සිඩ්නි කලාපයේ මේ ස්ථාන වලට ගිය පුද්ගලයින්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙස NSW Health වෙතින් හදිසි කොරෝනා නිවේදන (SBS සිංහල/ වාර්තා)

People wear face masks at the Sydney Opera House in Sydney.

People wear face masks at the Sydney Opera House in Sydney. Source: AAP Image/Steven Saphore

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිඩ්නි කලාපයේ ස්ථාන ගණනාවකට හදිසි කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

ඒ අනුව එම ස්ථාන වලට අදාළ දිනවල අදාළ වේලාවන් වල ගිය පුද්ගලයින් හට මෙලෙස කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකර ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එලෙස අදාළ ස්ථාන වල ගැවසුණු ඇතැම් පුද්ගලයින්ට දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙසත් තවත් පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂාවන් සිදු කරගන්නා ලෙසත් ඇතැමුන්ට කොරෝනා රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
Martin Gaspari from St John Ambulance working at a coronavirus drive through testing clinic in Sydney.
Source: SBS

Oatlands Golf Club සහ Paperboy Cafe

සැප්තැම්බර් 4 වන දින පස්වරු 6.30 - රාත්‍රී 8.45 අතර Oatlands Golf Club හි Bettington ප්‍රධාන ආහාර ශාලාවේ Bavarian Night Dinner වෙත සහභාගී වූ සියලුම පුද්ගලයින් කොරෝනා ආසාදිතයෙකු සමග සමීපව ගැවසුණු පුද්ගලයෝ ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ.

එම පුද්ගලයින්ට වහාම දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙසත් කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙසත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එමෙන්ම සැප්තැම්බර් 6 වන දින පෙරවරු 10 - මධ්‍යහන 12 අතර සිඩ්නි කලාපයේ Concord හි Tennyson මාර්ගයේ පිහිටා ඇති Paperboy Cafe ගිය සියලුම පුද්ගලයින්ටද වහාම දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙසත් කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙසත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර තිබේ.
A woman wearing a face mask as a preventative measure against coronavirus COVID-19 walks in front of the Sydney Harbour Bridge in Sydney.
A woman wearing a face mask as a preventative measure against coronavirus COVID-19 walks in front of the Sydney Harbour Bridge in Sydney. Source: AAP

තවත් කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කළ ස්ථාන

ඒ ඒ දින සහ වේලාවන් වලදී පහත සඳහන් ස්ථාන වෙත ගිය සියලුම පුද්ගලයින් කොරෝනා ආසාදිතයෙකු සමග සමීපව ගැවසුණු පුද්ගලයෝ ලෙස සලකන අතර වහාම දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙසත් කොරෝනා රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් රෝග ලක්ෂණ මතුවුවහොත් කොරෝනා පරීක්ෂාවන් සිදු කරගන්නා ලෙසත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Kmart Stanhope Gardens ඇතුළුව Stanhope Village Shopping Centre: සැප්තැම්බර් 7 වන දින පෙරවරු 8.30 - 9.30 අතර

Clovelly Hotel: සැප්තැම්බර් 5 වන දින පස්වරු 12.45 - 1.45 අතර

Target Rouse Hill ඇතුළුව Rouse Hill Town Centre: සැප්තැම්බර් 5 වන දින පස්වරු 12.30 - 1.30 අතර

Fitness First Maroubra, 737 Anzac Parade Maroubra: සැප්තැම්බර් 5 වන දින පෙරවරු 8.00 - මධ්‍යහන 12 අතර

Charles St Kitchen, 78 Charles St Putney: සැප්තැම්බර් 5 වන දින පෙරවරු 10.45 - 11.30 අතර

Eastwood Ryde Netball Association, Meadowbank Park, Adelaide St West Ryde: පස්වරු 12.15 - 1.30 අතර

Missing Spoon Café, 8 Railway Ave Wahroonga: සැප්තැම්බර් 5 වන දින පස්වරු 4.45 - 5.30 අතර

Croydon Park Pharmacy, 172 Georges River Rd Croydon Park: සැප්තැම්බර් 3 වන දින පස්වරු 1.00 - 2.00 අතර

Plus Fitness Epping: සැප්තැම්බර් 5 වන දින පෙරවරු 9.00 - 10.15 අතර
how to where a mask
. Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සිඩ්නි කලාපයේ මේ ස්ථාන වලට ගිය පුද්ගලයින්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙස NSW Health වෙතින් හදිසි කොරෝනා නිවේදන (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala