නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු වූ Mohamed Kamer Nizamdeen ව ත්‍රස්ත චෝදනා වලට පැටලවිමට උත්සාහ කළ Arsalan Tariq Khawaja තමා බියගුල්ලෙකු බව අධිකරණයේදී කඳුළු සලමින් පිළිගෙන තිබේ.
සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට ශ්‍රී ලාංකික තරුණයෙකු වන Mohamed Kamer Nizamdeen ට 2018 වසරේ අග බාගයේදී චෝදනා එල්ල කෙරුණු අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් Nizamdeen ව ත්‍රස්ත චෝදනා වලට පැටලවුයේ ස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja ගේ සොහොයුරා වන Arsalan Tariq Khawaja බවට පසුව අනාවරණය විය.

Arsalan Tariq Khawaja ගේ ප්‍රකාශය
Mohamed Kamer Nizamdeen යුවතියක් සමඟ ඇති කරගත් මිත්‍රත්වය පිළිබඳ Arsalan Tariq Khawaja ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නට වූ බව සඳහන්.
ඒ හේතුවෙන් Nizamdeen ගෙන් පළිගැනීමේ උදෙසා 2018 වසරේ අගෝස්තු මාසයේදී Nizamdeen ගෙන් සොරකම් කරන ලද පොතක ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා සැලසුමක් Arsalan Khawaja විසින් ලියූ බවට පසුව අනාවරණය විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමතිනී Julie Bishop ව ඝාතනය කිරීමට මෙන්ම සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම එම සැලසුමේ දක්වා තිබුණි.
අදාළ යුවතිය සහ Nizamdeen ගේ මිත්‍රත්වය තමාගේ සහ Nizamdeen ගේ මිත්‍රත්වයට අනාරක්ෂිත බවක් සහ මානසික සෞඛ්‍ය ගැටළු ගෙන දෙන්නට වූ බව Arsalan Khawaja, Downing Centre දිසා අධිකරණයට පැවසීය.
"පැහැදිලිවම කිව්වොත් මම බිය ගුල්ලෙක්. ඉදිරියට එන්න මට ධෛර්යයක් තිබුණේ නැහැ. Nizamdeen ව අත්අඩංගුවට පත්වීම මට අවශ්‍ය වුණේ නැහැ." යනුවෙන් Arsalan Khawaja අධිකරණයේදී දුරටත් පැවසීය.

Usman Khawaja ගේ ප්‍රකාශය
Arsalan Khawaja ගේ වැඩිමහල් සොයුරු වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja බ්‍රිස්බේන් නුවර සිට වීඩියෝ මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශයක් ලබා දුන්නේය.
මෙම වරද සිදුකිරීමට පෙර තම සහෝදරයා පරමාදර්ශී පුරවැසියෙකු බව Usman Khawaja එහිදී අධිකරණයට පැවසීය.
තම බාල සොහොයුරා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර ඉතා ජනප්‍රිය බවත් තම සොයුරා පිළිබඳ ඔවුන් නිරතුරුවම තමාගෙන් විමසන බවත් ඔවුන් ඔහුට බෙහෙවින් කැමති බවත් Usman Khawaja වැඩිදුරටත් අධිකරණය වෙත ප්‍රකාශ කළේය.

Nizamdeen ව සිරගත කිරීම
Arsalan Khawaja ගේ කුමන්ත්‍රණයට අනුව සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකික තරුණයෙකු වන Mohamed Nizamdeen ව නිව් සවුත් වේල්ස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කරමින් 2018 අගෝස්තු 31 වන දින අධිකරණයට ඉදිරිපත් කළේය.
අත්අඩංගුවට පත්ව සිටි 25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයෙකුවූ Mohamed Kamer Nilar Nizamdeen ඇප මත නිදහස් කර තිබේ.
IS සංවිධානයත් සමග අනුබද්ධව මොහු කටයුතු කරමින් සිටි බවට ආරක්ෂක අංශ මුලදී සැක පළ කළ බවට වාර්තා විය.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක කළ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ඇතුළු සිඩ්නි නුවර ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් මෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුළත් ලියවිලි කිහිපයක් ඔහුගේ සටහන් පොතක තිබී සොයාගෙන තිබීම මෙම චෝදනා වලට මූලික හේතුව වී තිබුණි.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ නිව් සවුත් වේල්ස් පොලීසිය කටයුතු කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර ලියවිලි වල තිබෙන අත්අකුරු, Nizamdeen ගේ අත්අකුරු සමග සංසන්දනය කර වාර්තාවක් ලබාදෙන ලෙසට අත්අකුරු පිළිබඳ විශේෂඥයින් වෙත ඉන් අනතුරුව පැවරිණි.
මේ අතර සැකකාර ලියවිලි වල තිබූ අත්අකුරු සහ Nizamdeen ගේ අත්අකුරු නොගැලපෙන බව අත්අකුරු පිළිබඳ විශේෂඥයින් තම වාර්තාව ඉදිරිපත් කරමින් පැවසුවේය
ඉන් අනතුරුව Mohamed Nizamdeen හට 2018 සැප්තැම්බර් අග සතියේදී ඇප ලබා දීමට තීරණය කෙරුණි.
ඒ වන විටත් ඔහු සති හතරක පමණ කාලයක් Goulburn's supermax සිර ගෙදර බන්ධනාගාරගතව සිටියේය.
Mohamed Nizamdeen, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ෆයිසර් මුස්තාෆා ගේ ඥාති පුත්‍රයෙකු බවද සඳහන්.

Arsalan Khawaja මෙවැනි දෙයක් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි
Arsalan Khawaja, කාන්තාවක් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් යමෙකුට එරෙහිව දරුණු ත්‍රස්ත චෝදනා ගෙන ඒමට කුමන්ත්‍රණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව අධිකරණය විසින් විභාග කරන ලදී.
මීට වසරකට පෙර, වෙනත් පුද්ගලයෙකු ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනඟා ගත් කාන්තාවකගෙන් එම පුද්ගලයා ඉවත් කිරීමට එම පුද්ගලයාට එරෙහිව බොරු චෝදනා Arsalan Khawaja විසින් එල්ල කර ඇත.
Arsalan Khawaja ට කලින් ගොදුරු වූ තැනැත්තාගේ නම නීතිමය හේතූන් මත ප්‍රකාශයට පත් කළ නොහැකි බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.
කෙසේ වෙතත්, F1 ලෙස ලෙස හඳුන්වන පළමු කාන්තාව අතහැර දැමීමට තමන් බිය වූ බව Arsalan Khawaja අධිකරණයේදී පැවසීය.
මේ අතර Nizamdeen නිසා මෙහි පැමිණෙන දෙවැනි කාන්තාවද තමාට අහිමිවේ යයි බියක් තමාට දැනුණු බව Arsalan Khawaja පැවසුවේය.
"Nizamdeen කිසිවක් කළේ නැහැ. මම ඔහුට බොහෝ වේදනාවක් දුන්නා. මම ඔහුගේ පවුලට විශාල වේදනාවක් දුන්නා.
කෙසේවෙතත්, නිදහස ලැබීමෙන් පසුව Nizamdeen නැවත ශ්‍රී ලංකාවට ගිය බවද වාර්තා වේ.


