SKIP TO MAIN CONTENT

නැවත දැනුම් තුරු මෙල්බර්න් ඉඳන් regional Victoria ගියොත් $5,000 ක් දඩ කෑමට සිදුවන බවට ඔබ දැනුවත්ද? (SBS සිංහල/ වාර්තා)

Victoria Police will check motorists leaving the metropolitan Melbourne area.
Source: AAP

3 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

අද (16/09) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල බොහෝ කොරෝනා නීති ලිහිල් කිරීමක් සිදුවේ.

නමුත් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ තවමත් සිව්වන මට්ටමේ lockdown නීති ක්‍රියාත්මක වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


 

මේ අනුව අද සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වාසය කරන අයෙකු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට යාමට උත්සාහ කළහොත් විශාල දඩයක් පැනවීමට වික්ටෝරියානු පොලීසිය සූදානම්ව සිටී.

regional Victoria, step 3, COVID-19, restrictions
Kırsal Victoria, Melbourne'dan çok daha serbest. Source: Flickr

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට ගියොත් ලැබෙන දඩය

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ තුන්වැනි අදියරට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අද (16/09) මධ්‍යම රාත්‍රියේ සිට එළඹේ.

ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට වඩා වැඩි නිදහසක් එම ප්‍රදේශ වලට හෙට සිට අත් විඳිය හැකිය.

මේ හේතුවෙන් අද සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වාසය කරන අයෙකු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට යාමට උත්සාහ කළහොත් $4,957 ක දඩයකට යටත් වීමට සිදුවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට පුද්ගලයින් සංචාරය කිරීම නැවත්වීම සඳහා මෙම පියවර ගත් බව සඳහන්.

මෙම දඩය අදාළ වාහනයේ සිටින සියලුම වැඩිහිටියන්ට අදාළ වේ.

දුම්රිය හා බස් ඩිපෝ, caravan උද්‍යාන සහ බෝට්ටු ධාවනය කෙරෙන මාවත් සඳහා ද පොලීසිය යොදවනු ලබන අතර ඒවා මගින් ගමන් කරනු ලබන පුද්ගලයින් ගේ තොරතුරු සහ ගමන් කිරීමේ හේතු විමසා බැලෙනු ඇත.

Hefty new penalties will be introduced for Melburnians trying to enter regional Victoria.
Source: Victoria Police

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් කිරීම

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ තුන්වැනි අදියරට යාම සඳහා දින 14 ක කාලයක් තුළදී දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 5 ට වඩා අඩුවිය යුතු අතර ඒ සියලු ආසාදිතයින්ට වයිරසය වැළඳුනු මූලය සොයාගත යුතුය.

පසුගිය දින 14 තුළ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 3.6 ක් වන අතර ඒ සියලු ආසාදිතයින්ට වයිරසය වැළඳුනු ආකාරය පිළිබඳවද සොයාගෙන ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඒ අනුව අද (16/09) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් වන්නේ පහත අයුරිනි.

Victorian Premier Daniel Andrews.
Victorian Premier Daniel Andrews. Source: AAP

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට නොයන ලෙස ඉල්ලීමක්

මෙල්බර්න් වැසියන්ට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට නොයන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඉල්ලීමක් කරයි.

එලෙස හිතුමතේ අනවසරයෙන් මෙල්බර්න් නුවර සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට ඇතුළු වීම ඉතා බරපතල වැරද්දක් බව ඔහු අවධාරණය කළේය.

එම අනවශ්‍ය හා හිතුවක්කාර ගමන් බිමන් වලින් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට යළිත් වයිරසය රැගෙන යාමේ වැඩි ඉඩක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් ප්‍රාදේශීය මුරපොලවල් සෑම එකකටම පාහේ වික්ටෝරියානු පොලිස් නිලධාරීන් අනියුක්ත කෙරෙන අතර මෙම මෙහෙයුමට අතිරේක නිලධාරීන් ද යොදවනු ලැබේ.

how to where a mask
. Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now