ඔස්ට්‍රේලියාව ඇතුළු ගෝලීය ජනගහනයෙන් කොටසක් පමණක් නියෝජනය කරන ධනවත් රටවල් මේ වන විටත් අපේක්ෂිත කොරෝනා එන්නත් තොගවලින් අඩකටත් වඩා මිලදී ගෙන ඇති බව අනාවරණය වෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ගෝලීය දරිද්‍රතාවය පිටුදැකීම කෙරෙහි අවධානය යොමු කරන ස්වාධීන පුණ්‍යායතන 20 ක එකතුවකින් සැදුම්ලත් Oxfam ආයතනයේ නවතම වාර්තාවක් මේ බව හෙළි කර තිබේ.

කොරෝනා එන්නත් තරගය
ලොව විශාල ඖෂධ නිපදවන සමාගම් සහ එන්නත් නිෂ්පාදකයින් කොරෝනා වයිරසයට එරෙහිව ඵලදායී එන්නතක් නිෂ්පාදනය කිරීමට තියුණු තරගයක නිරතව සිටියි.
කොරෝනා වයිරසයෙන් මේ වන විටත් ලොව පුරා ලක්ෂ 10 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන 30 ක් පමණ පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen පසුගිය බදාදා (16/09) මෙම "vaccine nationalism" හෙවත් “එන්නත් ජාතිකවාදයට” එරෙහිව අනතුරු ඇඟවූවාය.
අඩු ප්‍රතිශක්තියක් ඇති ජනතාව වෙසෙන දුප්පත් රටවල වැඩි ජීවිත අවදානමක් මේ හේතුවෙන් සිදුවිය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

අපේක්ෂිත කොරෝනා එන්නත් වලින් බාගයක්ම ලොව ධනවත් රටවලට
ඔස්ට්‍රේලියාව ඇතුළු ගෝලීය ජනගහනයෙන් 13% ක් පමණක් නියෝජනය කරන ධනවත් රටවල් මේ වන විටත් අපේක්ෂිත කොරෝනා එන්නත් තොගවලින් අඩකටත් වඩා මිලදී ගෙන ඇති බව Oxfam ආයතනයේ නවතම වාර්තාව අනාවරණය කරයි.
ජීවිතය ආරක්ෂා කරන එන්නතකට ප්‍රවේශ වීම රඳා පවතින්නේ ඔබ ජීවත් වන ස්ථානය හෝ ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය මත නොවන බව Oxfam America හි Robert Silverman පැවසීය.
ඕනෑම තැනක COVID-19 යනු COVID-19 බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට අවසාන අදියරේ අත්හදා බැලීම්වල යෙදී සිටින ප්‍රමුඛ පෙළේ කොරෝනා එන්නත් නිෂ්පාදකයින් පස් දෙනාට මෙම එන්නත් මාත්‍රා බිලියන 5.9 ක් සැපයිය හැකිය.
එම ප්‍රමාණය බිලියන තුනක පමණ ජනතාවක් එන්නත් කිරීම ට ප්‍රමාණවත් බව Oxfam වාර්තාව පවසයි.
එම එන්නත් වලින් 51% ක් පමණ ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, හොංකොං, මැකාවෝ, ජපානය, ස්විට්සර්ලන්තය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් ලෝකය විසින් පැහැරගෙන ඇති බවද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
ඉතිරි බිලියන 2.6 ක ප්‍රමාණය ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ මෙක්සිකෝව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට මිලදී ගැනීමට හෝ ඔවුන් වෙනුවෙන් නිපදවීමට හෝ අදහස් කර ඇත.
අඩුපාඩු ඇති බිඳුණු පද්ධතියක් මගින් ඒකාධිකාරී සහ ලාභ ආරක්ෂා කරනු ලබන මෙන්ම ධනවත් ජාතීන්ට වාසිදායක වන අන්දම මෙම ගණනය කිරීම් මගින් මනාව පැහැදිලි වන බව Oxfam Australia හි ප්‍රධාන විධායිකා Lyn Morgain පැවසුවාය.
කොරෝනා එන්නතක් සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ලෝක ජනගහනයෙන් වැඩි දෙනෙකුට බලා සිටීමට සිදුවීම මෙම ඒකාධිකාරයේ ප්‍රතිඵලයක් වනු ඇතැයිද ඇය පැහැදිලි කළාය.

Vaccine nationalism හෙවත් එන්නත් ජාතිකවාදය
හැකි ඉක්මනින් ලබන මාසයේ සිට කොරෝනා එන්නත් නිපදවීමට පටන් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසා තිබේ.
නමුත් එම කොරෝනා එන්නත 2021 වසරේ මැද භාගය වන තුරුම ලබාගත නොහැකි වනු ඇතැයි ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
නොවැම්බර් මස මුලදී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් නැවතත් තේරී පත්වීමේ උත්සාහයට Donald Trump කඩිනමින් කොරෝනා එන්නතක් අනුමත කරන ලෙස ඇමෙරිකානු රජයේ සෞඛ්‍ය නියාමකයින්ට සහ විද්‍යාඥයින්ට බලපෑම් කරන බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කනස්සල්ල පළ කර තිබේ.
මේ අතර අප කොහේ ජීවත් වුවද අප සතුව මොන දේ තිබුණද අප සියල්ලන්ම ආරක්ෂිත වන තුරු මේ ලොව කිසිවෙකු ආරක්ෂිත නොවනු ඇත යනුවෙන් යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen පැවසුවාය.
එන්නත් ජාතිකවාදය ජීවිත අවදානමට ලක් කරන අතර එන්නත් සහයෝගිතාව ජනතාව බේරා ගනී යනුවෙන්ද ඇය Vaccine nationalism හෙවත් එන්නත් ජාතිකවාදයට එරෙහිව හඬ නැගුවාය.

සියලු දෙනාටම පොදු කොරෝනා එන්නතක් සඳහා ඉල්ලීම්
සෑම කෙනෙකුටම ලබා ගත හැකි 'පොදු කොරෝනා එන්නතක්' ඉල්ලා සිටින සංවිධාන අතර Oxfam සංවිධානය ද ප්‍රමුඛ ස්ථානයක් ගනී.
නොමිලේ ලබා දිය යුතු එම එන්නත අවශ්‍යතාවය මත පදනම්ව සාධාරණ අන්දමින් බෙදා හැරිය යුතු බව Oxfam සංවිධානය පවසයි.
මෙය කළ හැකි වන්නේ පේටන්ට් බලපත්‍ර රහිතව තම දැනුම නිදහසේ බෙදා ගැනීමෙන් ඖෂධ සමාගම් විසින් එන්නත් නිපදවීමට ඉඩ ලබා දෙන්නේ නම් පමණක් බව ඔවුහු පෙන්වා දෙති.
ඖෂධ සමාගම්වලට ඔවුන්ගේ ඒකාධිකාරය සහ ලාභ ආරක්ෂා කර ගැනීමට ඉඩ දුන්නොත්, මානව ඛේදවාචක හා ආර්ථික හානිවලින් රජයන් මෙම අර්බුදය දීර්ග කරනු ඇතැයි Oxfam Australia හි ප්‍රධාන විධායිකා Lyn Morgain පැවසුවාය.
" කොරෝනා එන්නත සඳහා ලෝකයේ අවශ්‍යතාවය සපුරාලීමට කිසිම තනි ඖෂධ සමාගමකට කිසිදා නොහැකි වනු ඇත. පේටන්ට් බලපත්‍ර රහිතව ඔවුන්ගේ දැනුම බෙදාහදා ගැනීමටත්, සෑම කෙනෙකුම ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඉහළ නිෂ්පාදනයක් සිදුකර සාධාරණව ලොව පුරා බෙදාහැරීමටත් අප ඉල්ලනේ ඒ නිසයි." යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.
අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ එන්නතක් මිස ලාභ එන්නතක් නොවන බවද ඇය අවධාරණය කළාය.


