කොරෝනා වසංගත සමයේදී මානසික ගැටළු මග හරවා ගැනීමට අනුගමනය කළ හැකි මානසික සෞඛ්‍ය උපදෙස් 10 ක් (SBS සිංහල/ වාර්තා)

Victoria's Stage 4 restrictions have been extended by at least two weeks.

Victoria's Stage 4 restrictions have been extended by at least two weeks. Source: AFP/Getty Images

කොරෝනා වසංගතය සමග හටගත් සාමාජීය හා ආර්ථිකමය වෙනස්කම් හේතුවෙන් බොහෝ දෙනෙකු හට යම් යම් මානසික සෞඛ්‍ය ආබාධ සහ ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එම මානසික සෞඛ්‍ය ගැටළු මග හරවා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ජාතික මානසික සෞඛ්‍ය කොමිසම විසින් මානසික සෞඛ්‍ය උපදෙස් හෙවත් පිළිවෙත් 10 ක් නිවේදනය කර ඇත.

Chief executive of the National Mental Health Commission, Christine Morgan
Chief executive of the National Mental Health Commission, Christine Morgan. Source: AAP

කොරෝනා වසංගතය හා මානසික සෞඛ්‍ය ගැටළු

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහොමයක් දෙනා හට එක් එක් මට්ටම් වල මානසික සෞඛ්‍ය ගැටළු මතුවීමට පටන් ගෙන ඇති බව ජාතික මානසික සෞඛ්‍ය කොමිසම පවසයි.

පසුගිය මාස 6 තුළ මානසික සෞඛ්‍ය සේවා සහය සොයමින් පැමිණි පිරිස විශාල වශයෙන් ඉහළ ගිය බව ජාතික මානසික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරිනී Christine Morgan, SBS පුවත් සේවයට පැවසුවාය.

පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලයේදී අප සහය සේවා වල කාර්ය බහුලත්වය 30-35% ක් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

Sinhala infographic - How to where a mask
Source: SBS

සමස්තයක් වශයෙන් Medicare මානසික සෞඛ්‍ය සේවාවන්හි ද 8% වැඩිවීමක් දක්නට ලැබේ.

කොරෝනා වසංගතය දීර්ග කාලයක් පැවතීම නිසා ජන ජීවිතයේ යම් අවිනිශ්චිතතාවක් හටගෙන ඇති අතර කොරෝනා නීති හා සීමාවන් නිසා එම අවිනිශ්චිතතාව වඩාත් උග්‍ර වී ඇති බවද ජාතික මානසික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරිනී Christine Morgan, SBS පුවත් සේවයට පැවසුවාය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එනිසාම මෙම මානසික සෞඛ්‍ය ගැටළු වලින් මිදීමට අවශ්‍ය මානසික සෞඛ්‍ය උපදෙස් හෙවත් පිළිවෙත් 10 ක් ජාතික මානසික සෞඛ්‍ය කොමිසම විසින් සකස් කර තිබේ.

කොරෝනා වසංගත සමයේදී අනුගමනය කළ හැකි මානසික සෞඛ්‍ය උපදෙස් 10 ක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක 20 කට අධික මානසික සෞඛ්‍ය හා සමාජ සේවා සංවිධාන මෙන්ම රජයේ ආයතන ද එක්ව කොරෝනා වසංගත සමයේදී අනුගමනය කළ හැකි මෙම මානසික සෞඛ්‍ය උපදෙස් 10 සකසා තිබේ.

ඒවා පහත පරිදි වේ.

  1. බොහෝ වේලාවක් ගත කරන රූපවාහිනී තිරය හෝ පරිගණක තිරයෙන් මෑත්වී සමීපම හිතවතුන් ඇසුරු කරන්න.
  2. ඔබ ගැන සැලකිලිමත් වීම අන් අය ගැන සැලකිලිමත් වීමට ඔබට උපකාරී වේ.
  3. මුල්‍ය ආතතිය යනු සැබෑ ආතතියකි. අදම ඊට නොමිලේ සහාය ලබාගන්න.
  4. ඔබේ හැගීම් යටපත් නොකර පිටකර හැරීම යහපත්ය. ඔබේ මත්පැන් පානය කරන පුරුද්ද වෙනස් කරගැනීමට පියවර ගන්න.
  5. ඔබට සරිලන ඔබේම දින චරියාවක් සකසා ගන්න.
  6. ගෘහස්ථ හෝ පවුල් හිංසනය සඳහා තැනක් නොමැත. උදව් මෙහි ඇත.
  7. ඔබ උපකාර සඳහා ළඟා වන්නේ නම් ඒවා ලබා ගත හැකිය.
  8. ඔබේ සහාය හරහා වෙනසක් ඇති කළ හැකිය.
  9. ඔබේ කොටස ඉටු කරන්න. යහපත් දේ කිරීමෙන් සතුටක් දැනේ.
  10. නිතරම පාහේ විවේකයක් ගන්න.

Share

3 min read

Published

Updated

By Madhura Seneviratne, Essam Al-Ghalib




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now