නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමට පෙර ඇතැම් ප්‍රදේශ වල වැසියන්ට ප්‍රාන්ත රජය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ සඳහා මෙම රතු එළිය ප්‍රාන්ත රජය විසින් නිකුත් කර ඇත.

මද වශයෙන් රෝග ලක්ෂණ තිබුණත් පරීක්ෂා කරගන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ වල වාසය කරන පුද්ගලයින් හට කොරෝනා රෝග ලක්ෂණ මද වශයෙන් තිබුණද අනිවාර්යෙන් කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
මේ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ද දක්වා තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
"අදාළ ප්‍රදේශ වල වාසය කරන හෝ පසුගිය සති දෙක තුළ එම ප්‍රදේශ වෙත ගිය පුද්ගලයින් වෙතොත් නාසයෙන් සොටු දියර ගැලීම හෝ උගුර කැසීම වැනි මෘදු කොරෝනා රෝග ලක්ෂණ තිබුණද අනිවාර්යෙන් කොරෝනා පරීක්ෂාව සිදු කරගන්න" යනුවෙන් එහි දන්වා ඇත.

කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීම ඉහළ දැමූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ
- Campbelltown නගර සභා කලාපය
- Canterbury Bankstown නගර සභා කලාපය
- Eastern part of City of Sydney නගර සභා කලාපය (Sydney, Surry Hills, Darlinghurst, Woolloomooloo, Potts Point, Rushcutters Bay, Elizabeth Bay, Centennial Park යන උප නගර ඇතුළුව)
- Fairfield නගර සභා කලාපය
- Guildford උප නගරය
- Hornsby Shire කලාපය
- The Hills නගර සභා කලාපය
- Liverpool නගර සභා කලාපය
- Merrylands උප නගරය
- Parramatta නගර සභා කලාපය
- Woollahra නගර සභා කලාපය

නිව් සවුත් වේල්ස් කොරෝනා ආසාදනයන්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ අනුපාතය පිළිබඳ ප්‍රාන්ත බලධාරීන් ඉතා සැලකිලිමත් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
බටහිර සහ නිරිතදිග සිඩ්නි කලාප ඒ අතරින් සුවිශේෂී බව ඇය අවධාරණය කළාය.
"පසුගිය සති හය හෝ හත අපට හැකි උපරිමයෙන් කොරෝනා පැතිරීම පාලනය කිරීමට අප උත්සාහ ගත්තා, ඇත්ත වශයෙන්ම එය දැවැන්ත ප්‍රජා උත්සාහයක්" යනුවෙන් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනීය සඳහන් කළාය.
අප අපේක්ෂා කළ අවසානයේ කෙළවර සිටියත් අප සම්පූර්ණයෙන් ම තවමත් මෙම වසංගතයෙන් මිදී නොමැති බවද ඇය අවධාරණය කළාය.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර ඒ සමගම කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,802 කි.
අලුතින් වාර්තා වූ ආසාදිතයින් තිදෙනා ගෙන් එක් අයෙකු විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවත් සෙසු දෙදෙනා මීට පෙර වාර්තා වූ ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් බවත් වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 54 කි.

