වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කළ ඩොලර් බිලියන 3 ක කොරෝනා ව්‍යාපාර සහන පැකේජයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

A person wearing a face mask is seen outside of Flinders Street Station in Melbourne, Monday, 10 August, 2020.

A person wearing a face mask is seen outside of Flinders Street Station in Melbourne, Monday, 10 August, 2020. Source: AAP

ඩොලර් බිලියන 3 ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපාර සහන පැකේජයක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ඊයේ (13/09) නිවේදනය කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ව්‍යාපාර සඳහා සහන සැලසීමට එළිදැක්වූ විශාලතම සහන පැකේජය මෙය බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.
Victorian Premier Daniel Andrews addresses the media during a press conference
Victorian Premier Daniel Andrews addresses the media during a press conference. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සහන පැකේජය

වික්ටෝරියානු ප්‍රාන්තයේ හටගත් දෙවැනි කොරෝනා රැල්ල නිසා ප්‍රාන්ත රජය විසින් පැනවූ දැඩි lockdown නීති හේතුවෙන් බොහෝ ව්‍යාපාර වසා දැමීමටත් ඇතැම් ඒවායේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමටත් සිදු විය.

මේ හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ බොහෝ ව්‍යාපාර දැඩි ආර්ථික පීඩනයකට හසුව ඇත.

එලෙස ආර්ථික වශයෙන් පීඩා විඳින ව්‍යාපාර වලට මෙම පැකේජයෙන් සහන සැලසීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

ඊයේ (13/09) ප්‍රකාශයට පත් කරන ලද මෙම සහන පැකේජය සඳහා මුදල් ප්‍රදාන, බදු සහන සහ බදු කල්දැමීම් ඇතුළත් වේ.

එහිදී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වලට අත්පිට මුදල් ලබා දීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ඩොලර් බිලියන 1.1 කට අධික මුදල් ප්‍රමාණයක් වෙන්කොට ඇත.

ප්‍රාන්ත රජයේ ව්‍යාපාර ආධාර අරමුදල සඳහා වන තුන්වන වටයේ අරමුදල්වල කොටසක් ලෙස තවත් ඩොලර් මිලියන 822 ක් ඊට ඇතුළත් ය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඊට අමතරව ඩොලර් මිලියන 10 ක් දක්වා වැටුප් සහිත ව්‍යාපාර සඳහා 2020-2021 මූල්‍ය වර්ෂය සඳහා වැටුප් බදු ද කල් මේ හරහා කල් දමා තිබේ.

ලබන සතියේ සිට Business Victoria වෙබ් අඩවිය හරහා මෙම සහන ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉක්මණින් කටයුතු කරමින් සිටින බව ප්‍රාන්ත රජයේ කර්මාන්ත සහාය හා ප්‍රතිසාධන අමාත්‍ය Martin Pakula පැවසීය.

මෙම lockdown කිරීම hospitality ක්ෂේත්‍රයට බරපතල ලෙස බලපා ඇති බවද ඔහු පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ සැලසුමට අනුව මෙල්බර්න් නුවර අවන්හල්, ආපන ශාලා වල අසුන්ගෙන අමුත්තන් හට ආහාර පාන ගැනීමට අවසර ලැබෙන්නේ ඔක්තෝබර් මස අග සිටය.

නමුත් දින 14 ක කාලය තුළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5 දක්වා පහත බැසහොත් පමණක් එම අවසරය ලැබෙනු ඇත.

ඊයේ ප්‍රකාශයට පත් කරන ලද මෙම සහන පැකේජය යටතේ pubs, සමාජ ශාලා, අවන්හල් සහ හෝටල් වැනි licensed venues හට $10,000 ත් $30,000 ත් අතර මුදලක් හිමිවනු ඇත.
An empty Degraves street in Melbourne which is a usually busy cafe precinct
An empty Degraves street in Melbourne which is a usually busy cafe precinct Source: Getty

2020-21 මූල්‍ය වර්ෂය සඳහා වැටුප් බදු කල් දැමෙයි

ඩොලර් මිලියන 10 ක් දක්වා වැටුප් සහිත ව්‍යාපාර වල 2020-2021 මූල්‍ය වර්ෂය සඳහා වැටුප් බදු ද මෙම සහන පැකේජය හරහා කල් දමා තිබේ.

තවත් ඩොලර් මිලියන 137 ක් වටිනා බදු සහන පැකේජවලට මත්පැන් බලපත්‍ර ගාස්තු සහ congestion බදු නිදහස් කිරීම සහ කල් දැමීම ඇතුළත් වේ.

මේ අතර වානිජ හා කාර්මික දේපළ සඳහා 50% ක මුද්දර ගාස්තු වට්ටම 2021 වසර දක්වා ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.

එමෙන්ම පුරප්පාඩු වූ දේපල (vacant properties) සඳහා Residential Land Tax හෙවත් නේවාසික ඉඩම් බද්ද වසර 2020 සඳහා නිදහස් කරනු ලැබේ.

'COVID normal' අදියර වෙත ළඟා වූ විට දිගුකාලීන සහාය

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ සැලසුමේ අවසාන අදියර වන 'COVID normal' අදියර සඳහා ව්‍යාපාර වලට අනුගත වීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තවත් ඩොලර් මිලියන 44 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි.

Shopify හෝ Squareonline වැනි ඩිජිටල් පද්ධති වලට පිවිසීමට සුළු පරිමාණ ව්‍යාපාර වලට අවස්ථාව ලබා දීම සඳහා එම ඩොලර් මිලියන 44 න් 20ක් වෙන් කෙරෙන බව සඳහන්.

එමෙන්ම online පුහුණු වැඩසටහන් හා වැඩමුළු ද ඊට ඇතුළත් වේ.

ඊට අමතරව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය මාසයේ එළිදැක්වූ Click for Vic වැඩසටහනේ අලෙවි හා ප්‍රවර්ධන කටයුතු සඳහා තවත් ඩොලර් මිලියන 8.5 ක් ඉහත පැකේජය හරහා වෙන් කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර, ගොවිපොළ, ප්‍රාදේශීය කලාප වල වෙළෙඳපොල වලට මෙම කොරෝනා සමයේදී තම භාණ්ඩ අලෙවි කරගැනීමට මෙම Click for Vic වැඩසටහන හරහා සහය ලැබේ.

වික්ටෝරියා හි අපනයන වෙළඳපොළට නව අපනයන මාර්ග පිහිටුවීම සඳහා සහ සැපයුම් කටයුතු සඳහා ඩොලර් මිලියන 15.7 ක ආර්ථික ප්‍රතිසාධන පැකේජයක් ලැබෙනු ඇත.
how to where a mask
. Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service