කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ තුන්වැනි අදියරට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප එළඹෙන බ්‍රහස්පතින්දා (17/09) සිට මුහුණ දෙනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ ද ඇතැම් කොරෝනා නීති මේ වන විට ලිහිල් කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් කිරීම
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ තුන්වැනි අදියරට යාම සඳහා දින 14 ක කාලයක් තුළදී දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 5 ට වඩා අඩුවිය යුතුය.
ඊට අමතරව ඒ සියලු ආසාදිතයින්ට වයිරසය වැළඳුනු මූලය සොයාගත යුතුය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
පසුගිය දින 14 තුළ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 3.6 ක් වන අතර ඒ සියලු ආසාදිතයින්ට වයිරසය වැළඳුනු ආකාරය පිළිබඳවද සොයාගෙන ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ඒ අනුව සැප්තැම්බර් 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් වන්නේ පහත අයුරිනි.

නිවසින් බැහැරව යාම
නිවසින් බැහැරව යාම සම්බන්ධව කිසිදු නීතියක් හෝ සීමාවක් නොමැත.
ඔබට කැමති වාර ගණනක් කැමති වේලාවක් නිවසින් බැහැරව යා හැකිය.
නමුත් එළිමහනේ ඔබට හමුවිය හැකි උපරිම පිරිස 10 ක් වන අතර විශාල ප්‍රමාණයේ සාද තහනම්ය.
ඔබ විසින් නම් කරන එක් නිවසක් සමග ඔබට household bubble එකක් නිර්මාණය කරගත හැකිය.
එම නම් කරන ලද නිවසේ සිට පස් දෙනෙකු දක්වා ඔබේ නිවසට පැමිණිය හැකිය.
ආපන ශාලා සහ අවන්හල්
ආපනශාලා සහ අවන්හල් වල පුද්ගලයින් 10 ක් දක්වා කණ්ඩායම් වශයෙන් අසුන් ගෙන ආහාර පාන ගත හැකිය.
නමුත් එයපුද්ගල ඝනත්ව සීමාවන්ට යටත් වන අතර පනවනු ලබන ආසන බොහෝ දුරට එළිමහනේ වනු ඇත.
සියලුම වෙන් කිරීම් සඳහා පැය දෙකක කාල සීමාවක් පවතින බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
පුද්ගලයෙකුට වර්ග මීටර් 4 ක නීතියට යටත්ව අභ්‍යන්තරයේ අසුන්ගත හැකි අමුත්තන් 10 කට සීමා වේ.
එමෙන්ම පුද්ගලයෙකුට වර්ග මීටර් 2 ක නීතියට යටත්ව එළිමහනේ අසුන්ගත හැකි අමුත්තන් උපරිම 50 කට සීමා වේ.
මේස එකිනෙක මීටර් 1.5 ක දුරකින් තැබිය යුතුය.

සිල්ලර ව්‍යාපාර, දේපළ වෙළෙඳාම් සහ රූපලාවන්‍ය ව්‍යාපාර
සියලුම වෙළෙඳ සැල් විවෘත කළ හැකිය.
කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන, පච්ච කොටන ස්ථාන සහ රූපලාවන්‍ය සේවා නැවත ආරම්භ කළ හැකි නමුත් එම සේවා සැපයීම අතරේ මුව ආවරණය කරගෙන සිටිය යුතුය.
දේපල වෙළඳාම් නියෝජිතයින්ට private inspections පැවැත්විය හැකි අතර එළිමහනේ වෙන්දේසි පැවැත්විය හැකිය.
වික්ටෝරියා වටා ගමන් කිරීම
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල ජනතාවට වෙනත් ප්‍රාදේශීය කලාප වලට සංචාරය කිරීමට අවසර ඇති අතර එම ප්‍රදේශ වල නවාතැන් වෙන්කරවා ගත හැකිය.
නමුත් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප යන දෙකම එකම කොරෝනා නීති අදියරකට පැමිණෙන තෙක් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල ජනතාවට මෙල්බර්න් වෙත යාමට අවසර නැත.
මංගල සහ අවමංගල උත්සව
පූජකවරයා නොමැතිව උපරිම පුද්ගලයින් 10 දෙනෙකු දක්වා මංගල උත්සවයකට සහභාගී විය හැකිය.
එම පුද්ගලයින් 10 දෙනාට විවාහ යුවල සහ සාක්ෂිකරුවන් ද ඇතුළත් වේ.
අවමංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම පිරිස 20 ක් වන නමුත් අවමංගල්‍ය කටයුතු පැවැත්වීමට අවශ්‍ය පුද්ගලයින් සහ ළදරුවන් එම සීමාවට ඇතුළත් නොවේ.
ආගමික උත්සව තවමත් ගෘහස්ථව පැවැත්වීමට අවසර නැති නමුත් online විකාශය කිරීම සඳහා පූජකයින් හෝ ආගමික නායකයින් 5 දෙනෙකුට එක් රැස්විය හැකිය.
ක්‍රීඩා කිරීම් සහ ව්‍යායාම්
එළිමහන් skateparks සහ එළිමහන් trampolining මධ්‍යස්ථාන නැවත විවෘත කළ හැකිය.
Bootcamps සහ වෙනත් එළිමහන් යෝග්‍යතා කණ්ඩායම් 10 දෙනෙකු දක්වා පැවැත්විය හැකිය.
එළිමහන් කණ්ෂ්ඨ ක්‍රීඩාවට (පුද්ගල ස්පර්ශ වන සහ නොවන ක්‍රීඩා සඳහා) ද අවසර ඇත.
නමුත් වැඩිහිටියන්ට අවසර ඇත්තේ පුද්ගල ස්පර්ශ නොවන ක්‍රීඩා සඳහා පමණි.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ දැන් පනවා ඇති කොරෝනා නීති
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප සැප්තැම්බර් 17 සිට කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ තුන්වන අදියරට පා තබන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සිටින්නේ තවමත් පළමු අදියරේය.
මෙම අදියර සැප්තැම්බර් 13 දා සිට 27 දා දක්වා බලපැවැත්වේ.
සැප්තැම්බර් 13 වන ඉරිදා සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු අතර එය සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වේ.
එළිමහන් ව්‍යායාම කිරීමේ කාලය දිනකට පැය දෙකක් දක්වා වැඩි කෙරුණි.
තනිකඩව ජීවත් වන පුද්ගලයින්ට තමන්ගේ සමීපතමයෙකු නිවසට ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර එකිනෙකා බැලීමට යාමට හැකි වේ. මේ සඳහා මේ වන විට ක්‍රියාත්මක කිලෝමීටර් පහක නිතිය අදාළ නොවේ. නමුත් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සිමාව තුලදී එසේ යාම් හෝ ගෙන්වා ගැනීම් කල නොහැකි වේ.
ක්‍රීඩා පිටි නැවත විවෘත වේ.
පුද්ගලයන් දෙදෙනෙකුට එළිමහනේ ගැවසීමට අවසර ලැබේ. මෙය එකම පවුලේ සාමාජිකයින් හෝ වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු විය හැක.


