අන්තර්ජාලය ඔස්සේ දරුවන් මුහුණ දෙන විවිධ උවදුරු පිළිබඳ එසැනින් දෙමාපියන් දැනුවත් කිරීමට ඔස්ට්‍රේලියාවෙන් නව Mobile App එකක් (SBS සිංහල/ වාර්තා)

A new mobile app from Australia to instantly alert parents about the various dangers children face online

A new mobile app from Australia to instantly alert parents about the various dangers children face online Source: AAP

අන්තර්ජාලය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ දරුවන්ට මුහුණ දීමට සිදුවන විවිධ තර්ජන සහ නොපනත්කම් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට නව සයිබර් ආරක්ෂණ app එකක් ඉදිරිපත් කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පර්ත් නුවර Telethon Kids ආයතනය විසින් මෙම app එක නිර්මාණය කර ඇත.

නව සයිබර් ආරක්ෂණ app එක

සයිබර් අවකාශය සහ එහිදී දරුවන් මුහුණ දෙන තර්ජන පිළිබඳ වසර 14 ක් පුරා පර්යේෂණ කරමින් Telethon Kids ආයතනය විසින් මෙම app එක නිර්මාණය කර තිබේ.

මෙය Beacon app එක නමින් හැඳින්වේ.

අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ පසුගිය සතියේදී පූර්ණ වශයෙන් එළියට පැමිණියේය.

මිනිසෙකු තම දිවි අහිමි කරගන්නා ආකාරය ලෝක ප්‍රසිද්ධ TikTok app එක හරහා ලොව සිටින සියලුම දරුවන්ට දැකබලාගැනීමට අවකාශ සැලසීම එම බරපතල සිදුවීම වේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එවැනි අන්දමේ සාහසික සහ අනවශ්‍ය content වලට ළමුන්ව නිරාවරණය වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම Beacon app එක උපකාරී වේ.

එවැනි අනවශ්‍ය content වලට ළමුන්ව නිරාවරණය වන විට Beacon app එක හරහා ඒ පිළිබඳ එසැනින් අදාළ දෙමාපියන් දැනුවත් කෙරේ.

අප දැන් සිටින මෙම තාක්ෂණික යුගයේ ජීවත් වන සෑම දෙමපියෙකුටම මෙම app එක ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි Telethon Kids ආයතනයේ ඩිජිටල් තාක්ෂණික පර්යේෂිකා මහාචාර්ය Donna Cross, චැනල් සෙවන් පුවත් වෙබ් අඩවියට පැවසුවාය.

මෙම Beacon app එක App Store හෝ Google Play වෙතින් මේ වන විට නොමිලයේ download කරගැනීමට ඇත.
Beacon Cyber Safety App
Beacon Cyber Safety App Source: www.beacon.telethonkids.org.au

Online ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම

දෙමව්පියන්ගෙන් 78% ක් තම දරුවන්ගේ Online ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන බව Bankwest සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

online grooming හෝ stalking පිළිබඳව එවැනිම වූ දෙමාපිය ප්‍රතිශතයක් වදවන බවද එම සමීක්ෂණයෙන් හෙළිවිය.

ලිංගික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ අදහසින් යම් වැඩිහිටියෙකු වයස අවුරුදු 16 ට අඩු කෙනෙකු සමඟ Online සම්බන්ධතාවයක් ආරම්භ කිරීම online grooming වේ.

ළමුන්ගේ සෞඛ්‍යයට screen time බලපාන ආකාරය සමඟ Cyberbullying ද මේ වන විට දැඩි අවධානයට ලක් වී ඇත.

එය දරුවන්ගේ සමාජ කුසලතා කෙරෙහි අහිතකර ලෙස බලපායි.

අවශ්‍ය ප්‍රමාණයට වඩා පුද්ගලික තොරතුරු බෙදා ගැනීම ළමුන් කෙරෙහි ඇති විශාලතම online උවදුර ලෙස හැඳින්වේ.

බොහෝ සමාජ මාධ්‍ය ජාල එය දිරිමත් කරන අතර දෙමව්පියන්ට එය කළමනාකරණය කිරීම ද අපහසු වී තිබේ.

ළමුන් සමඟ නිතර හා විවෘතව ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන කතා කිරීම  මෙම ගැටළු නිරාකරණය කර ඉදිරියට යා හැකි හොඳම ක්‍රමය බව Telethon Kids ආයතනයේ ඩිජිටල් තාක්ෂණික පර්යේෂිකා මහාචාර්ය Donna Cross පැවසුවාය.
how to where a mask
. Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service