මේ වන විට වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සීමා එළඹෙන නත්තල වන විට යළි විවෘත කිරීම පිළිබද අද (04/09) පෙරවරුවේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහිදී එක් ප්‍රාන්තයක් හැර සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි සියල්ලම නත්තලට පෙර ප්‍රාන්ත සීමා සඳහා පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමට එකඟවී ඇති බව වාර්තා වේ.

ප්‍රාන්ත හා ටෙරිටරි සීමා යළි විවෘත කිරීම
ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාන්ත හා ටෙරිටරි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද (04/09) ජාතික කැබිනට් මණ්ඩලය රැස්විණි.
එහිදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි සියල්ලම නත්තලට පෙර ප්‍රාන්ත සීමා සඳහා පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමට එකඟවී තිබේ.
ඔස්ට්‍රේලියාව වැනි විවිධත්වයෙන් යුතු රටක සෑම ප්‍රාන්තයක්ම සෑම කාරණයක් සම්බන්ධයෙන්ම එකම තීරණයකට පැමිණෙනු ඇතැයි සිතිය නොහැකි බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව පවසා ඇත.
තමන් මුහුණ දුන් අභියෝග පිළිබඳව ප්‍රාන්ත හා ටෙරිටරි බලධාරීන් සියලු දෙනාම වෙනස් මත දැරීම පුදුමයක් නොවන බව අගමැති මොරිසන් ද කැබිනට් රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි සියල්ලම කොරෝනා මර්මස්ථාන සංකල්පයේ සිට ප්‍රාන්ත හා ටෙරිටරි අතර සංචාරය කිරීම් සීමා කිරීමට එකඟවූ බවද අගමැති මොරිසන් එහිදී ප්‍රකාශ කළේය.
ඒ අනුව මුළුමනින්ම ප්‍රාන්ත සීමා වසා නොදමා ඒ ඒ ප්‍රාන්ත වල ඇති කොරෝනා මර්මස්ථාන අනුව ප්‍රාන්ත සීමා තරණය කිරීම තීරණය වනු ඇත.
ප්‍රාන්ත හා ටෙරිටරි වලට තම බල ප්‍රදේශ සම්බන්ධව අවසන් තීරණ ගැනීමට සාධාරණ අයිතියක් හිමිවන අතර මෙම නව ගමන යාමට එකඟවූ ප්‍රාන්ත හා ටෙරිටරි හතත් සමග මෙය කෙසේ හෝ සාර්ථක කරගැනීමට උපරිමව කටයුතු කරන බව ද ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.

බටහිර ඔස්ට්‍රේලියාව බැහැ කියයි
කොරෝනා මර්මස්ථාන සංකල්පය මත පදනම්ව කොරෝනා වසංගත කාලය තුළ ප්‍රාන්ත සීමා කළමනාකරණය කිරීම සාර්ථක නොවන බව තමන් ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
"රටේ සෙසු ප්‍රාන්ත මෙන් නොව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ මේ වන විට ආර්ථික අවපාතයක් නැහැ. එනිසා අපි අපේ ප්‍රාන්ත සීමා අකාලයේ නැවත විවෘත කරන්නේ නැහැ." යනුවෙන් අද (04/09) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති McGowan මාධ්‍ය හමුවේ පැවසීය.
"අපි ඉක්මණින් ගියහොත් එය මාරාන්තික විය හැකි අතර ආර්ථික විනාශයක් සිදුවිය හැකියි" යනුවෙන්ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
තම ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකය නංවාලමින් සිටින බවද ඔහු පැවසීය.

කොරෝනා මර්මස්ථාන සංකල්පය
කොරෝනා මර්මස්ථාන සංකල්පය ට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය හැර සෙසු සියලු ප්‍රාන්ත එකඟ වූ නමුත් ඔස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා එයට දැක්වූ අර්ථකතනයේ ඇති සංකීර්ණභාවය ඔවුහු සියල්ලෝම ප්‍රතික්ෂේප කළහ.
මෙට්‍රොපොලිටන් කලාපයක නම් අදාළ ප්‍රදේශය තුළ අඛණ්ඩව දින තුනක් පුරා ආසාදිතයින් 10 දෙනෙකු බැගින් වාර්තා වීම කොරෝනා මර්මස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව එම අර්ථකතනයේ දැක්වෙයි.
එමෙන්ම ප්‍රාදේශීය කලාපයක නම් ඒ සඳහා අඛණ්ඩව දින තුනක් පුරා ආසාදිතයින් තිදෙනෙකු බැගින් වාර්තා විය යුතුය.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස වැඩි කිරීමට එකඟතාවක්
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ප්‍රමාණය සඳහා මේ වන විට ඒ ඒ ප්‍රාන්ත විවිධ සීමා පනවා ඇති අතර එම සීමා වෙනස් කර පැමිණෙන ප්‍රමාණය ඉහළ දැමීමට අද (04/09) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟ වී තිබේ.
එහිදී විශේෂයෙන්ම විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට නැවත ඒමට නොහැකිවී සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ව ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දීමටද අවධානය යොමුවී තිබේ.
මේ වන විට සතියකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඇත්තේ 4,0000 ක පමණ පිරිසකට වන නමුත් 23,000 ක පමණ පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් බලා සිටී.
මෙල්බර්න් නුවරට තවමත් ජාත්‍යන්තර ගුවන් මගීන් බාර නොගන්නා නිසා මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන් ගේ විශාල බරක් දැරීමට සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරටය.
ඒ අනුව අනෙක් ප්‍රධාන නගර වන පර්ත්, ඇඩිලේඩ්, ඩාවින්, කැන්බරා සහ හෝබාට් යන නගරද ඒ සඳහා සූදානම් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
කෙසේනමුත්, සතියකට පැමිණෙන පිරිස 4,000 සිට කුමන අගයක් දක්වා ඉහළ දමනවාද යන්න පිළිබඳ තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැත.
මේ අතර ඔස්ට්‍රේලියානුවන්ට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව විදෙස් ගතවීමට පනවා ඇති තහනම තවත් මාස 3 කින් දීර්ග කර තිබේ.


