක කාලයක් හෝටල් නිරෝධායන නීතියෙන් මුදවා සෘජුවම ඔස්ට්‍රේලියාවට බාරගැනීම පිළිබඳ සලකා බලමින් සිටින බව ඔහු සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාව පුරා හෝටල් නිරෝධායන පද්ධති පරීක්ෂා කර තැනූ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකාවක් වන Jane Halton ගේ වාර්තාව අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේ ප්‍රධාන අංගයක් බවට පත් විය.
එම වාර්තාවේ ප්‍රතිඵල ඉතා ධනාත්මක බවත් ඒවා ප්‍රාන්ත සහ ටෙරිටරි වල නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳව ප්‍රතිචාර ලබා දීමට යොදා ගන්නා බවත් අගමැති මොරිසන් පැවසීය.


