ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වල ලිංගික හිරිහැර කළමනාකරණය කරන ආකාරයෙහි විශාල වෙනස්කම් ඉල්ලා නව මාර්ගෝපදේශ වාර්තාවක් සකසා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ සඳහා ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ප්‍රධානීන් 250 කට වැඩි පිරිසක් අත්සන තබා ඇත.

ලිංගික හිරිහැර කළමනාකරණය කිරීමේ වාර්තාව
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වල ලිංගික හිරිහැර කළමනාකරණය කිරීමේ මාර්ගෝපදේශ ඇතුළත් මෙම වාර්තාව Male Champions of Change coalition (MCC) විසින් අද (10/09) එළිදැක්වීය.
පිරිමි ප්‍රධාන විධායක නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිය ගණනකගේ වසර දෙකක උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්වේ.
සේවා ස්ථාන වල ලිංගික හිංසනය වැළැක්වීම සඳහා එම සේවා ස්ථාන වල ප්‍රධානීන් ප්‍රමුඛස්ථානයක් දිය යුතු බව MCC හි නිර්මාතෘ Elizabeth Broderick, SBS පුවත් සේවයට පැවසුවාය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ලිංගික හිංසනය, සාමාන්‍යයෙන් සේවා ස්ථානයක කුඩා දුක්ගැනවිල්ලක් හෝ පැමිණිල්ලක් ලෙස සැලකිය හැකි දෙයක් යැයි ඔබ සිතන්නේ නම්, ඔබ නැවත සිතා බැලිය යුතු බව ඇය අවධාරණය කළාය.
"මෙම ගැටළු සඳහා ආයතනවල ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අවධානය අවශ්‍ය වෙනවා. එම පණිවුඩයට අවනත නොවන අයට ඔවුන් අතීතයේ අත් නොවිඳි ආකාරයේ පරීක්ෂාවක් ඇති බව දැන් වැටහෙනු ඇති" යනුවෙන් Elizabeth Broderick වැඩි දුරටත් පැහැදිලි කළාය.

ප්‍රධාන නිර්දේශ පහක්
පහත සඳහන් නිර්දේශ ත්‍රිත්වය ඇතුළුව MCC විසින් මේ සම්බන්ධව ප්‍රධාන නිර්දේශ පහක් ඉදිරිපත් කර ඇත.
- ලිංගික හිංසනයන්සේ, සේවා ස්ථානයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ලෙස සැලකීම.
- non-disclosure agreements හෙවත් අනාවරණය නොකිරීමේ ගිවිසුම් භාවිතය අඩු කිරීම.
- ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම.
මේ හරහා අනිවාර්යයෙන්ම වින්දිතයාට වැඩි හඬක් ලබා දීමක් සිදුවන අතරේ ලිංගික හිංසන, සේවා ස්ථාන වල වැළක්විය යුතු ක්‍රියාවලියක් ලෙස හඳුනා ගැනීම සිදුවන බව MCC හි නිර්මාතෘ Elizabeth Broderick, SBS පුවත් සේවයට පැවසුවාය.
රටක් ලෙස ඔස්ට්‍රේලියාව සහ එහි සමාගම් ඒ සම්බන්ධව ඇති කතන්දරවලට සවන් දීමෙන් ඉගෙන ගනීවී යනුවෙන් ද ඇය පැවසුවාය.
සේවා ස්ථාන වල සිදුවන ලිංගික හිංසන පිළිබඳ මෙම වාර්තාව වඩා වෙනස් ප්‍රවේශයක් ගෙන ඇති බව Manufacturing Australia හි සභාපති James Fazzino පැවසීය.
සේවා ස්ථාන වල සරළ වෙනස් කම් කරමින් මෙම කාරණාව ජයගැනීමට හැකි බව MCC වාර්තාව අරමුණු කරගෙන ඇති බව ලිංගික වෙනස්කම් කිරීම පිළිබඳ කොමසාරිස් Kate Jenkins පැවසුවාය.
MCC නිර්දේශ සඳහා තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඇය ප්‍රකාශ කළාය.

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වල ලිංගික හිංසන
පසුගිය වසර 5 තුළ තමන් සේවා ස්ථාන වල ලිංගික හිංසනයන්ට මුහුණ දුන් බව සෑම ඔස්ට්‍රේලියානු සේවකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුම පැවසු බව 2018 AHRC සමීක්ෂණය පෙන්වා දෙයි.
නමුත් ඒ සම්බන්ධව පැමිණිලි කර ඇත්තේ ඔවුන්ගෙන් 17% ක් පමණි.
මෙම MCC වාර්තාව හරහා ලිංගික හිංසනයන්ට මුහුණ දුන් තවත් පුද්ගලයින් ඉදිරියට පැමිණීම දිරිගන්වනු ඇතැයි ලිංගික වෙනස්කම් කිරීම පිළිබඳ කොමසාරිස් Kate Jenkins බලාපොරොත්තු වේ.


