මෙල්බර්න් නුවරට පනවා ඇති 4 වන මට්ටමේ lockdown නීති තවත් සති දෙකක කාලයක් සඳහා නිර්දේශ කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකර ඇති යෝජනාව යල්පැන ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අද (03/09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ යෝජනාව
වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි කොරෝනා නීති සම්බන්ධව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා අඩංගු ලේඛනය ප්‍රාන්තයේ කොරෝනා අර්බුදය පිළිබඳ කටයුතු කරන සභාවට ගොස් නැති බව වාර්තා වේ.
මේ අතර Herald Sun පුවත් පතේ පළවූ මෙම යෝජනා අඩංගු ලේඛනය තවදුරටත් වලංගු නොවන බවද ඔහු අද (03/09) පැවසීය.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කරන්නේ කෙලෙසද යන්න පිළිබඳ පූර්ණ මාර්ගෝපදෙශයක් එළඹෙන සැප්තැම්බර් 06 වන දින ප්‍රාන්ත වැසියන්ට හෙළිදරව් කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
"එය දින දර්ශනයේ දිනයන් හරහා සරලව මෙහෙයවීමට නොහැකියි, එය විද්‍යාව හා දත්ත මගින් මෙහෙයවනු ලැබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් කීයක් සිටීද යන්න සහ ආසාදිතයින් වර්ග අනුව එය මෙහෙයවනු ලැබේ." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විශාල ආකෘති ප්‍රමාණයක් නිර්මාණය වෙමින් පවතින බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත් ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

දළ සැලැස්ම
මෙම දළ සැලැස්ම මඟින් වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට දිනකට පැය දෙකක කාලයක් ව්‍යායාම කිරීමට ඉඩ ලබා දෙනු ඇත.
එමෙන්ම තනි පුද්ගලයන්ට සහ තනිව ජීවත්වන තනිකඩ දෙමව්පියන්ට සැප්තැම්බර් 14 න් පසු නම් කරන ලද අමුත්තෙකු ගෙන්වා ගැනීමට ඉඩ ලබා දේ.
මේ වන විට සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති ඇඳිරි නීතිය සැප්තැම්බර් 28 තෙක් දීර්ග කෙරෙනු ඇත.
එම දිනයෙන් පසුව එළිමහනේදී පුද්ගලයින් පස් දෙනෙකු සමග එක්රැස්විය හැකිය.

යෝජිත ලේඛනයේ කොරෝනා නීති වලට සිදුකළ වෙනස්කම්
සැප්තැම්බර් 14 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් වන අයුරු පිළිබඳ අදාළ යෝජිත ලේඛනයේ සටහන් වූ ආකාරය පහත පරිදි බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් මින් එකක් හෝ තවමත් ක්‍රියාවට නැංවීමට තීරණය කර නොමැති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Allen Cheng පැවසීය.
සැප්තැම්බර් 14 සිට සිදුවන ලිහිල් කිරීම්
- එළිමහනේදී පුද්ගලයින් දෙදෙනෙකු හට එක් රැස්විය හැකිය.
- දිනකට පැය දෙකක් දක්වා ව්‍යායාම් කිරීමට සහ සමාජ අන්තර්ක්‍රියා සඳහා ඉඩ ලබා දෙන අතර එය සැසි දෙකකට බෙදේ.
- සම්බන්ධතා රහිත පොත් බාරගැනීම් සහ පොත් ගෙනයාම් සඳහා පුස්තකාල විවෘත කළ හැකිය.
සැප්තැම්බර් 28 සිට සිදුවන අනෙකුත් ලිහිල් කිරීම්
ප්‍රාථමික හා ද්විතීක පාසල් වල සිසුන් හට පාසල් අධ්‍යාපනය පන්ති කාමරයේ සිට ලබා දීම ආරම්භ වේ.
childcare සේවා ලබාගැනීමට තවදුරටත් බලපත්‍රයක් අවශ්‍ය නොවේ.
එක් පුහුණුකරුවෙකුට උපරිම පුද්ගලයන් දෙදෙනෙකු බැගින් එළිමහන් පුද්ගලික පුහුණුව සඳහා අවසර ලැබේ.
ව්‍යායාම සඳහා එළිමහන් පිහිණුම් තටාක විවෘත කෙරේ. මෙහිදී එක් තටාකයකට උපරිම පුද්ගලයින් 20 ක් ලෙස දක්වා ඇති අතර එක් කණ්ඩායමකට උපරිම පුද්ගලයින් දෙදෙනෙකි.


