නත්තල් සමයට පෙර ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි සීමා යළි විවෘත කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරි සීමා වසා දමා තිබේ.

අගමැති ගේ ආයාචනය
දැනට වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි සීමා නත්තල් සමයට පෙර විවෘත කරන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය කටයුතු තීරණය කිරීම සඳහා එකට එක්ව සාකච්ඡා කරන ලෙසද ඔහු ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන්ට දන්වා ඇත.
මෙලෙස ප්‍රාන්ත හා ටෙරිටරි සීමා වසා දැමීම නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මහත් අපහසුතාවකට පත්ව තිබේ.
ප්‍රාන්ත හා ටෙරිටරි හරහා ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවාසීන්ගේ පාර්ශවයෙන් මානුෂීය පීඩනයටත් ආර්ථිකය පාර්ශවයෙන් ආර්ථික පීඩනයටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට පත්ව ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
COVID-19 වසංගතය යටතේ අවතැන් වූ රටක් ලෙස ඔස්ට්‍රේලියාවට ගමන් කළ නොහැකි බවට අගමැති මොරිසන් අනතුරු අඟවා තිබේ.
මේ වන විට ඇති තත්ත්වය අනුව ප්‍රාන්ත හා ටෙරිටරි සීමා වසා දැමීම තේරුම්ගත ගත හැකි බවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම් කාලය තුළදී ඔහු පැවසුවේය.
නමුත් නත්තල වන විට සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට එකට එකතු වීමට අවස්ථාවක් උදාකර දිය යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා මර්මස්ථාන පිළිබඳ නව අර්ථ දැක්වීමක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර සංචාර සම්බන්ධව රජයේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයෙන් නිශ්චිත සෞඛ්‍ය උපදෙස් ලබා දී නොමැති බව අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ තර්ක කළේය.
සිකුරාදා පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොරෝනා මර්මස්ථාන පිළිබඳ නව අර්ථ දැක්වීමක් අනුමත කරන ලෙස සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන්ගෙන් ඉලා සිටීමට අපේක්ෂා කරන බවද අගමැති මොරිසන් පැවසීය.
ඒ හරහා පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමට අවස්ථාව උදාවනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරුන් සමඟ සඳුදා (31/08) රාත්‍රියේ වසා දමා ඇති ඔවුන්ගේ ප්‍රාන්ත සීමා ආරක්‍ෂිත නම් පමණක් නැවත ඉක්මණින් විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ද අගමැති මොරිසන් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ පළමු කොරෝනා රැල්ලෙන් අනතුරුව කොරෝනා නීති ලිහිල් කළ අයුරින් මෙවරද එය සිදු කිරීමට තමන්ට අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

ප්‍රාන්ත සීමා වසා දැමීම දේශපාලන පොරයක් වෙයි
කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රාන්ත සීමා වසා දැමීම සහ ඒවා යළි විවෘත කිරීම පිළිබඳ අර්බුදය මේ වන විට දේශපාලන පොරයකට මග පාදා තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා වසා දැමීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය දිනවල බරපතල ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය ව විවේචනය කරන්නට විය.
මේ අතර Northern Territory සීමාවන් මාස 18 ක් පමණ වසා දැමීමට සිදුවනු ඇතැයි එහි ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් පසුගියදා පැවසුවේය.
ටස්මේනියා ප්‍රාන්ත සීමාද මේ වන විට දෙසැම්බර් 01 තෙක් වසා දමා ඇත.
කම්කරු පක්ෂ රජයක් යටතේ පවතින ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත සීමා වසා දැමීම සම්බන්ධයෙන් මධ්‍යම රජය එල්ල කරන විවේචන වලට විපක්ෂ නායක Anthony Albanese අගමැති මොරිසන් හට චෝදනා කළේය.
ලිබරල් රජයන් යටතේ පවතින ටස්මේනියා හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වල ප්‍රාන්ත සීමා වසා දැමීම පිළිබඳ මුනිවත රකින මධ්‍යම රජය ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත සීමා වසා දැමීම සම්බන්ධයෙන් විවේචනය කරන්නේ ඇයිදැයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත.


