වික්ටෝරියානු ප්‍රාන්තයේ lockdown නීති ලිහිල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙල වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් පසුගිය ඉරිදා (06/09) ප්‍රකාශ කළේය.
මෙම සැලැස්ම අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ ප්‍රාදේශීය වික්ටෝරියා කලාප වල අදියර 5 ක් යටතේ කොරෝනා මැඬලීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට දැනට ක්‍රියාත්මක සිව්වන මට්ටමේ lockdown නීති තවත් සති දෙකක කාලයක් දීර්ග කර තිබේ.
සැප්තැම්බර් 28 වන වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30 ත් 50 ත් අතර වනවා නම් පමණක් දැනට පවතින 4 වන මට්ටමේ lockdown නීති මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් ඉවත් කෙරේ.
මෙම සැලසුම එළිදැක්වීමත් සමග බොහෝ වැසියන්ට ඒ සම්බන්ධව යම් යම් ප්‍රශ්න මතුවී ඇත.
එසේ මතුවූ පොදු ගැටළු කිහිපයකට විසඳුම් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

කිලෝ මීටර් 5 නීතිය ඉදිරියේදී අදාළ වන්නේ කෙලෙසද?
තම නිවසේ සිට කිලෝ මීටර් 5 කට එහා දුරකට යාමට ඔක්තෝබර් 26 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් වැසියන්ට අවසර නොලැබේ.
නමුත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වැසියන්ට මෙම නීතිය සැප්තැම්බර් 13 මධ්‍යම රාත්‍රී 12 න් පසුව ඉවත් කෙරේ. එනමුත් අවසර ලැබූ රැකියා කරන්නන් හට, සෞඛ්‍ය සේවා ලබා ගැනීමට, යමෙකු රැක බලාගැනීමට හෝ සානුකම්පිත හේතු මත කිලෝ මීටර් 5 කට එහා දුරකට ගමන් කිරීමට අවසර ලැබේ.
ඒ අනුව විශේෂයෙන් වෛද්‍යවරයා හමුවීමට හෝ සෞඛ්‍ය පරීක්ෂණ කරගැනීමට හෝ වෛද්‍ය සායන සඳහා සහභාගී වීමට එම කිලෝ මීටර් 5 නීතිය අදාළ නොවේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම ඔබේ සුරතල් සත්ත්වයා පශු වෛද්‍යවරයා වෙත ගෙන යාමට අවශ්‍යනම් එම කිලෝ මීටර් 5 නීතිය අදාළ නොවේ.
නමුත් ඔබේ නිවසේ සිට කිලෝ මීටර් 5 ක් ඇතුළත දුරින් ඔබ ව්‍යායාම් කරනවානම් කළ යුතු වේ.
කිලෝ මීටර් 5 නීතිය සම්බන්ධව වැඩි දුර තොරතුරු මෙතනින් ලබාගත හැකිය.

භාණ්ඩ මිලදී ගැනීමට තවමත් නිවසකින් යා හැක්කේ එක් අයෙකුට පමණද?
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් හා වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල එක් නිවසකින් එක් අයෙකු සඳහා පමණක් භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් පිටතට යාමේ නීතිය තවමත් වලංගු වේ.
නමුත් ළමුන් හෝ ඔබගෙන් යැපෙන යම් පුද්ගලයෙකු නිවසේ තනිව තබා යාමට අපහසු නම් ඔවුන්ව තමන් සමග රැගෙන යාමට අවසර ලැබේ.
මෙම නීතිය මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඔක්තෝබර් 26 තෙක් බලාත්මක වේ.
ඔක්තෝබර් 26 ට සති දෙකකට පෙර සිට දෛනිකව අළුතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5 ක් හෝ ඊට අඩුනම් ඔක්තෝබර් 26 න් පසුව ඇරඹෙන තුන්වන අදියරේදී මෙම නීතිය ඉවත් කෙරෙනු ඇත.
නමුත් සැප්තැම්බර් 13 මධ්‍යම රාත්‍රී 12 න් පසුව වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වැසියන්ට භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් ඕනෑම ප්‍රමාණයකට පිටතට යා හැකිය.
නමුත් ඇඳිරි නීතිය සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයටම සැප්තැම්බර් 13 න් පසුව සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අළුයම 5 දක්වා බලාත්මක වේ.

තනිකඩව ජීවත් වන පුද්ගලයින්ට තමන්ගේ සමීපතමයෙකු නිවසට ගෙන්වා ගැනීමට ඉඩ තිබේද?
වර්තමාන කොරෝනා නීති යටතේ ඔබ අසනීප හෝ වැඩිහිටි ඥාතියෙකු රැකබලා ගන්නේ නම් ඔබේ නිවසේ සිට කිලෝමීටර් පහක් ඔබ්බට ගමන් කිරීමට ඔබට අවසර ඇත.
නමුත් සෑම අවසථාවකදීම මීටර් 1.5 ක පුද්ගල දුරස්ථභාවය තබාගැනීමට අමතක නොකළ යුතු අතර මුව ආවරණයක් පැළදීමද සිදුකළ යුතුය.

දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන යළි විවෘත කරන්නේ කෙදිනද?
අත්‍යවශ්‍ය නොවන දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට අවසර නැත.
නිරන්තර දත් පරීක්ෂාවන්, වේදනාවක් හෝ ලේ ගැලීමක් හෝ ඉදිමීමක් හෝ නොමැතිනම් දත් සඳහා ප්‍රතිකාර ගැනීම ඊට ඇතුළත් වේ.
මෙල්බර්න් හි Royal Dental රෝහලේ හදිසි දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ ප්‍රාන්තය පුරා තෝරාගත් ප්‍රජා මූලික දන්ත වෛද්‍ය සේවාවන් ලබාගැනීමට වික්ටෝරියානු වැසියන්ට අවසර ඇත.
මෙම අවස්ථාවෙහිදී දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන යළි විවෘත කරන්නේ කෙදිනද යන්න පැහැදිලි නැත.

මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන්නේ කවදා සිටද?
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වලා කොරෝනා වයිරසය පැතිරීම නැවැත්වීම සඳහා මුව ආවරණ අත්‍යවශ්‍ය යැයි සැලකේ.
එනිසා මේ අවස්ථාව වන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය නීතිය නැවැත්වීමේ කිසිදු සූදානමක් නොමැත.

වෙනත් අයෙකු ගේ නිවසේ රාත්‍රියක් ගත කළ හැකිද?
ඔක්තෝබර් 26 සිට ක්‍රියාත්මක වීමට නියමිත තුන්වන අදියරේදී ඔබට තම නිවසට අමුත්තන් 5 දෙනෙකු ගෙන්වා ගැනීමට අවකාශ ලැබේ.
එම පුද්ගලයින් පස්දෙනාට කොපමණ කාලයක් ඔබේ නිවසේ ගත කළ හැකිද, නැතහොත් ඔවුන්ට රාත්‍රිය ගත කළ හැකිද යන්න පිළිබඳ එළිදැක්වූ සැලසුමේ පැහැදිලිව සඳහන් කර නොමැත.
නමුත් තෙවන පියවර යටතේ, වාණිජ නවාතැන් සපයන්නන්ට නැවත විවෘත කිරීමට අවසර දී ඇත.


