Oxford විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වයිරස් එන්නත සම්බන්ධව සිදුකරමින් සිටින අත්හදා බැලීම් අත්හිටුවා ඇති බව අද (09/09) පෙරවරුවේ වාර්තා විය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එම අත්හදා බැලීමට ලක්වූ පුද්ගලයෙකු බරපතල අහිතකර ප්‍රතික්‍රියාවක් අත්විඳීමෙන් පසුව එලෙස එම අත්හදා බැලීම් අත්හිටුවා තිබේ.
Oxford විශ්ව විද්‍යාලයේ කොරෝනා එන්නත
ඔස්ට්‍රේලියාව මේ වන විට බලාපොරොත්තු තබා ඇති කොරෝනා එන්නත් ද්විත්වයෙන් ප්‍රධානතම එන්නත වන්නේ Oxford විශ්ව විද්‍යාලය විසින් අත්හදා බලමින් සිටින කොරෝනා එන්නතය.
Oxford විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් වන Astrazeneca ආයතනය විසින් මේ සම්බන්ධව පර්යේෂණ මෙහෙයවමින් සිටී.
මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් මෙම එන්නතින් මාත්‍රා මිලියන 33 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට ඇණවුම් කර ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
අද පෙරවරුවේ මෙම අත්හදා බැලීම අත්හිටුවීම නිසා ඇතිවන ප්‍රමාදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ AstraZeneca ආයතනය අතර ඇති ගිවිසුම නැති නොවන බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Nick Coatsworth පැවසීය.
නමුත් අත්හදා බැලීමට ලක්වූ පුද්ගලයා අත්විඳි අහිතකර ප්‍රතික්‍රියාව පිළිබඳ පරීක්ෂණ කළ යුතු බවද ඔහු පැවසීය.
අත්හදා බැලීම අත්හිටුවීම ගැන ඔහු කණගාටු නොවන අතර එන්නත පරීක්ෂා කරන පාර්ශවයේ විනිවිදභාවය අගය කළේය.
මෙම අත්හදා බැලීමට ලක්වූ බ්‍රිතාන්‍යයේ පුද්ගලයෙකුගේ පැහැදිලි කළ නොහැකි රෝගයකින් පසුව මෙම අත්හදා බැලීම සඳහා විරාමයක් ලබා දුන් බව Astrazeneca ආයතනය තහවුරු කළේය.
ස්වාධීන කමිටුවක් දත්ත සමාලෝචනය කරයි
ස්වාධීන කමිටුවක් මේ සම්බන්ධ වූ දත්ත මේ වන විට සමාලෝචනය කරනු ඇත.
මෙවන් පැහැදිලි කළ නොහැකි රෝග ඇතිවීම මෙවැනි වූ පර්යේෂණ සිදු කිරීමේදී අත්දකින සාමාන්‍ය දෛනික ක්‍රියාවක් බවත් එය විමර්ශනය කරන අතරම, අත්හදා බැලීමේ අවංකභාවය සහ විශ්වසනීයත්වය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් Astrazeneca ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.
විශාල අත්හදා බැලීම් වලදී රෝගාබාධ අහඹු ලෙස සිදුවන නමුත් මෙය ප්‍රවේශමෙන් පරීක්ෂා කිරීම සඳහා ස්වාධීනව සමාලෝචනය කළ යුතු බවද එම ආයතනය පැවසීය.
"අත්හදා බැලීමේ කාල සීමාවට මෙම සිදුවීමෙන් ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා මෙය සමාලෝචනය කිරීම කඩිනම් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. මෙම අත්හදා බැලීමට සම්බන්ධව වන අපගේ සහභාගීවන්නන්ගේ ආරක්ෂාව සහ අපගේ අත්හදා බැලීම් වලදී එම මෙහෙයුම් ඉහළම මට්ටමින් යුතුව සිදු කිරීමට අපි කැපවී සිටිනවා." යනුවෙන්ද ඔවුහු පැහැදිලි කළහ.
Oxford - AstraZeneca එන්නතේ අත්හදා බැලීම්
අදියර හතරකින් සමන්විත මෙම පර්යේෂණය මේ වන විට ඇත්තේ අවසාන අදියරේ ය.
මෙම කොරෝනා එන්නත පරීක්ෂා කිරීමට එක්සත් රාජධානිය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාව යන රටවල ජනතාව ද ඇතුළත් කරගෙන තිබේ.
පසුගිය මාසයේ අගභාගයේදී AstraZeneca ආයතනය විසින් මෙම එන්නත පිළිබඳ විශාලතම අධ්‍යයනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 30,000 ක් බඳවා ගැනීමට පටන් ගත්තේය.
මෙම එන්නත ලබන වසර මුලදී එළිදැක්වීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.

. Source: SBS Sinhala