ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ දෙවැනි ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.

2020 අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටය
2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 110 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 90 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2300 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 92% ක කප්පාදුවකි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු
Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා මධ්‍යම රජයේ අය - වැය තවමත් ප්‍රකාශයට පත් නොකළ නිසා 2020/21 නව මුල්‍ය වර්ෂයේ සංක්‍රමණික සැලැස්මේ මට්ටම් (Migration Planning levels) පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබීමද තවත් හේතුවකි.
ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂය සඳහා වන සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් තීරණය කරනු ලබන්නේ නව මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැයෙනි.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය ඔක්තෝබර් 06 වන දිනට කල් දැමිණි.
ඒ අනුව 2020/21 වසර සඳහා සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් ඔක්තෝබර් 06 වන දිනෙන් පසුව නිවැරදිව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

IT සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය ජූලි මාසයේදී නිකුත් කළ ආරධනා පත්‍ර වටයේදී ද IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොතිබුණි.
ඉංජිනේරු වෘත්තීන් සඳහා ද මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බව පෙනී යයි.


