ඩොලර් බිලියන 1.7 ක වියදමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සිදුකරන ලද ගනුදෙනු දෙකක් යටතේ කොරෝනා වයිරසයට එරෙහිව නිපදවන එන්නත ලබන වසරේ මුල සිට ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
බ්‍රිතාන්‍ය සහ ක්වීන්ස්ලන්ත විද්‍යාඥයින් විසින් පර්යේෂණ සිදුකරමින් සිටින කොරෝනා වයිරස් එන්නත සාර්ථක වුවහොත් එය මෙලෙස ලබන වසර මුල සිට ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාගත හැකිය.

Oxford සරසවිය සහ Astrazeneca සුසංයෝගයේ එන්නත
ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු තබා ඇති කොරෝනා එන්නත් ද්විත්වයෙන් එකක් වනුයේ Oxford විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් වන Astrazeneca ආයතනය විසින් පර්යේෂණ සිදුකරමින් සිටින කොරෝනා වයිරස් එන්නතය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ AstraZeneca සමාගම අතර ඇතිකරගෙන ඇති අවබෝධතාව මත මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් මෙම එන්නත නිර්මාණය කිරීම සඳහා අදාළ විද්‍යාත්මක වට්ටෝරුව ද ඔස්ට්‍රේලියාවට ලැබෙන බව සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව ඔස්ට්‍රේලියාවට එය තමන්ගේම නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය කිරීමට ද අවසර ලැබේ.
අදියර හතරකින් සමන්විත මෙම පර්යේෂණය මේ වන විට ඇත්තේ අවසාන අදියරේ ය.
මෙම කොරෝනා එන්නත පරීක්ෂා කිරීමට එක්සත් රාජධානිය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාව යන රටවල ජනතාව ද ඇතුළත් කරගෙන තිබේ.
මෙම එන්නත ලබන වසර මුලදී එළිදැක්වීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සහ CSL සුසංයෝගයේ එන්නත
ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු තබා ඇති දෙවැනි කොරෝනා එන්නත වනුයේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සහ CSL ආයතනය විසින් පර්යේෂණ සිදුකරමින් සිටින කොරෝනා වයිරස් එන්නතය.
මෙය බොහෝ විට ලබන වසර මැදදී එළිදැක්වීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.
එන්නත් මිලියන 84.8 ක් නිෂ්පාදනය කිරීම
මෙම එන්නත් දෙකම ආරක්ෂිත බවත් කාර්යක්ෂම බවත් පර්යේෂණ වලදී ඔප්පු කළ යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison පැවසුවේය.
එමෙන්ම එන්නත් දෙකම ප්‍රසිද්ධියේ ලබා දීමට පෙර අදාළ නියාමන අවශ්‍යතා සපුරා ලිය යුතු බවද අගමැති මොරිසන් පැවසීය.
මූලික වශයෙන් මෙල්බර්න් නුවර CSL ආයතනය විසින් කොරෝනා එන්නත් මිලියන 84.8 ක් නිෂ්පාදනය කරනු ඇති බව වාර්තා වේ.
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ එන්නතින් මාත්‍රා මිලියන 51 කින්ද Oxford විශ්ව විද්‍යාලයේ එන්නතින් මාත්‍රා මිලියන 33.8 කින්ද එය සමන්විතය.
මෙම එන්නත් සඳහා වූ නිෂ්පාදන හා සැපයුම් ගිවිසුම් සුරක්ෂිත කිරීමෙන්, ආරක්ෂිත හා කාර්යක්ෂම කොරෝනා එන්නතක් ලබා ගන්නා ලොව පළමු වැසියන් අතරට ඔස්ට්‍රේලියානුවන් ද එක්වන බව අගමැති මොරිසන් වැඩි දුරටත් පැවසීය.
"මෙම එන්නත් සාර්ථක වන බවට කිසිදු සහතිකයක් තවමත් නැහැ. කෙසේ වෙතත්, අපගේ වෛද්‍ය විශේෂඥයින් විසින් මෙම එන්නත් සඳහා කොළ එළියක් ලබා දෙන්නේ නම්, කොරෝනා එන්නත ලබාගැනීමේ පෝලිමේ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටිනවා" යනුවෙන්ද අගමැතිවරයා පැවසීය.
එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් යන පදනම යටතේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෙම එන්නත් ඇනවුම් කර ඇති බවද CSL ආයතනය පැවසීය.
ගිවිසුමේ පළමු අදියරේදී Oxford විශ්ව විද්‍යාලයේ එන්නතේ මාත්‍රා මිලියන 3.8 ක් 2021 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ලබා දෙනු ඇත.
මෙම එන්නත ලබාගැනීම අනිවාර්ය නොවන නමුත් හැකි තරම් ඔස්ට්‍රේලියානුවාසීන් මෙය ලබා ගැනීමට උනන්දු කරවීමට රජය අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.


