සිඩ්නි නගරයේ COVID-19 පොකුරක් පැතිරීම නිසා සිඩ්නි බස් මාර්ගයක්, ජනප්‍රිය කාය වර්ධන මධ්‍යස්ථානයක් සහ පබ් එකක් හදිසි මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම්වල නවතම ස්ථාන ලෙස නම් කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි බස් මාර්ගයක ගමන් කළ බස් රථයක සිටි සියලුම මගීන් හට ස්වයං නිරෝධායනය වන ලෙසද මේ වන විට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

සිඩ්නි බස් රථයේ කොරෝනා පොකුර
සිඩ්නි බස් මාර්ගයක ගමන් කළ බස් රථයක මේ වන විට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබේ.
අගෝස්තු 20 වන දින සිඩ්නි නුවර Australia චතුරශ්‍රය ඉදිරිපිට Pitt වීදියෙන් උදෑසන 6.08 ට පිටත්වූ X39 මාර්ගයේ ධාවනය වන බස් රථයේ මෙලෙස මෙම කොරෝනා ආසාදිතයින් සිටි බව වාර්තා වේ.
එම බස් රථය Carrington මාර්ගයේ Randwick's Clovelly මාර්ගය වෙත එදින උදෑසන 6.40 ට ළඟා වී තිබේ.
ඒ අනුව එම බස් රථයේ අදාළ වේලාවන් තුළ සිටි සියලු මගීන් කොරෝනා රෝග ලක්ෂණ නොමැති වුවද සැප්තැම්බර් 3 වන දා මධ්‍යම රාත්‍රිය තෙක් ස්වයං නිරෝධායනය විය යුතු බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය පවසයි.

පොදු ප්‍රවාහන සේවා වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ඉල්ලීම්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂ නායිකා Jodi McKay නැවත වරක් ප්‍රාන්ත අගමැතිනිය වන Gladys Berejiklian ගෙන් ඉල්ලා සිටී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
"බස් රථයක ගමන් ගත් මගීන් සියලු දෙනාම ස්වයං නිරෝධායනය වීමට දැන් නියෝග පනවලා, මේ අවදානම් තත්ත්වය දැනටමත් දුර දිග ගොස් වැඩියි. එනිසා ප්‍රාන්ත අගමැතිනියනි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරන්න" යනුවෙන් ප්‍රාන්ත විපක්ෂ නායිකා Jodi McKay සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන නමුත් නිවසින් පිටතින් යන විටදී සහ පුද්ගල දුරස්ථභාවය රැකීමට අපහසු ස්ථාන වලදී මුව ආවරණ පළඳින ලෙසට ප්‍රාන්ත රජය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට නිර්දේශ කර තිබේ.
කාය වර්ධන මධ්‍යස්ථානයක් සහ Pub එකක් ආශ්‍රිතවත් හදිසි මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම්
මීට අමතරව සිඩ්නි හි කාය වර්ධන මධ්‍යස්ථානයක් සහ Pub එකක් ආශ්‍රිතව ද හදිසි මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අගෝස්තු 22 වන දින පස්වරු 6 සිට රාත්‍රී 8.30 දක්වා පැය 2 කට වැඩි කාලයක් Highfield Caringbah pub හි සිටි පුද්ගලයින් සියලු දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය විය යුතු බවත් ඔවුන් කොරෝනා පරීක්ෂාව සිදුකරගත යුතු බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය පවසයි.
ඉහත වේලාව තුළ පැය 2 කට අඩු කාලයක් Highfield Caringbah pub හි සිටි පුද්ගලයින් තමන්ට කොරෝනා රෝග ලක්ෂණ හටගනී දැයි විමසිල්ලෙන් සිටින ලෙසද නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය පවසයි.
මේ අතර අගෝස්තු 23 වන දින පස්වරු 3.30 සිට 4.15 දක්වා කාලය තුළ Randwick's Fitness First කාය වර්ධන මධ්‍යස්ථානයේ සිටි සියලුම පුද්ගලයින්ට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය දන්වා සිටී.
ඊට අමතරව සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි Tattersalls කාය වර්ධන මධ්‍යස්ථානය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 29 ක් දක්වා මේ වන විට ඉහළ නැග තිබේ.
අගෝස්තු 19, 21, 23, 24 සහ 25 යන දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා කාලය තුළ Tattersalls කාය වර්ධන මධ්‍යස්ථානයේ සිටි සියලුම පුද්ගලයින් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය විය යුතු බවත් ඔවුන් කොරෝනා පරීක්ෂාව සිදුකරගත යුතු බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය පවසයි.

එමෙන්ම Lindfield හි පිහිටි Reddam පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයකු හට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග විෂබීජහරණය කිරීම සඳහා එම මධ්‍යස්ථානය වසා දමා ඇත.


