වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙල වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් ඊයේ (06/09) ප්‍රකාශ කළේය.
නමුත් එම වැඩපිළිවෙල හේතුවෙන් බොහෝ වික්ටෝරියානු වාසීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දරුණු පසුබෑමකට මුහුණ පා සිටින බව පැවසේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කෙසේනමුත්, වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති හා සීමාවන් ඉතා ඉක්මණින් ඉවත් කළහොත් එය කොරෝනා තුන්වන රැල්ලකට අත වැනිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයකු සහ වසංගත රෝග පිළිබද විද්‍යාඥයකු අනතුරු අඟවයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙල
වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති සංශෝධනය කිරීම පිළිබඳ ඉදිරි වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරමින් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ මේ පිළිබඳ පැවසීය.
මෙම සැලැස්ම අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ ප්‍රාදේශීය වික්ටෝරියා කලාප වල අදියර 4 ක් යටතේ කොරෝනා මැඬලීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට දැනට ක්‍රියාත්මක සිව්වන මට්ටමේ lockdown නීති තවත් සති දෙකක කාලයක් දීර්ග කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
සැප්තැම්බර් 13 වන ඉරිදා සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවනු ලබන ඇඳිරි නීතිය රාත්‍රී 9.00 සිට පසුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වේ.
තවද සැප්තැම්බර් 14 සිට එළිමහන් ව්‍යායාම කිරීමේ කාලය දිනකට පැය දෙකක් දක්වා වැඩි කෙරේ.
දින 28 ක් තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුවහොත් අවසාන පියවර වන 'COVID-normal' නැමති පියවර ක්‍රියාත්මක කෙරේ.
lockdown නීති යටතේ බොහෝ වික්ටෝරියානුවන් මුහුණ දෙන දුෂ්කරතා තමා අවබෝධ කරගෙන ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙතැනින් ලබාගන්න.
lockdown නීති ලිහිල් කිරීමේ සැලසුම පැසසුමට
වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති සංශෝධනය කිරීමේ සැලසුම මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතැම් ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව විසින් විවේචනය කරන්නට පටන් ගෙන තිබේ.
නමුත් ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥයකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයකු වන නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Mary-Louise McLaws වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති සංශෝධනය කිරීම පිළිබඳ සැලසුම පැසසුමට ලක් කර තිබේ.
එම සැලසුම අනුකම්පාව මුසුවුණු ගතානුගතික ප්‍රවේශයක් බව ඇය විස්තර කළාය.
දිනකට කොරෝනා ආසාදිතයින් පහකට වඩා අඩු සංඛ්‍යාවක් අපේක්ෂා කිරීම එහි ගතානුගතික කොටස ලෙස ඇය පෙන්වා දුන් අතර එය ආරක්‍ෂිත ස්ථානයක් නිර්මාණය කිරීමේ මූලික සැලසුමක් බව ඇය SBS පුවත් සේවයට පැහැදිලි කළාය.
එමඟින් කොරෝනා ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් ලුහුබැඳීම වේගයෙන් සිදු කිරීමට සහ පැය 72 ක් තුළ සියලුම සම්බන්ධතා සොයා ගැනීමට ඉඩ සලසන බව ද ඇය පෙන්වා දුන්නාය.

දින 28 ක කාලය ඉතා කටුකයි
වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ සැලසුම අනුව දින 28 ක් තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුවහොත් අවසාන පියවර වන 'COVID-normal' නැමති පියවර ක්‍රියාත්මක කෙරේ.
නමුත් එම දින 28 ක කාලය ඉතා කටුක බව මහාචාර්ය Mary-Louise McLaws පැවසුවාය.
"මම හිතන්නේ එය ඉතා දැඩියි. මම හිතන්නේ දිනකට ආසාදිතයින් 5 කට වඩා අඩුවීමේ නිර්ණායකය වික්ටෝරියානු ප්‍රාන්තය වඩාත් සුරක්ෂිත තැනකට ගෙන යනවා කියලා." යනුවෙන් ඇය පැහැදිලි කළාය.
මෙම සැලසුම ඉතා කර්කෂ බවත් වික්ටෝරියානු ප්‍රාන්තය ඉතා ඉක්මණින් යළි විවෘත කළ යුතු බවත් බොහෝ වික්ටෝරියානු වාසීහු පවසති.
කොරෝනා නීති කලින් ලිහිල් කිරීම අවදානම්
පසුගිය සති කිහිපය පුරාවටම වික්ටෝරියානු ප්‍රාන්තයෙන් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවූ බවත් 4 වන මට්ටමේ lockdown කාල සීමාවේදී පවා සිතූ තරම් එම සංඛ්‍යාව පහත බැස නොගිය බවත් මහාචාර්ය McLaws ප්‍රකාශ කළාය.
4 වන මට්ටමේ lockdown කාල සීමාවේදී බොහෝ වික්ටෝරියානුවන් තම වගකීම සහ යුතුකම මැනවින් ඉටු කළ බවද ඇය පැවසුවාය.
නමුත් ඔවුන් මෙම සංක්‍රාන්තික අවධියේ සිටින විට කොරෝනා නීති හා සීමාවන් ඉවත් කරන්නේ නම් එය ඉතා ඉක්මන් බව මහාචාර්ය McLaws අනතුරු ඇඟවූවාය.
සංක්‍රාන්තික අවධිය යනු මෙම වසංගත තත්ත්වය බරපතල අවධියකට පත්වීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාව සීමා කළ යුතු අවධිය වේ.
"එයයි ප්‍රශ්නය. වික්ටෝරියානුවන් මෙම බරපතල අවධිය සමඟ ජීවත් වී ඇති අතර ඔවුන් තවමත් එය ආපසු හැරවිය හැකි තත්වයක සිටින බව අමතක කර තිබෙනවා." යනුවෙන් මහාචාර්ය McLaws පැහදිලි කළාය.
එනිසා දෙවැනි කොරෝනා රැල්ලක් අත්දකින ලද වික්ටෝරියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් අනවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ සැලසුමට එල්ල කෙරෙන විවේචන සහ චෝදනා වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කොරෝනා මැඩලීමට ගත් ප්‍රාන්ත රජයේ ක්‍රියාමාර්ග සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ඇති බව ඔහු පැවසීය.


