ඔස්ට්‍රේලියාවේ PR ගන්න ටස්මේනියාවෙන් අයදුම්කරනවානම් අගෝස්තු 25 න් පසුව සිදුවූ නවතම සංශෝධනය මෙන්න (SBS සිංහල/ වාර්තා)

Migration

Visas Source: Flickr

ටස්මේනියා ප්‍රාන්තය සිය ප්‍රාන්තයට යොමු කෙරෙන Skilled වීසා සඳහා අතුරු වීසා නාමයෝජනා වෙන් කිරීමක් (Interim visa nomination allocations) සහ එම අයදුම්පත් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ආකාරය පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


2020 අගෝස්තු සිට ඔක්තෝබර් කාලය දක්වා මෙය ක්‍රියාත්මක කෙරෙන බවද ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
migration tasmania
Source: Facebook

මෙයින් සංශෝධනය වී ඇත්තේ කුමක්ද?

491, 190, 188 සහ 132 යන වීසා ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකට ම හා ටෙරිටරියකටම අතුරු වීසා නාමයෝජනා වෙන් කිරීමක් (Interim visa nomination allocations) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.

එළඹෙන ඔක්තෝබර් 06 දින 2020/21 වසර සඳහා ඉදිරිපත් කෙරෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය තෙක් මෙම අතුරු වීසා නාමයෝජනා වෙන් කිරීම ක්‍රියාත්මක කෙරේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඔස්ට්‍රේලියාවේ ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අදාළ වීසා අයදුම්කරුවන් දක්වන දායකත්වය මත එම සියලු nominations සාධාරණීකරණය විය යුතු අතර ඒ සඳහා පහත සඳහන් ප්‍රමුඛතා තුන අනුගමනය කළ යුතුය:

  • 188 සහ 132 වීසා උප ඛාණ්ඩ වල (ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජන වැඩසටහන) නාමයෝජනා අයදුම්පත්.
  • කොරෝනා වසංගතය උදෙසා ටස්මේනියාව ප්‍රතිචාර දක්වන ක්‍රියාවලියට සහාය දැක්වීමට හැකි තීරණාත්මක අයදුම්කරුවන්. (මේ සඳහා තීරණාත්මක හෝ විශේෂඥ සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හෝ බෙදාහැරීම් අංශයේ සේවා සපයන වෘත්තීන් ඇතුළත් වේ.)
  • ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථවත් ලෙස දායක වීමේ හැකියාව පෙන්නුම් කරන මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින අයදුම්කරුවන්.
These interim allocations will be updated after the Budget is handed down in October.
These interim allocations will be updated after the Budget is handed down in October. Source: AAP

මෙම සංශෝධනය වීසා අයදුම්කරුවන්ට බලපාන්නේ කෙසේද?

අගෝස්තු 25 ට පෙර හෝ පසුව ටස්මේනියා ප්‍රාන්තයට ඉහත වීසා ඛාණ්ඩ වල අයදුම්පත් යොමු කරන සියලුම අයදුම්කරුවන්ට ඉහත සඳහන් කළ ප්‍රමුඛතවලට මුහුණ දිය යුතුය.

ඒ අනුව මේ වන විට ටස්මේනියා ප්‍රාන්තයට අවශ්‍ය තීරණාත්මක වෘත්තීන් සඳහා පමණක් මෙම කාලයේදී State Nomination ලබා දෙනු ඇත.

එසේ තීරණාත්මක වෘත්තීන් නොවන අයදුම්කරුවන් ගේ අයදුම්පත් සලකා බලන්නේ තීරණාත්මක වෘත්තීන් සඳහා වූ ප්‍රමුඛතා අයදුම්පත් සලකා බැලීමෙන් පසුව පමණි.

මේ අතර තීරණාත්මක වෘත්තීන් නොවන අයදුම්කරුවන් ගේ අයදුම්පත් පිළිබඳ තීරණ ඔක්තෝබර් වන තෙක් නිකුත් නොකෙරේ.

නුදුරේදී වීසා කල් ඉකුත්වීම මෙම අයදුම්පත් සලකා බැලීමේදී ප්‍රමුඛතාවය දීමට හේතුවක් නොවන බවද ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
Australia offers many pathways to attain permanent residency through its skilled migration programs.
優才移民計劃吸納人才移民到澳洲 Source: Getty Images

තීරණාත්මක වෘත්තීන් යනු මොනවාද?

තීරණාත්මක නිපුණතාවන් සහ වෘත්තීන් (Critical skills and sectors) මොනවාද යන්න පිළිබඳ මෙම වෙබ් යොමුවෙන් බලාගත හැකිය.
Sinhala infographic - How to where a mask
Source: SBS

අගෝස්තු 25 ට පසු යොමු කෙරුණු 491 හා 190 වීසා උප ඛාණ්ඩ වල අයදුම්පත් සඳහා කුමක් සිදුවේද?

අගෝස්තු 25 ට පසු යොමු කෙරුණු සියලුම අයදුම්පත් ඒ ඒ අයදුම්කරුවන් තෝරාගත් nomination category යේ අවම අවශ්‍යතා සපුරාලිය යුතු අතර කොරෝනා වසංගතය උදෙසා ටස්මේනියාව ප්‍රතිචාර දක්වන ක්‍රියාවලියට සහාය දැක්වීමට හැකි තීරණාත්මක සුදුසුකම් ඇති බව පෙන්විය යුතුය.

ටස්මේනියා ප්‍රාන්තයේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හෝ බෙදාහැරීම් අංශයේ සේවා සැපයීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉතා වැදගත් වන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් අයදුම්කරුවන් තම සේවායෝජකයාගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

තමන්ගේ අයදුම්පත ටස්මේනියා ප්‍රාන්තයේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා තීරණාත්මක එකක් වන බවට සනාත කිරීමට අපහසු වුවහොත් ඒ සඳහා nomination එකක් නොලැබෙනු ඇත.

එළඹෙන ඔක්තෝබර් 06 දින 2020/21 වසර සඳහා ඉදිරිපත් කෙරෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැයෙන් පසුව මෙම අවශ්‍යතා සහ ක්‍රියාවලිය පිළිබඳ යළි සමාලෝචනය කෙරේ.

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ PR ගන්න ටස්මේනියාවෙන් අයදුම්කරනවානම් අගෝස්තු 25 න් පසුව සිදුවූ නවතම සංශෝධනය මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala