Facebook සහ Instagram හරහා ප්‍රවෘත්ති හුවමාරු කර ගැනීම ඔස්ට්‍රේලියානුවාසීන්ට තහනම් කරන බවට Facebook සමාගමෙන් තර්ජනයක් (SBS සිංහල/ වාර්තා)

Facebook threatens to ban Australians from sharing news

Source: Pixabay

Facebook සහ Instagram හරහා ප්‍රවෘත්ති හුවමාරු කර ගැනීම ඔස්ට්‍රේලියානුවාසීන්ට තහනම් කරන බවට Facebook සමාගම තර්ජනය කරයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

Facebook සමාගමේ විධායක Will Easton මේ බව දැනුම් දී තිබේ.
Facebook CEO Mark Zuckerberg
Facebook CEO Mark Zuckerberg Source: AAP

Facebook තර්ජනය

මාධ්‍ය සමාගම් විශාල තාක්‍ෂණය සමඟ ගනුදෙනු කරන ආකාරය පාලනය කිරීමට ඔස්ට්‍රේලියාව දරන ලොව ප්‍රථම උත්සාහය නීතියක් බවට පත් වුවහොත් ඔස්ට්‍රේලියානුවන්ට Facebook සහ Instagram හි ප්‍රවෘත්ති අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම අවහිර විය හැකි බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ යෝජිත නීතියකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස Facebook සමාගම මෙය පවසා තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය වල අන්තර්ගතයන් භාවිතා කරනවා නම් ඒවාට මුදල් ගෙවීමට Facebook සහ Google වෙත බල කෙරෙන නීතියක් ඔස්ට්‍රේලියාව විසින් යෝජනා කර ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අනුගමනය කරනු ලබන චර්යාධර්ම පද්ධතියක් හේතුවෙන් සමාජ මාධ්‍ය ජාල සහ ප්‍රවෘත්ති සංවිධාන අතර ඇති සම්බන්ධතාවය නොසලකා හැර ඇති බව Facebook සමාගමේ විධායක Will Easton පැවසීය.

"මෙම යෝජිත කෙටුම්පත නීතියක් බවට පත්වේ යැයි උපකල්පනය කරමි. එසේ වුවුඅහොත්, Facebook සහ Instagram හි දේශීය හා ජාත්‍යන්තර ප්‍රවෘත්ති අන්තර්ගතයන් හුවමාරු කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රකාශකයින්ට සහ පුද්ගලයින්ට අපි ඉඩ ලබා නොදෙන්නෙමු." යනුවෙන් Facebook සමාගමේ විධායක Will Easton නිවේදනයක් නිකුත් කරමින් අද (01/09) පැවසීය.

"මෙය අපගේ පළමු තේරීම නොවේ, එය අපගේ අවසන් තේරීමයි" යනුවෙන්ද ඔහු එහි සඳහන් කර ඇත.
Facebook threatens to ban Australians from sharing news
Source: Pixabay
තර්කනයට පටහැනි හා හානියක් වන ප්‍රතිපලයකින් ආරක්ෂා වීමට ඇති එකම ක්‍රමය එය බවද Facebook සමාගමේ විධායක Will Easton එම නිවේදනයේ  වැඩි දුරටත් පවසා තිබේ.

Google සෙවුම් වලට හා YouTube භාවිතය සඳහා ඔස්ට්‍රේලියානුවන් හට පිවිසීමට බාධා පමුණුවන බවට Google සමාගම ද ඔස්ට්‍රේලියානු රජයට රතු එළි නිකුත් කර තිබේ.
Facebook threatens to ban Australians from sharing news
Source: Pixabay

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කරයි

Facebook සමාගම විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg ප්‍රතික්ෂේප කර තිබේ.

“තර්ජන” වලට මේ සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය යටපත් කිරීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

"ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ඉදිරියට යන නීති සම්පාදනය කරයි. කොතැනින් ආවත් බලහත්කාරයෙන් හෝ දැඩි තර්ජනයන්ට අපි ප්‍රතිචාර නොදක්වමු." යනුවෙන් භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.

මෙම යෝජිත නීති සංශෝධන මගින් වඩාත් තිරසාර මාධ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමට සහ මුල් (original) අන්තර්ගතයන් සඳහා ගෙවීම් කිරීමට මාර්ගය සලසන බව ඔහු එහි වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
Treasurer Josh Frydenberg at a press conference at Parliament House in Canberra, Monday, July 6, 2020. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Federal Treasurer - Josh Frydenberg Source: AAP

විසඳුම අපේක්ෂිත ප්‍රතිඑලයට විරුද්ධ ප්‍රතිඑලයක් ගෙන දෙයි

ආර්ථික වශයෙන් අර්බුදකාරී ප්‍රවෘත්ති සංවිධානවලට සහාය දැක්වීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඉලක්කයට Facebook සහාය දැක්වූ නමුත් එහි විසඳුම අපේක්ෂිත ප්‍රතිඑලයට විරුද්ධ ප්‍රතිඑලයක් ගෙන දුන් බව Facebook සමාගමේ විධායක Will Easton පැවසීය.

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සමාගම් නිසා Facebook සමාගමට වැඩි ප්‍රතිලාභ අත්වූ බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වැරදි උපකල්පනයක් සිදුකර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

නමුත් සත්‍ය ලෙසම සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත බවද ඔහු පැවසීය.

වසරේ පළමු මාස 5 තුළ Facebook විසින් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට බිලියන 2.3 ක් නොමිලේ “ක්ලික් කිරීම්” යැවූ බවත් ඒ හරහා ඩොලර් මිලියන 200 ක් පමණ වටිනා පරිශීලකයින් ගේ අන්තර්ජාල තදබදයක් ඇති කළ බවත් පැවසේ.

Facebook දැනටමත් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සඳහා ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කර ඇති අතර ඊටත් වඩා ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇති බව ද Facebook සමාගමේ විධායක Will Easton පැවසීය.

ලොව කිසිදු ව්‍යාපාරයක් මෙවැනි අන්දමේ පක්ෂකපාතී ලෙස ඉදිරියට කරගෙන යාමට නොහැකි බවද ඔහු පැහැදිලි කර ඇත.

මේ අතර Facebook සහ Google විසින් කරන ලද පැමිණිලිවල පදනම ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම ප්‍රශ්න කර තිබේ.
Sinhala infographic - How to where a mask
Source: SBS

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service